2/24/2013

මිනිසත්කම............


සකල සිරියෙන් පිරුණු 
ඉසුරුමත් මුදු බිමක 
ශුද්දවූ මෘගයන් 
අසිපතින් සිදහෙලු 

පෙර දිනක සැදෑවක 
බෝ සුසුම් හිර කරන් 
සුසානේ කෙළවරක 
වල දැමු මිහිරියාව 

සිහිවටන කිසිත් නැත 
ගල්පුවරු මත ඇදුනු 
මතක සැමරුම් නොමැත
ඉටිපහන් මල් පිදුණු

යදම් ලා සුළි සුළග
වියලුවා මහා සයුර 
පුපුරවා ගිරි අරණ
ඇවිදිනා ගල් පිලිරු

නෙත් කොනක යම් දිනක
මතු වුනොත් කදුලු බිදු
සිත් කොනක මතුවෙය
මරාලූ මිනිස් කම 

ඔටුවා_ 08

4 comments:

  1. miniskama mathuwenna kandulu bindu oonemada.....

    ReplyDelete
  2. @ Helani කොහෙත්ම නැහැ නංගි පීඩනයක අවසානය පිපිරීම නේ ඉතින් ඒ පිපිරීම සංකේතවත් කරන්න තමයි "කදුල" යොදා ගත්තේ. එහෙම නැතුව මිනිස්කම උපදින්න කදුල අවශ්‍යමයි කියල අදහස් කලේ නැහැ. නමුත් දැන් කවිය මට අයිතීන් නැහැ විචාරකයන්ට තමා අයිති. :D

    ReplyDelete
  3. ඔය කියන කතාව බොහෝ විට ඇත්ත. ලංකාවේ මනුස්සයා ලඟ ඔන්න ඔය හොඳ ගතිගුණය තියෙනවා. මොනා වුණත් කඳුළු දැක්කම මිනිස්කම මතු වෙනවා. ඒත් එහෙම නොවෙන අවස්ථා නැතුවමත් නෙවෙයි....

    ReplyDelete
  4. සිත් කොනක යම් දිනක
    මතු වුනොත් මිනිස් කම
    නෙත් කොනක මතුවෙය
    තිත්ත රස කදුලු බිදු

    ReplyDelete