4/17/2014

මතකය

හිරිකඩ වදින හීතල හිරිගඩු පිපෙනා..
වැහිපොද අස්සෙ මතකද දවසක් තෙමුණා..
වැහිබර අහස අස්සෙන් දේදුනු මවනා..
හිරු හෙමි හෙමින් මේ කුලු අස්සෙන් එබුනා..

වැහි බිදු වියළි පොළවේ නෙක රූ මවමින්
ඉහිරෙයි දසත දිය චිරි චිරි හඩ නගමින්
හිරිකඩ වැදුනු හිත මගෙ හංකිති කවමින්
ඇවිදියි නේක අත නුඹ උණුහුම සොයමින්

නැතුවත් ලගින් නුඹෙ නෙතු යුග පෙනෙන ඉම
ළය තුල සිර කරන් නුඹ වෙත රැදුනු පෙම
නොබිදෙන ලෙසම රැකගෙන ඒ සුපෙම් දම
නුඹෙ රුව ගැනම සිහි කර කර හිදිමි මම

සීතට දසත ගලන සුවද රැදුනු පවන්
වාගේ නුඹේ තුරුලට එන්නදෝ දුවන්
හිත මත සදා සිතුවම් වූ නුඹේ නුවන්
වටිනව මහට නුඹ රැදි සිහිනයත් රුවන්

෴ වටුවා10 Akalanka ෴

7 comments:

  1. ලස්සන සිතුවිල්ලක් වටුවා මල්ලි ! දිගටම ලියන්න !

    ReplyDelete
  2. ලස්සන අදහසක් ...

    ReplyDelete
  3. නියමයි මචං....ජයවේවා...!!!

    ReplyDelete
  4. මතකය, හිත රිද්දන හිත සනසවන එකම දෙයනේ.. ලස්සනයි..

    ReplyDelete
  5. ලස්සනයි අකලංක..

    ReplyDelete
  6. සීතට දසත ගලන සුවද රැදුනු පවන්
    වාගේ නුඹේ තුරුලට එන්නදෝ දුවන්
    ඒක පාර

    ReplyDelete
  7. "නැතුවත් ලගින් නුඹෙ නෙතු යුග පෙනෙන ඉම
    ළය තුල සිර කරන් නුඹ වෙත රැදුනු පෙම
    නොබිදෙන ලෙසම රැකගෙන ඒ සුපෙම් දම
    නුඹෙ රුව ගැනම සිහි කර කර හිදිමි මම"
    Superb . . . !

    ReplyDelete