12/05/2017
තෙදැති විකුමැති දෙවිඳු මම වෙමි...!
තෙදැති විකුමැති දෙවිඳු මම වෙමි
සදන සුව සෙත සියලු දනනට
යදින සැමටම පිහිට ගෙනදෙන
දෙවිඳු මම වෙමි නාටකේ රඟනා
දෙවිඳු වුවත් මා රගහලේ
පිහිට වුවත් සැමට සැමදා
රුඟුම් පෑවත් තෙදස පතුරා
මමද මිනිසෙකි කුසගිනි දැනේ
දෙවියන්ට හැඳි බරණ ගලවා
යදිමි මා සොද මහතුනේ
නුඹම පමණි මට එකම සරණේ
දරු පැටව් ඇත මග බලා
෴ සංකල්පනාව - 14 ඔල්මා෴
෴ සිතුවම - 14 ලෙල්ලා෴
11/06/2017
කතා කරන හීන..!!!
පුංචි කාලෙ ඉඳන්
ගෙදර ඉඳන් නුවර යන ගමන්නුවර ඉඳන් ගෙදර යන ගමන්හැමදාමත් බල බල ගියකවදහරි යන්න හීන දැකපුඒ ආදරණීය පේරාදෙණිය සරසවියට යන්නමං තාමත් හීන දකිනවාඅක්බාර් පාලම උඩට වෙලාමහවැලි නදිය පිස හමා එනසීතල සුළං තුරුළු කරන්හන්තාන කඳු යාය දිහා බලන්මගේ ලොවට පායන හඳ එළියෙඋණුහුම විඳගන්නමං තාමත් හීන දකිනවාදවසක මේ මුළු ලෝකෙම දිනලාමගේ ආදර අම්මයි තාත්තයිසතුටු කරන්නමං තාමත් හීන දකිනවාහීනයක්ම විතරයි
-ජනිත්2017.09.18 9pm @ University of Peradeniya
වසක් නුබ දුන් නොනිමි ස්නේහය
වසක් නුබ දුන් නොනිමි ස්නේහය
Friday, November 18, 2016
විකසිතව මා ලොවට සෙනෙහෙන
නිවා බෝ සෝ තැවුල් එදවස
සොමි ගුණෙන් මා නිවා සනසන
මිතුරු අමරස වීය මෙදවස
නිතර මුව පිරි සිනා පෑවයි
අදර වදනින් මසිත නිවුවයි
ගැබුරු නොසැලෙන සෙනෙහෙ දුන්නයි
අකුරු නොකෙරුව කවිය නුබමයි
විඩාපත් වී යනෙන අතරක
නුබෙන් ලද පින්සාර වදනට
වෙහෙස තැවරුන මනෙත් අබියස
සිනා මල් විකසිතවු අරුමය
කවියෙ පබදින මෙතතු මෙන් නොව
හදෙහි ඇත හෙලි නොකෙරු ආලය
වසක් නුබ දුන් නොනිමි ස්නේහය
එ හදෙ ගැබුරක රැදුනි ප්‍රේමිය.
Friday, November 18, 2016
විකසිතව මා ලොවට සෙනෙහෙන
නිවා බෝ සෝ තැවුල් එදවස
සොමි ගුණෙන් මා නිවා සනසන
මිතුරු අමරස වීය මෙදවස
නිතර මුව පිරි සිනා පෑවයි
අදර වදනින් මසිත නිවුවයි
ගැබුරු නොසැලෙන සෙනෙහෙ දුන්නයි
අකුරු නොකෙරුව කවිය නුබමයි
විඩාපත් වී යනෙන අතරක
නුබෙන් ලද පින්සාර වදනට
වෙහෙස තැවරුන මනෙත් අබියස
සිනා මල් විකසිතවු අරුමය
කවියෙ පබදින මෙතතු මෙන් නොව
හදෙහි ඇත හෙලි නොකෙරු ආලය
වසක් නුබ දුන් නොනිමි ස්නේහය
එ හදෙ ගැබුරක රැදුනි ප්‍රේමිය.
