1/18/2014

නුඹලා යළිත් ළඟදිම එන බව ඇසුණා.......








නෙක නෙක පාට සමනල් මල් වල ..........ඇතිරූ 
හරිත වර්ණ තුරු පතරින් වැසි ................ඉවුරූ
හන්තාන වසා මිහිදුම් පටලය ..................ලහිරූ 
කිරණය කන්ඩිත කරා ගඟ දිය මත .........නැඹුරූ

මසක් ගොසින් මා එහි යන පුරුදු ...........ලෙසින් 
දුටුවේ නැතිය මා පෙර කිව් වදන් ...........ලෙසින් 
ගස් වල කොළ හැලි තිබුනා මැරුණ ......ලෙසින්
හරියට අඩනවා වාගේ කඳුළු ..................ඇසින්

ගං ඉවුරේ දෙපසම හරියට ....................පාලුයි
කොළ නැති රුක්ෂ ඒ පාළුව හා ...............යාලුයි 
ගසකින් ඇසුවා ඇයි මේ හැටි නුඹ ............පාළුයි 
ගස කිව්වා මෙලෙසින් මට වී ..................යාළුයි

දෙමසක් පමණ නුඹලා නැති සොවින් ...........අපි
සිටියා කඳුල තනිකම හා සොවින් .................හැපී 
ගස් මල් වල කොළ හැලුනා සුළඟ ................කිපී 
සියොතුන් හැර ගියා අත හැර දමා .................අපි

නුඹලා යලිත් ළඟදීම එන බව ..................ඇසුනා
අපි දළු දමා ඉවුරේ පාළුව ......................වැසෙනා 
යලිත් පෙරදී වගෙ නුඹල ව පිලි .............ගැනෙනා 
ලෙසින් සැවොම කඩි මුඩියේ හැඩ ........කෙරෙනා


 ෴ කොවුලී -11

9 comments:

  1. කියෙව්ව විතරක් නෙවෙයි ඔන්න එහෙනම් කමෙන්ටුවකුත් දැම්ම..අමතක වුනා හොදට රසවින්ද..

    ReplyDelete
  2. අපූරු පද වැල් ටිකක්.. ලස්සනයි..

    ReplyDelete
  3. ලැහැස්ති වෙමු ඉක්මනට..

    ReplyDelete
  4. හොදයි. ලස්සනට ලියල තියෙනවා...

    ReplyDelete
  5. ආහ්... ඔය ලියල තියෙන්නෙ අපූරුවට... ලස්සනයි ආහ්.....

    ReplyDelete
  6. දුටුව විටදි හිතුනා මට දමා යන්න එක වදනක්....
    අගනේ අගනේ නිරතුරු අපේ පිටුව හැඩ කරන්න....

    ReplyDelete
  7. ලස්සන කවි සිතුවිල්ලක්... කොවුලි නංගි...
    දිගටම ලියන්න.

    ReplyDelete
  8. හැමෝටම ගොඩාක් ස්තුති !!!!

    ReplyDelete