8/20/2013

එක වගේ කවි පහක්........


සැන්දෑ අවර ගිර බැසයන හිරු සේම.
රන්දා අඳුරු සෙවනැලි සිත තුල බෝම.
මන්දෑ නුඹ ගියේ වෙනතක රහසේම.
සැමදා දවස ගෙවියන් සිත සතොසේම
                                                                  ~06 ඔල්මා 

නුබ නොලැබුනද සිත තරහා නොමැති
දිගුකල් තුටින් හිටපන් මට එයම ඇති
කුමරිය මාහට පැරදුනු පෙම් සිහින ඇති
සිය හිමි සමග පතිනිව වැජබියන් නීති                     
                                                                 ~07 මාටියා 

පුන් සද අහිමි සද මා සිත් පතා සිටී
සිත් තුල කිසිත් නැත නුබ වෙත තරහ බැදී
සුන්දර සිහින පුබුදන හෙට දිනට දිලී
පෙම්බර සද වෙයන් ඔහු ලොව එලිය දිදී                                
                                                                 ~08 ඔටුවා   

නෙතුපියන් වසා, මුව නගා හසරැලි
මා දුටුව සිහිනයන්, සැබෑවී ඇත මෙලොව
සැබෑවූ ස්වප්නයේ, නුඹ වෙනකෙකුන් සමග
මා හිදිමි නෙතු අයා, ගයා ජය ගී නුඹට....        
                                                                  ~09 ඩොකා

නැත නැත තරහ නැත කිසි දින නුඹට බැඳී
සිත සිත කලක් නුඹ වෙනුවෙන් සෙනෙහෙ පිදී
පත පත නුඹව නැති පෙරුමන් පිරුව විදී 
අත හැර පතමි ජය නුඹ හට ඔහුට ලැදී 
                                                                ~11 සොමියා 



ප.ලි. 
"එකවගේ කවි තුනක්" ලෙස මුලින් පළ කල බ්ලොග් සටහන "එක වගේ කවි පහක්" ලෙස සංස්කරණය කරන ලදී. 

3 comments:

  1. ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකී
    රෑට නිදන නිදි යහනේ නැති සිහිනෙකි සකී
    ආලෙ බිදුනුදා කුමකට කදුලු හෙලනු සකී
    ආලවඩන යන තේරුම බෝසත්කම සකී - සුනිල් එදිරිසිOහ

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete