එකිනෙක බැදුණු කථා තුනක දෙවැන්න පළමු කොටස තුන් ඈදුණු කතාවක් ~1 කොටස ~ ඒකනායක මාමාගේ කතාව
"තුන්වන වේදිකාවේ නවතා ඇති යාල්දේවි සීග්‍රඝාමී දුම්රිය යාපනය හා
කන්කසන්තුරය බලා පිටත් වේ ......"
දුම්රිය කෙමෙන් ඉදිරියට ඇදෙත්ම ඒකනායක මාමා දුම්රිය කවුළුවෙන් එලියට
අතදමා තමුන්ගේ අත තදින් වැලද සිටි රාමා ගේ පුංචි පුතුගේ අත කෙමෙන් මුදා හැරියේය.
පාර්වතීද කදුළු පිරුණු දෑසින් මාමා දෙස බලා සිටියේය. "අපි යන්නම්" ඒ ඇස්
වල ලියවී තිබුණි. මෙතෙක් වෙලා නොහඩා සිටී මාමගේ ඇස් ද හඩන්නට විය. ඒ රාමා මියගියද
රාමාගේ මතකය මාමා තුල ජීවමාන වූ නිසාය.
දුම්රිය කෙමෙන් කෙමෙන් ඈත්ව ගියේය . මාමා ද තුන්වන වේදිකාවේ සිට දෙවන
වේදිකාවට මාරු වුයේ කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියට ගොඩවීම සදහාය. ලී දාර ගැසූ
දිගු බංකු මත හිදගත් මාමාට රත්මලාන දුම්රිය ස්ථානයේ දුම්රිය එනතුරු රාමා සමග ලී
බංකු මතට වී බලා සිටි අයුරු මතක් වන්නට විය.
"ඒකනායක අයියා අදත් කෝච්චිය පරක්කුයි නේද?" සුපුරුදු සිනහව සමග ඔහු හා කතාවට එක්වුයේ රාමා ය. රාමාගේ මුහුණේ
සැමවිටම සිනහවක් ඇදී තිබුනේය. රත්මලාන දුම්රිය වැඩපලට සේවයට පැමිණි රාමා මාමාගේ
කුළුපග සගයෙකු වුයේ ඔහුගේ වූ මේ ප්‍රියමනාප බව නිසා බව මාමාට මතකය.
රාමාගේ ගම යාපනයේය. එහෙත් ඔහු තම බිරිද පාර්වතී හා දරු දෙදෙනා සමග
පදිංචිව සිටියේ වැල්ලවත්තේය. යාපනයෙන් කොළඹ පැමිණි රාමා යලි යාපනයට ගියේ අවුරුද්දට
දෙවතාවකි. ඒ තයිපොන්ගල් උළෙලට හා සිංහල හින්දු අලුත් අවුරුද්දටය. "රාමා ඇයි
වැඩියේ ගම පළාත් පැත්තේ යන්නේ නැත්තේ?" දිනක්
ඒකනායක මාමා රාමාගෙන් විමසුවේය. "අපි කුලයෙන් පහලයිනේ අයියා එහෙ අපිට හරි
කරදර ඉතින් අපි වැඩියේ මෙහෙ තාමා ඉන්න කැමති" ඒ රාමගේ වචනය. කුළ බේද ජාතිබේද
ඒකනායක මාමාට පිලිකුල්ය. ඔහු අදහන බුදු දහමේත් , ඔහුගේ වමේ දේශපාලනයේත් කුළ වර්ගවාදය පිළිගන්නේ නැත.
"එකනායක අයිය වමේ මිනිහ නේ මම ඔන්න අයියා නිසාම රතුපාට මහත්තයට ජන්දේ
දුන්නා",
ඒ 77 ජන්දයට
පසුව වැඩට පැමිණි රාමාගේ වචනය. මාමගේ පක්ෂය ඇපත් නැතිව පරාජය වී සිටියත් රාමගේ වචන
මාමාගේ සිතට සතුටක් විය.
