6/23/2015

නිදිකුම්බා...............෴






නුඹට හොරෙන් දෙපා හෙමින් හෙමින් 
ළඟට කැන්දා...

බලා හිඳිමි දෑස අයා නෙළනු 
කොහොම මන්දා...

කොමළ වතේ පහස දැනෙන විට 
හැංගෙන හින්දා...

දුරින් ඉඳන් නුඹේ අසිරි රහසින් 
මං වින්දා...
.
.
.
.
.

බයිසන් - 10

ඡායාරූපය : බයිසන් 10

8 comments:

  1. බයිසන් දැං නෑ නේද?

    ReplyDelete
    Replies
    1. 3rd year & final year ඉන්නවා. 1st & 2nd නෑ.
      මේ final year එක්කෙනා. ;)

      Delete
  2. ලස්සන කවිය
    ජයවේවා!

    ReplyDelete
  3. මටත් හොරෙන් මගේ ලඟට එන්නට හැදුවත් නුඹ අද
    ඈත සිටම මට දැණුනා සුළඟ සමග නුඹේ සුවඳ
    එක්වන්නට පිණ නැතිමුත් කටු අකුලක පිපුණු පවට
    මතු සසරක නෙලා ගනින් පිබිදෙන්නම් ඔබේ නමට

    ReplyDelete
    Replies
    1. රුවැති ගුණති හැම දෙයකම තිබේ අඳුරු ගුණ සෙවනැලි
      මලක මෙලෙක දැණුන නමුත් කටුව මකාලයි හසරැලි

      Delete
  4. දැන්නම් නිදිකුම්බා මලක් දකින්නවත් නැනේ.

    ReplyDelete
    Replies
    1. තියෙනවා. අපේ ගෙවල් පැත්තේ (සියඹළාණ්ඩුව) නම් ඕනි තරම් තියෙනවා. :)

      Delete