9/13/2012

ඔහු, ඔහු සහ ඔවුන්.....


ඔහු,
හිස් බිම සිසාරා
ගිනි ගහන අව් කාස්ටකේ
රළු පොලව හා පොරබදිමින්
දහඩිය වගුරුවද්දී...


ලැබුනු සොච්චම් පඩියෙන්
පරණ ණය බර ගෙවමින්
පයිප්පේ වතුරත්
පරළු පාන් බාගෙත්
කුස ගිනි නිවද්දී....


                                                         ඔහු,
                                                         බැස අවුත් සැප රියෙන්
                                                         පැලඳ අව් කණ්ණාඩියක්
                                                         අණ දෙමින් වැඩ බිමට
                                                         සුදු ඇඳුම කොන වැකුනු
                                                         දුහුවිලි පිසිද්දී...


                                        ඔවුහු,
                                        ගත සවිය දිය කල
                                        දහදිය හෙලන ඔහු දෙස
                                        ඔරවමින් බලමින්
                                       "ජරා මිනිස්සු"


                                       ඇය,
                                       එලිවෙන පාන්දර
                                       කවුළුවෙන් හිස යොමා
                                       "මේ මොන කරච්චලයක්ද"
                                       ඔහුට බැන වදිද්දී...

                                                        ඔහු,
                                                        පැමිණ රතු පලස් මතින්
                                                        නැගුනු ඔල්වර හඬ මැද
                                                        ඈගේද ඔවුන්ගේද හරසර ලැබ
                                                        පීත්ත පටි කපද්දී....

ඔහු,
දහදිය වගුරවයි
රළු පොලවේ ගැටෙමින්
ගිනිගහන අව් කාස්ටකේ
තවත් එක් හිස් බිමක...



ලිව්වේ, පරා 06.




7 comments:

  1. ඕක හරි දුක හිතෙන කතාවක් බන්......

    ReplyDelete
  2. පට්ට කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  3. මාරම ලියවිල්ලක්!

    ReplyDelete
  4. කම්කරුවාගේ දහදිය වැකුණු සිරිරු අප්‍රසන්නයි පලකය්ගේ සුදුපිරුවට සුදු ලස්සනයි එහෙත් ඒ සුදුරෙදි වලට යටින් තියන හිත කුණු ගඳ ගහන ජරාවලක්. හැමෝම නෙවයි බහුතරය "සුදු රෙදි හොරු" කාලකන්නි සමාජයක කාලකන්නි අත්දැකීමක් බොහොම අගෙයි පරා අයියා

    ReplyDelete
  5. ඇත්ත...
    හැබැයි,ඔය දහදිය හලන කෙනත් කැමති සුදු පිරුවටෙට නෙමෙයිද..

    ReplyDelete
  6. ඒක හරි. අපි හැම කෙනෙක්ම කැමති සුදු පිරුවට ඇඳගන ලේසි ජීවිතයක් ගත කරන්ඩ. ඒත් ඇත්තටම බැලුවොත් අපේ සමාජේ ඇතුලේ දහඩිය හෙලන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ගොඩක් වෙලාවට ඒ මිනිස්සු ජීවත් වෙන්නේ තමුන්ගේ ඇඟේ හයියෙන් මිසක් වංචාවෙන් නෙවෙයි. එහෙම උනත් අපි හැමකෙනෙක්ම ඒ මිනිස්සු දිහා බලන විදිහ වෙනස්. ඒ මනුස්සයගේ ඇඟ ඇතුලේ තියන හයිය, හිතේ තියන වේදනාව දකිනවට වඩා, අපි දකින්නේ එලියට පේන දාඩිය.

    ඒක තමයි මට මෙතනින් කියන්ඩ ඕනා උනේ. හැබැයි මං හැමදාම කියනවා වගේ නිර්මාණකරුවාගේ හිතේ තියන නිමිත්තයි, ශ්‍රාවකයගේ හිතේ ඇඳෙන චිත්‍රෙයි වෙනස් වෙන්ඩ පුලුවන්. නිර්මාණයක් විග්‍රහ කරද්දි සීමා දැමිය යුතු නැහැ. අපි හිතන්ඩ ඕනා අපිට හිතෙන දේ මිසක් වෙන කෙනෙක් අපිට හිතන්ඩ උගන්නන දේවල් නෙමෙයි. රචකයට අවශ්‍ය දේ ශ්‍රාවකයගේ හිතේ මැවෙනවානම් ඒක රචකයගේ දක්ශතාවය.

    ReplyDelete