8/31/2013
UNION කාරයා
නිදි නොලද රැයක් ගැන
ගතු කියන රතු දෙනෙත,
වරද දුටු තැන නැගෙන
අභීත විරු නද නින්නාද,
සොයුරු පැණ,ඇදුරු බස්,
මේඝයකි, නිම නොවෙන,
සුදු කමිස සාක්කුවෙ ඉකිබිදින....
අම්මාගේ ලියුම.......................
09 කොමළි
8/24/2013
ගණිකාවකට පෙම් බැදීම, ලැජ්ජාව හා මන්ත්‍රීතුමා ..........
වාසනාවත් කල්
අවාසනාවත් කල්
ලෙඩ දුකේ හා සුව සැපේ
එකට ඉන්නට
දුන් පොරොන්දුව
ගිණි තබා ඇය
යන්න යනු ඇත
වෙන කෙනෙකු හා
සොයා උණුසුම
ගිරිය පුප්පා
අඩිය හප්පා
"ලැජ්ජා" නැතිදැයි
ඇසුවේය
අප්පච්චි මගෙන්..........
"ලැජ්ජා"
ඒ මොකටදැයි
ඇසුවෙමි මමත්
"අප්පචි ගැහුවේ මෙවරත්
කතිරේ ගරු මන්ත්‍රී තුමාටම........."
08 ඔටුවා
ප.ලි. සමස්තය දකින්නට ආරාධනා ................
අවාසනාවත් කල්
ලෙඩ දුකේ හා සුව සැපේ
එකට ඉන්නට
දුන් පොරොන්දුව
ගිණි තබා ඇය
යන්න යනු ඇත
වෙන කෙනෙකු හා
සොයා උණුසුම
ගිරිය පුප්පා
අඩිය හප්පා
"ලැජ්ජා" නැතිදැයි
ඇසුවේය
අප්පච්චි මගෙන්..........
"ලැජ්ජා"
ඒ මොකටදැයි
ඇසුවෙමි මමත්
"අප්පචි ගැහුවේ මෙවරත්
කතිරේ ගරු මන්ත්‍රී තුමාටම........."
08 ඔටුවා
ප.ලි. සමස්තය දකින්නට ආරාධනා ................
8/20/2013
එක වගේ කවි පහක්........
සැන්දෑ අවර ගිර බැසයන හිරු සේම.
රන්දා අඳුරු සෙවනැලි සිත තුල බෝම.
මන්දෑ නුඹ ගියේ වෙනතක රහසේම.
සැමදා දවස ගෙවියන් සිත සතොසේම
~06 ඔල්මා
දිගුකල් තුටින් හිටපන් මට එයම ඇති
කුමරිය මාහට පැරදුනු පෙම් සිහින ඇති
සිය හිමි සමග පතිනිව වැජබියන් නීති
~07 මාටියා
පුන් සද අහිමි සද මා සිත් පතා සිටී
සිත් තුල කිසිත් නැත නුබ වෙත තරහ බැදී
සුන්දර සිහින පුබුදන හෙට දිනට දිලී
පෙම්බර සද වෙයන් ඔහු ලොව එලිය දිදී
~08 ඔටුවා
නෙතුපියන් වසා, මුව නගා හසරැලි
මා දුටුව සිහිනයන්,
සැබෑවී ඇත මෙලොව
සැබෑවූ ස්වප්නයේ, නුඹ වෙනකෙකුන් සමග
මා හිදිමි නෙතු අයා,
ගයා ජය ගී නුඹට....
~09 ඩොකා
නැත නැත තරහ නැත කිසි දින නුඹට බැඳී
සිත සිත කලක් නුඹ වෙනුවෙන් සෙනෙහෙ පිදී
පත පත නුඹව නැති පෙරුමන් පිරුව විදී
අත හැර පතමි ජය නුඹ හට ඔහුට ලැදී
~11 සොමියා
නැත නැත තරහ නැත කිසි දින නුඹට බැඳී
සිත සිත කලක් නුඹ වෙනුවෙන් සෙනෙහෙ පිදී
පත පත නුඹව නැති පෙරුමන් පිරුව විදී
අත හැර පතමි ජය නුඹ හට ඔහුට ලැදී
~11 සොමියා
ප.ලි.
"එකවගේ කවි තුනක්" ලෙස මුලින් පළ කල බ්ලොග් සටහන "එක වගේ කවි පහක්" ලෙස සංස්කරණය කරන ලදී.
"එකවගේ කවි තුනක්" ලෙස මුලින් පළ කල බ්ලොග් සටහන "එක වගේ කවි පහක්" ලෙස සංස්කරණය කරන ලදී.
8/11/2013
මාවතේ ජීවිත ~8~ තැඹිලි මාමා
අතෝරක් නැති
මහ වැස්සට
සේදිලා ගිය
මග දෙපස.........
අදුර කැන්දූ
වැහි වළාවන්
මුවා කරවූ
නුබේ සිනහ වත......
පායාපන් අව් රැල්ල
පොඩි උන්ට
කවන්නට
බත් කටක් ...........
08 ඔටුවා
පලි: යලිත් මහා සමාජයට පිවිසීමි. මාවතේ හමුවන ඔබ මීලග නිමිත්ත විය හැක.
මහ වැස්සට
සේදිලා ගිය
මග දෙපස.........
අදුර කැන්දූ
වැහි වළාවන්
මුවා කරවූ
නුබේ සිනහ වත......
පායාපන් අව් රැල්ල
පොඩි උන්ට
කවන්නට
බත් කටක් ...........
08 ඔටුවා
පලි: යලිත් මහා සමාජයට පිවිසීමි. මාවතේ හමුවන ඔබ මීලග නිමිත්ත විය හැක.
Subscribe to:
Posts (Atom)