3/23/2013

සරසවි දිවිය ......



ඇද කබල් දෙක උඩ
රෑනක් නිදාගෙන
චිරි චිරි ගාන පුටුවත්
තව වැඩිකල්
ජීවත් වෙන එකක් නැහැ

ඉක්මනට රෑ ගෙවීයන්
එත් ......
ඉක්මනට උදේ වෙන්න එපා
මුළු floor එකටම ඉතුරු උන
sunlight සබන් කෑල්ල
උජාරුවෙන් බලා ඉන්නවා
අරගෙන මුණේ උලනකන්
ඊටත් වඩා පානුයි පරිප්පුයි

බිම් නිදාගන්න එක සැපයි
අම්මව වත් හීනෙන් පෙනෙයි නේ


 08 සුඩයා


1 comment:

  1. "කැම්පස් ඇවිත් මුන්ට තෙලේ වැඩි වෙලා" කියන අමන මහතුනේ අසාපල්ලා අපේ සිකොපභෝගී ජීවිත කතාව

    ReplyDelete