මාටියා
10/25/2017
මව් පුද
මව් පුද
1. ඉසිලු දස මස් කුස් බරින්
දැනුණි දෝ හෝ යම් බරක්
නොකියා මැ දරා ඉවසූ හෙයින්
එ දුක් හට අයදිමි සමා
2. දිනයෙ ඔබ වූ මවක්
බිහිවු දිනයේ මම් එදා
ළදරු සුරතල් බලා
කෙතෙක් තුටු වන්නට ඇත් ද?
3. එ දවස පටන් මා
සැප දුක නිති මැ සොයමින්
එක්ව හා ම පියා
උස් මහත් කර සොඳින්
4. එක ම දරුවා බැවින්
මා ඔවුන් හට සිටිය
රැක බලා ගත් නිතින
සිය පණ ද දෙවැනි කොට
5. බත් පළා ඵල අවුළු
අනා ගුලි කොට සදා
කතා කියමින් අදර
කැවී මට නොදැනීම
6. නැවුම් ඉරු දිනයෙකදි
වඩා ගොස් ළිඳ ළඟට
වතුර වත් කොට ඇඟට
නෑවු සැටි සිහිවෙයි මෙමට
7. කැත කුණු ද නොම පිළිකුළෙන්
අතගා දමා ලූ හෙයින්
වෙමි මම් සදා ණය
කෙදා මම ගෙවනෙම් ද?
8. කුඩා කළ සිට වඩා
උස් මහත් කර මෙමා
නියම මිනිහෙක් වන්ට
යැවී පාසල් මෙමා
9. උස් මහත් වූ පසුත්
කුඩා වියෙ මෙන් දැනුත්
ළඟට ගෙන සුරතල්
කරයි නොම වෙනසක්
10. පියා රට ගිය නමුත්
නොදැනෙන්ට අඩුවක්
මනා ලෙස පිළිවෙලට
වැඩ කළේ කෙලෙසකද?
11. කළ විට වැරදි වැඩ මෙමා
තැළු නමුත් දඬුවමට
නරකකින් නොවන වග
දනිමි මම නිසැකව ම
12. ජයකදි පැසසුමත්
පැරදුමදි දිරියත්
දී නිබඳ යම් වැඩක්
ජය ගැනුම කියා දුනි
13. බුදුන් පැවසූ ලෙසට
දෙවැනි බුදු මව බව ද
ඔප්පු කර පෙන්වුවෙ ද
ඔබ ම මිස වෙන කවුද?
14. කරන විට පාඩම් වැඩක්
නොසෙල්වී ළඟ ම සිට
ගැටළු තැන් විසඳමින්
නිවැරැදි කළේ ඔබමය
15. අසල්වැසියන් කරන
බැණුම්, දොස් ආදිය ද
ගලක් සේ ඉවසමින්
ඉගැන්විය ඉවසීම
16. පියා එවනා මුදල
අසත්පථයෙහි නොයෙද
අවැසි පමණට යොදා
කළ මුදල් කළමනා
17. පියා නැති අඩු කම ද
පිරිමසාගෙන මෙමට
මවක් මෙන් පියෙක් වූ
මෑණියනි වඳිමි මම
18. උපදිනා තුරු සසර
ඔබගේ ම පුතකු වී
ඉපැදුමට වේවා! යි
කියා පතනෙමි මම ද
19. මා හැදූ පින් බෙලෙන්
මා වැඩූ පින් බෙලෙන්
එය ම ඇති වෙයි ඔබට
නිවන් පුර දැකගන්ට
20. මෙලෙස පැදි විස්සකින්
කිව හැකි ද මවක ගුණ?
මවක් ලෙස ඔබේ ගුණ
අනන්තයි අනන්තයි
14 ලාරා
අල්තීනායි
අල්තීනායි
අල්තීනායි,
පොප්ලර් ගස් මැරිලා.
අයිලය දැන් නිහඩයි.
දුයිෂෙන්ව මරලා දාලා.
අල්තීනායි,
නැන්දා මග බලනවා.
රතුමූණා හිනාවෙනවා.
පොප්ලර් සෙවන නැති නිසා.
අල්තීනායි,
පොප්ලර් පැලනම් තියෙනවාලු.
කන්ද උඩ පැලකරන්න කෙනෙකු නැතිලු.
ඒත් ආපු දුම්රිය යන්න හදනවලු.
අල්තීනායි.....
©ASD ( 14 hapaya)
Subscribe to:
Posts (Atom)