1/21/2014

ඔබ..........

වසන්තය කැටුව එන සිහිනයේ කුමරු ඔබ

මා දෑස නිති පතන ඒ සොඳුරු දසුන ඔබ

මසිත විකසිත කරන උදා හිරු කුමරු ඔබ

සිත හඬයි කිම පමා පායන්න ගුවන් ගැබ



හන්තාන කඳු පියස බලන්නට ලස්සනයි

මහවැලිය පිස හමන සුළඟ සිසිලස ගෙනෙයි

මාවතේ අද්දරින් ඔබේ රුව නෙත ගැටෙයි

ජීවිතය සැබැවින්ම සුන්දරයි මට සිතෙයි



ඔබේ නෙතේ බැල්මකින් මගේ හද සැලෙනවා

දෙනෙත් පවසන රහස මා සිතත් දන්නවා

එහෙත් සැම දිනම ඔබ ගොළුවතම රකිනවා

ඔබේ සිත පමණක්දරෑමා සිතත් හඬනවා



අන්තිමේ සිවුවසර ගත්වේද නොදැනීම

දිනක අප වෙන්වෙලා යාද මිතුරන් ලෙසම

අද වගේ හෙටත් ඔබ රකීවිද ගොලුවතම

ප්‍රථම ප්‍රේමය අපේ මියැදේද සිත් තුළම



ඔබේ මුවඟින් නැගෙන හසරැල්ල කියන්නේ

මිතුරු දම් පමණක්ද මගේ සිත තැවෙන්නේ

ඔබෙ සිතුම් වදන් වැල් බවට පෙරළෙන දිනේ

අද හෙටම වන්නටයි මගේ සිත පතන්නේ

5 comments:

  1. අපිත් එහෙමම පතනවා එහෙනං..

    ReplyDelete
  2. හිතේ තියාගෙන ඉන්නේ නැතුව කියලා දාන එක තමා හොඳම. හිතේ තියාගෙන ඉන්න ගියහම ඒක හිතට බරක් නෙව.
    සංකාරක ලියපු කවියක්ද නැත්නම් වෙන කෙනෙක් ලියාපු කවියක්ද ? කොහොම උනත් කවි සිතුවිල්ල ලස්සනයි.. හන්තාන අඩවියට ආයෙම ගිහින් එන්න ආසයි !

    ReplyDelete
  3. // ඔබෙ සිතුම් වදන් වැල් බවට පෙරළෙන දිනේ

    අද හෙටම වන්නටයි මගේ සිත පතන්නේ // අපිත් සුබ පතනවා ...

    ReplyDelete
  4. යන්තර බලන්න ආව පලවෙනි වතාව.. ලස්සන සිතුවිල්ලක්. අන්තිම ට තියන පැතුම ඉක්මනින් සිද්ධ වුනා නම් තවත් ලස්සන වෙයි.. :)

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete