5/03/2014

රොබරෝසියා හෙවනට යටින්..........෴


.
.
.
හෙමින් ඇවිදින් මගෙ ලොවට
පෙම් සුවඳ තවරයි හිත් කොනක
නිසංසල හද අසපුවක
ලැගුම් ඕනද සඳ නුඹට

නුඹෙ සෙනෙහෙ මුසුකර එවන මදනල
දැවටිලා මගෙ සිඹියි නළලත
මුළු දවස තිස්සේ........දන්නවාදෝ.........
හිඳිනවා අපෙ පිය ගැටෙනකන්
අක්බාර් පාලම මග බලන්

හද නිදන්කල සොඳුරු පෙම් කව
ගයන්නද මට කියන්නේ නුඹ
තරු දෑස අස්සේ........ඇරයුමක්දෝ.........
රොබරෝසියා හෙවනට යටින්
හෙට ඇවිදින්න මල් පෙති මතින්
.
.
.
.

෴ තෙපී10 ෴

6 comments:

  1. ලස්සන පද පෙලක්..ටිකක් කල්පනා කරන්න වෙනව මේ ගැන..මොකද තේරුම් දෙක තුනක්ම හිතට එනව..

    ReplyDelete
  2. ඔයා කී පාරක් රොබෝරෝසියා ගැන ලිව්වද??? මට මතක දෙපාරක් වගේ...

    ReplyDelete
  3. දැන් මල් පිපෙන කාලෙනේ..

    ReplyDelete
  4. අවුරුදු 4ක් විතර ආපස්සට යන්න තිබ්බා නම්.... ඒ සුන්දර මතකය විඳින්න තිබ්බා.

    ReplyDelete
  5. මේ ගුරු පාරේ, මේ දොල අයිනේ අපේ රහස් ඇත සැඟවීලා, අපේ රහස් ඇත සැඟවීලා!

    ReplyDelete
  6. //රොබරෝසියා හෙවනට යටින්
    හෙට ඇවිදින්න මල් පෙති මතින් // අපූරු පදවැලක්..

    ReplyDelete