හැමදාම හිනහෙමින්
කිරිපාට පෙන නැගුන
මහවැලිය මොකද මේ
මලානික ගුරු පැහැය...
වෙනදා මල් බරව
අතු බිමට නමාගත්
නුඹ මොකද මල් නැතත්
බිම දිහා බලාගෙන...
පාළුව මකත්ටද
කෝච්චිය “හූ“ කිව්වෙ
නුඹට බෑ කිසිදාක
කුරුළු ගී ගයන්නට...
මීදුමෙන් වසාගත්
හන්තානෙ සැගවුනත්
නුඹෙ මුවේ සිනා රැළි
නොමැකේවි කිසිදාක...
E/94/***
හිතට වදින කවි පෙළක්
ReplyDeleteකවුරු ලිව්වත් ලස්සන කවි පෙලක්...
ReplyDeleteපද්මේ අයියගේ කවියක්ද මන්දා...
අපූරු පද වැලක් ...
ReplyDelete