2/04/2013

" රට නැළවිල්ල " හෙවත් මහින්ද තොටිල්ල -


(මූණු පොතෙන් ඊයේ පෙරේදා දිනයක උපුටා ගන්නා ලද්දකි)

රාජ පස්ස සිඹිමින්නේ
අරලිය ගහ පෙදෙසින්නේ
කිරිබත් සුවඳයි එන්නේ
මගේ පුතා නලියන්නේ

නිදහස ෆුල් ආතල් වේ
එහි ත්‍රිල් එක මහ රජු වේ
ඒ බව සිහිකොට මෙරටේ
හිටපන් ! නැත්නම් කුඩු වේ

සුදු වාහන හිටි හැටියේ
ජඩ පිරිවර සමඟින්නේ
සොයමින් එන්නට ඉන්නේ
මගේ පුතා හැංගෙන්නේ

දෙන දිවි මුත් බඩ වෙනුවෙන්
' ජාතික දරුවන් ' යනුවෙන්
රණවිරුවන් ලිඟු නැඟුමෙන්
ලක් මවු කෙලෙසුවා සුවෙන්

තවුසන් සේ ඇඳ පැළඳා
පවු ! බං , කුක්කන් එන දා
' හලාල් ' සොයා කෙලවන දා
අවමඟුලක් රට මුළු දා

දෙව් පුර මෙන් දෙවියන්නේ
ලැම්බෝගිනි පියඹන්නේ
ලොකු බේබිලා සමඟින්නේ
උඹෙත් පුතේ ' ලොකු ' වෙන්නේ

ලස්සන විතරක් පොළොවේ
දැකපන් ! නිරුවත හමුවේ
කට වහගෙන නොහිටියොතින්
උඹට පුතේ කෙල - කෙල වේ

ජාතික රණ දෙරණ වටේ
එකී මෙකී නොකී අතේ
සුන්දර සුරඟනන් ඇතේ
' අන්තඃපුර බඩුය' පුතේ

මහ ජාතිය කෙරෙහි නැමී
දෙමළට වෙඩි තැබූ සොමී
හීනෙන් උඹ නැගිටවමී
පුත ! ඔය ඇස් වසමි යළී

ජාතිය නම් ' සිංහල ' වේ
ආගම පොදු ' බොදු ' මග වේ
එය රැකගෙන නැගෙනහිරේ
" නිදහස " සමරපන් ! පුතේ

' හැට පහ ' අභිමානය නම්
කට කහනවා ඇති වෙනකම්
පට පට ගා පුපුරයි මං
' කට , කට ! ' පුත, මට කියපන්......

4 comments:

  1. ජාතික ධජයට අපහාසකර තිබීම අනුමත කල නොහැක,ඔය ෆොටෝ ඒක කොටින්ගේ නිර්මාණයකි.ඒක පොස්ට් එකේ දාගෙන ඉන්නවා කියන්නේ කොටින්ගේ වැඩ අනුමත කිරීමකි.කරුණාකර එය ඉවතකරගන්නා මෙන් ඉලා සිටිමි

    ReplyDelete
  2. thanks for showing the fault, corrected it as I could, sorry for doing such a thing, didn't knew that kind of thing

    ReplyDelete
  3. ස්තුතියි ,නිවැරදි කලාට,කවියනම් එළ

    ReplyDelete