12/26/2014

සයිබර් විරුවෝ













උදේම නැගිටලා
මැසින් එක ඹන් කරලා
තරුණ දේශප්‍රේමියන්
රජෙක් හදන්නට පෙලගැසිලා

විරුද්ධ අදහසක් දුටු තැන
දේශ අනුරාගයෙන් මත්ව
කී බොර්ඩ් එක රුගෙන
සටන් කරයි මතුරජ බේරා ගැනුමට

විධායක බල තල මොනාද?
දහතුන දහ අට මොකක්ද?
ඒ ගැන දැනුමක් ඕනැ නැත
අපේෂකයා වෙනුවෙන් සටන් කරනට

පවුල මිතුදම් පවා අමතක කර
අපේෂකයා වෙනුවෙන් දිවි කැප කොට
සටන් කරනා මේ සයිබර් විරුවන් දැක
ඇඩෙනව මට තනි ඇහැට වෙන වෙනම

දළබුවා‘9

5 comments:

  1. //ඇඩෙනව මට තනි ඇහැට වෙන වෙනම//

    හැබැයි මෙහෙම ඒකකුත් තියෙනවා කොලුවෝ..................... සමාජජාල වෙබ් අඩවි වලින් පෙරලපු රටවලුත් තියෙනවා හරිය................... (බරපතලව හිතන්න ඒපා.... නිර්මාණය නියමයි)

    ReplyDelete
  2. Isthuthi කුරුටු ගෑ ගී පවුර (Y)

    ReplyDelete
  3. හ්ම්ම්..හ්ම්..හ්ම්..

    ReplyDelete
    Replies
    1. මෙච්චර කලා කවයේ කොල්ලෝ/කෙල්ලෝ ඉන්නවා. ඒත් ලිපියක් වැටෙන්නේ මාසෙකට එකයි එහෙම නැත්තං දෙකයි.. එහෙම වෙන්නේ ඇයි ?

      Delete