8/19/2012

මාවතේ ජීවිත ~5~ බලපොරත්තුවලටත් ට්‍රැෆික්


මොරටුවෙ ඉඳල ආපු බස් එක පිටකොටුවෙදි වේගය අඩු කරනකොට මම ඒකෙන් පැන ගන්නව. ගෙදර යන්න කඩි මුඩියේ දුවන මිනිස්සුන්ට මමත් එකතු වෙලා ඊලග බස් එකට නැග ගන්නවා. කොහොම හරි වාසනාවට ජනෙලයක් අයිනේ අසුනක් මටත් ලබෙනවා. ගුනසිංහ පුර ගස්වල වහල ඉන්න කපුටො රෑ වෙලා කියල කෑ ගහල කියනව. ඒත් ඊට වඩ හයියෙන් කොන්දොස්තර අයිය "රාගම රාගම" කියල කැගහනවා. ඊට පස්සෙ "අහ් ඔව් මල්ලි 6.05 ට තමා පිටත් වෙන්නෙ " කියල කාටද උත්තර දෙනවා.

මැනින් මාකට් එක පැත්තෙ ඉදල දුවගෙන ආපු මනුස්සයෙක් එලවලු මල්ලකුත් අරන් බස් එකට ගොඩ වෙනවා.ආපු හදිස්සියට මෙ එලවලු අද රෑට උයන්නද කියල මට හිතෙනවා.
බොහොම අමාරුවෙන් බස් එක ඉස්සරහට ඇදෙනවා. ඩ්‍රැයිවර් අන්කල්ට ඉක්මනට ගෙදර යන්න උවමනාවක් නැද්ද කියලත් හිතෙනවා. ඒත් එය හිටි ගමන් ඉක්මනට යන්න යනකොට කොන්දොස්තර අයිය හොව් හොව්
පොඩ්ඩක් ඉන්න කියල කියනවා. බස් එකේ ඉන්න සමහරු මේක දිහා බලාගෙන ඇහුනෙ නෑ වගේ ඉන්නවා. එත් ට්‍රේනින් ගිය දවසෙ ඉදල වෙලපහ ගෙදර යන්න හදන මට අදත් වැරදි බස් එකකට ගොඩ උනා කියල
හිතෙනවා.ටික වෙලවකින් කාගෙදෝ දුරකතනයක් නාදවෙනව ඇහෙනවා. "ඔව් ඔව් දැන් පිටකොටුවෙන් බස් එකට නැග්ග තව පැය බාගෙකින් එනවා" එයා උත්තර දෙනවා.

හෙමින් සැරේ බස් එක ටෙක්නිකල් හන්ඳිය පහු කරල පන්චිකාවත්තට කිට්ටු වෙනවා, මගෙ ලග වාඩි වෙලා හිටපු කෙනා නැගිටල බහින්න යනවා. එතකොට අර එලවලු මල්ල අරන් නැගපු මනුස්සය මගෙ ලගින් වාඩි
වෙනවා. එ මනුස්සය එක්ක හිනා වෙන්න උත්සහ කලත් මගෙ මුහුනෙ දහදියට හිනාව පෙඟිල ගිහිල්ල. එයාගේ මුහුනෙ නම් තිබුනෙ බලාපොරොත්තුවක ලකුණු. ලොකු හදිස්සියකුත් තිබ්බ.

ආමර් වීදියේදි බස් එකේ වේගය තවත් අඩු උනා. මම ජනේලෙන් එලියට ඔලුව දාල වෙලාතියෙන්නෙ මොකද්ද කිඅයල බලනවා. රතු පාට බල්බ් පත්තු උන වාහන පාර දිගටම හිර වෙලා තියන්වා. "අද උඹ වේලපහ නේද යන්නෙ" කියල මගෙ යලුව ඇහුව මට මතක් වෙනවා. උගේ කට වැදුන තමා කියල මත හිතෙනවා. එතකොටම වගේ මට මගේ සාක්කුවේ ෆොන් එක දගලනවා. "අයියා කොහෙද ඉන්නෙ" නංගි කෙටි පනිවිඩයක් දාල.
"අර්මර් ස්ට්‍රීට්" මම රිප්ලයි කරනවා.
කොන්දොස්තර අයියා ලගට එනකොට මම අඟිලි වල හිරකරන් හිටපු රුපියල් විස්ස දික් කරල වත්තලට ටිකට් එකක් ගන්නවා. එහා පැත්තේ හිටපු මනුස්සය නැත්නම් අයියත් රාගමට ටිකට් ගන්න ගමන් මල්ලි රෑ වෙයිද කියල කොන්දොස්තර අයියගෙන් අහනවා. "ඔව් හවස් උනාට පස්සෙ රැවෙනවා ඇයි කලින් බස් වල නෙවිද ගියෙ" කොන්දොස්තර අයියගෙන් උත්තර ලබෙනවා. මටත් එ මනුස්සය ගැන දුකත් හිතෙනවා. එයා මන් දිහාලැජ්ජාවෙන බලනවා.
ආයෙමත් එයගෙ ෆොන් එක වදිනවා "මන් පොඩි ට්‍රැෆික් එකක ඉන්නෙ එන්න ටිකක් පරක්කු වෙයි" කියල මිනිහ උත්තර දෙනව." මගෙ වයිෆ් කතා කලේ මල්ලි අද ටිකක් කලින් ගෙදර යන්න කියල ලීව් එකක් දැම්ම එත් බලන්නකො ට්‍රැෆික් නේ", පව් අහින්සකය මට හිතෙනවා.එත් මන් මොකක් කරන්නද මාත් ඒ බස් එකේමනේ.

