1/29/2014

පෙරවදනකට පෙර පසුවදනක්..

කෙදිනක හෝ මෙලොවින් නික්ම යන දිනක
පසුවදනක් ලියන්නට කල් පැමිනි කල්හි
ප්‍රමාද වීමේ අවදානම මග හැර ගනු වස්
පෙරවදනකට පෙර ලියැවෙන පසුවදන..

දිවි මගෙහි මෙතෙක් දුර
එක් නිමේෂයක් හෝ
මා හා පියමැන්න
ළ'බැඳි මිනිසුනි,
මා නුඹෙන් ලද පැසසුම්
ඔවදන් සේම ගැරහුම්
මග කියා දුනි එන්න
මේ ගමන මේ ලෙසින්..

නුඹ කෙරෙහි හදේ රැඳි
ස්නේහය මෙලෙසින්
කිව නොහැක කෙදිනවත්
වචනෙකින් දෙකකින්
සිත රිදුම් දෙන දෙයක්
වියේ නම් මා අතින්
කමා අයදිමි දුකින්
නැවත නොරිදමි ඉතින්..

අවසරයි සමුගන්න

යලිත් නොදකින  ලෙසින්..

෴ සොමියා -11෴

4 comments:

  1. ලස්සන කවි සංකල්පනාවක් !
    දිගටම ලියන්න මල්ලි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියා..අනිවා :)

      Delete
  2. ලස්සනයි.. සමුගැන්ම වේදනාවක් කියලා විතරයි මට නම් කියන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.
      නමුත් වේදනාවන් අපිව ශක්තිමත් කරනවා,මම හිතන්නෙ :)

      Delete