7/22/2012

මාවතේ ජීවිත ~3~ රඹුටන් රස















මල්වානේ රන් රඹුටන්
පැණි වෑහෙන මැංගුස්ටින්
හඬ බොඳවු සිඟිති මුවින්
මිලකරනා පුංචි පුතෙක්

සුදු කමිසය දූලි සමග
පොත් මල්ලෙන් හෙම්බත් වුන
තවත් පුතකු මවු සමගින්
ඉල්ලා මොර දෙයි රඹුටන්

මිල වුනි ගෙඩි දස ගනනින්
පුතුන් මුවග සිනා මිටයි
එකෙකු අතෙහි රඹුටන් පොදි
අනෙක අතෙහි රුපියල් සත

එකෙකු දනී රඹුටන් රස
අනෙකා නොදනිද එම රස
වැරදී ඇත කොතැනක හෝ
රසවන්නට රුපියල් සත.....................?

ඔටුවා 8

3 comments:

  1. හ්ම්.. මොතනක නමුත් ලොකු වැරැද්දක් තියෙනවා
    කවි සංකල්පනාව ලස්සනයි මලේ !

    ReplyDelete
  2. හරිම ලස්සනයි යාළු! :)

    ReplyDelete
  3. වැරැද්දක් වෙලා. වැරැද්දක් වෙලා උඹෙන්. වැරැද්දක් වෙලා මගෙන්. අපි හැමෝගෙන්ම. අපිට අපි කවුද කියන එක අමතක වෙලා. මේ දූවිලි ගඳ ගහන සමාජෙන් වැරැද්දක් වෙලා. අර රඹුටන් විකුනන පොඩි එකා එක්ක කේවල් කරන අම්මගෙන් වැරැද්දක් වෙලා. ඒ පොඩි එකාව පාරෙ රඹුටන් විකුනන්ඩ දාපු මහ උන්ගෙන් වැරැද්දක් වෙලා. ඒ මිනිස්සු එතෙන්ට ගෙනාපු අපෙන් වැරැද්දක් වෙලා. මේ මුලු පද්ධතියම අනිත් පැත්ත හරවලා ගැහුවේ නැත්තම් කවදාවත් වැරද්ද හරියන්නේ නෑ. ඒක එහෙමයි කියලා බහුතරයක් දන්නවා. ඒත් ඇයි උන් තේරුම් ගන්නැත්තේ තමන්ගේ කොටස කරොත් වෙනසක් කරන්ඩ පුලුවන් කියලා.

    ReplyDelete