පාර හරහට කන්ටේනරයක් පෙරලිල කියල මිනිස්සු ජනෙල් වලින් එබිල බලනවා. කථාව ඇත්ත ට්‍රැෆික් එකට හෙතුව මෙක තමා . බස් එක එතැනින් ගලවිල ඉගිලිල එනවා.ඇවිත් ආමර් වීදියෙන් සුගදදාස ස්ටෙඩියම පාරට හරවනවා. එක දිගටම රතු පාට බල්බ දැල් වුනු වාහන පෙලකින් පාර වැහිලා.
"අදත් වරායට නැවක් ඇවිත්" කෙනෙක් කියනවා. එක ඇත්ත වරායට නැවක් ආපුවම එකෙ කන්ටෙනර් ගෙනියන දිගම දිග වාහන වලින් මුලු පාරම පිරෙනවා. හොල්ට් තුනක දුර එ කියන්නේ ආමර් වීදියේ ඉඳලා ඉඟුරු කඩේ හඳියට ලෙසියෙන් යන්න බැරිවෙනවා.

මගෙ ලග ඉන්න අයිය ආයෙත් හිස් බැල්මෙන් මන් දිහා බලනවා. "මල්ලිටත් ගෙදර යන්න හදිස්සිද" කියල මගෙන් අහනවා මම උත්තර දෙන්න හදනකොටම ඉස්සර පොඩි රන්ඩුවක්. බස් එකෙ කවුලුවක් හින්ද දෙන්නෙක් සටනට පැටලිල. ඇත්ත තමයි මෙ බස් එක අතුලෙ තිබ්බ රස්නෙට ගහ නොගත්තනම් තමා පුදුමෙ. මෙ දෙන්නගේ සද්දෙට පොඩි ලමයෙක් බයවෙලා හොඳටම අඬනවා එයගෙ අම්මා එයාව නලව ගන්න දහසක් බොරු කියනවා.හැමොටම එපාවෙලා වගෙ මිනිස්සුන්ගේ මුහුනු වල ලියෙවිල තියනවා. "පොලිසියවත් නැද්ද?" මෙ පාරවල් බලන්න කෙනෙක් අහනවා. මටත් ලංකාවෙ පොලීසියක් තියනවා කීයල මතක් වෙනවා.

හෙමින් සැරේ බස් එක් සුගදදාස ස්ටෙඩියම ලඟට එනවා. ස්ටෙඩියමෙ ලයිට් දාල . අද SLPL මැච් එකනේ එත් එක තියෙන්නෙ කෙත්තාරමෙනේ සුගදදාසෙ මොකටද ලයිට් දාන්නෙ මට හිතෙනවා. එතකොට ස්ටෙඩියමෙ වහලෙ සවි කරල තියෙන "කාර්ල්ටන්" කොඩිය මට පෙනෙනවා සිද්දිය මගේ පුංචි මොලේට වැටහෙනවා. "දවල්ට අව්වට බේබිලගේ හම කලු වෙන නිසා රැට ලයිට් දාල රගර් ගහනවා අපිට තමා ලයිට් කපන්නේ" කියල කවුදො කොලුවෙක් කට කැඩිච්ච කතාවක් කියනවා.

 සක්කුවේ ඉන්න මගේ ෆෝන් එක අයේ අඬනවා නංගි අයෙත් අහනව අයියා කොහෙද කියලා. මමත් ලුනු ඇඹුල් ඇතුව පොලීසියටයි ට්‍රැෆික් වලට වග කිය යුතු අයටයි අමතලා රිප්ලයි කරනවා.
මුහුන පුරා රැව්ල වවාගත්තු කොල්ලෙක් බස් එකේ ඉස්සරහට ඇවිත් විරිදු කියන්න ලැස්තිය. එත් කොන්දොස්තර අයිය මිනිහට බැහල යන්න කියල තදින් කියනවා. මිනිහත් කොන්දොස්තර අයියගෙ මව් ගැන විරිදුවක්සමගින් බැහැල යනවා.

කොහොම කොහොම හරි බස් එක ඉඟුරුකඩේ හංදියට එනවා. එතනින් ට්‍රැෆික් එක ඉවරයි ඩ්‍රැයිවර් අන්කලුත් ලෑල්ලටම පාගල යනවා.මගෙ ලග ඉන්න අයියත් ටිකක් හිනා වෙලා ඉන්නව දැක්කමයි.බස් එකෙ අනිත් අයටත් ඉක්මනට ගෙවල් වලට යන්න පුලුවන් කියල හිතෙනවා.

කැලණි ගඟ හරහා වැටිල තියන ජපන් මිත්‍රත්ව පාලම පහු කරල බස් එක යන්තම් පෑලියගොඩට එනවා.සුපුරුදු විදියටම අයෙත් දිගු වහන පොලිමක් මගෙ ලඟ හිටපු අයියට  අයෙත් කොල් එකක්. "පුතේ තත්ත අද එන්න ටිකක් රැ වෙයි තත්තිගේ යලුවෙක් අසනීප වෙලා ඉස්පිරිතාලෙ තාත්ති එයව බලන්න ගියා අපි හෙට උදෙට පන්සල් යමු" කියල කියනවා.
  එ එක්කම මට නංගි අයෙත් කෙටි පනිවිඩයක් එවල "අයියේ පොලීසියේ ඉන්නෙත් මිනිස්සුනේ එයලට බනින්නත් එපා එ ගොල්ලොත් දවසම මහන්සි වෙලනෙ ඉන්නේ" මටත් ඒ කතාව ඇත්ත කියල හිතෙනවා.

අර අයිය මන් දිහා බලල කියනවා "මල්ලි අද මගෙ පුතාගෙ උපන් දිනේ මන් වෙලපහ යන්න ආවෙ එකටයි හැමදාම මම වැඩ ඉවර වෙලා යනකොට එයා නිදි , උදේ වැඩට එනකොටත් එයා නිදි, දැනුත් වයිෆ් කොහොම හරි නිදි කරව ගනී බලන්නකො අපේ ජීවිත මහපාරෙමයි ...!"

මටත් මුකුත්ම කියගන්න බැරි වෙනවා, ජනෙලෙන් එලියෙ වාහන දිහා තේරුමක් නැතිව මමත් බලන් ඉන්නවා කොන්දොස්තර අයිය වත්තල බහින්න කියල කියනවා, මමත් නැගිටල බස් එකෙන් බැහැගන්නවා.
බස් එක පිටිපස්සෙන් පාර පනින්න යනකොට බස් එකේ දුම් ගුලියකින් මාව වැහිල යනවා. අනේ බස් එකේ හිටපු කී දෙනෙකුගේ, අර පුංචි පුතාගේ බලාපොරොත්තුත් මෙ බස් වල එන්ජින්වල දැව්ල දුම් බට වලින් පිට වෙනව නේද කියල මට හිතෙනවා.

 වෙලාව අටයි කියල මගේ ඔරලෝසුව කියනවා.......................


සුභාෂ් ~( ඔටුවා_08)

8 comments:

  1. නියමෙට ලියලා තියනවා .කොළඹ ට්‍රැපික් නම් ඇත්තටම එපා වෙනවා

    ReplyDelete
  2. කොටුවෙ ඉඳන් මාත් ඒ බස් එකේම ආවා වගේ හිතුනා...ඒ කාලකන්නි ගතිය එහෙම්මම වගේ දැනුනා.
    ගොඩක් මිනිස්සුන්ට අත්දකින්ඩ වෙන දෙයක් ලස්සනට
    නියමයි සහෝ..

    ReplyDelete
  3. කොළඹ විතරක් නෙමෙයි නුවරත් එහෙම තමයි

    ReplyDelete
  4. ලියවිල්ල ලස්සනයි, ශෛලිය හොඳයි!

    ReplyDelete
  5. මමනම් කලාතුරකින් තමා බස් එකක් යන්නේ ඒ ගිය දවසටත් ලේ පයින්ට් එකක් විතර පුච්ච ගන්නවා ඉතින් ,බයික් එකේ යන කොටනම් අස්සෙන් මුල්ලෙන් දාලා සුටුස්‌ ගාල යන්න පුළුවන්නේ ..

    ReplyDelete
  6. මහරගම හිටන් කොල්ලුපිටිය 112 බස් එක මොරටුව හිටන් හිටන් කොල්ලුපිටියට එන 100 බස් වල චාටර් වෙලා මෙහෙ බස් එකක ගිහින් කවද හරි ලන්කාවට ඈවිත් අයෙ ඔය චාටර් එක නම් කන්නෙ නෙතූ...

    ReplyDelete
  7. හ්ම්ම්,,අපුරු ලියවිල්ල,,:)

    ReplyDelete
  8. yako pintaru eka nagla gihin neda ban gatayooo

    ReplyDelete