"ඒකනායක අයියා දෙමල ඉගෙනගන්නකෝ" දිනක් රාමා මාමාට කිවේය.
"උබ මගේ භාෂාව කතා කරනවා මං උබේ භාෂාව දන්නේ නැහැනේ", මාමාට ලජ්ජා හිතුණු හැටි මාමාටම මැවී පෙනුනි .රාමගෙන් ඉදහිට දෙමල වචන
එකනයක මාමා උගත්තේය. ඒකනායක මාමගේ ගෙදරට නෑගම් පැමිණි විට රාමගේ පුතුන් කැඩිච්ච
සිංහලෙන් ඒකනායක මාමගේ පුතුන් හා කතා කරනු අසා මාමා මෙන්ම මාමගේ බිරිය සොමාද රාමා
හා පාර්වතී සමග සතුටු වුයේ රටේම අනාගතය මෙසේ වේනම් කියා සිතමිනි.
අසුවේ ජුලි වැඩවර්ජනය සැමගේ ජීවිත වෙනස් කරන්නට විය. ඒකනායක මාමාට, රාමාට මෙන්ම තවත් බොහෝ පිරිසකට රැකියා අහිමි විය. ඒකනායක මාමා කරවල
පෙට්ටියක් කර තියන් පවුලේ බර අදිද්දී රාම පිටකොටුවේ පොල්තෙල් කඩයක් රැකියාවට
ගියේය. එතෙක් සිංහල අවුරුද්දට යාපනයේ ගිය රාමා අවුරුද්දට ඒකනායක මාමාගේ ගෙදර නෑගම්
ආවේය. කැවිලි අතුරුදහන් වී තිබු ඒකනායක මාමාගේ අවුරුදු මේසයේ හිදගත් සියල්ලෝ, සෝමා පිළියෙළ කල කිරිබතක් නැකතට රසවිදි අයුරු මාමාට මතකය.
"කැවිලි මොකටද අයියේ අපි ජීවත් වෙනවනේ ලබන අවුරුද්දේ අපේ ආණ්ඩුවක් ඇවිත් අපිට
අයේ රස්සාව ලැබුනට පස්සේ අපි කැවිලි කමු" රාමා මාමා ගේ සිත සැනසු අයුරු මාමාට
මතකය.
යාපනයේ මුර සංචාරයේ යෙදී සිටි හමුදා සෙබළු 13 ක් මරා දමා ඇති බවත් එයින් පසුව රට පුරා කලබල ඇති වී ඇති බවත් මාමා
ගුවන් විදුලියෙන් දැනගත්තේය. පස්දිනම මාමා කොළඹ ගියේය. රාමාවැඩ කල කඩය ගිනි තබා
තිබුණි. කඩය තුල ගිනිගෙන දැවෙන මළ සිරුරු ය මාමාගේ හිස ගිනිගත්තේය මාමා රාමගේ
නිවසට ගියේය. කොළඹ නගරයම අමු සොහොනක් වූ විට රාමාගේ නිවසද ඒ ගින්නෙන් දැවී අළුවී
තිබුණි. මාමාට පාර්වතී හමු වුයේ දින කිහිපයක් වැල්ලවත්තේ රස්තියාදු වූ පසුවය
ඔවුන්ද රැගෙන මාමා ගනේමුල්ලේ මාමාගේ නිවසට් ගියේය, යලිත් යාපනයට යාම පර්වතීගේ අපෙක්ශාව විය. සිය සැමියාගේ ඉරණම මේ
වනවිට ඇය දැනුවත්ව සිටියේය. වෙනිදාට අගේ නළලේ තිබුණු තිලකය ඇය මකා දමා
තිබුණි. දරුවන්ද සුපුරුදු ඒකනායක මාටාට වුවද බිය විය . අද දහවල් නිවසින්
පිටත් වනවිට රාමාගේ පුතාගේ වචන වලින් මාමාගේ හිස තවමත් ඇදුම් කයි. "මම ලොකු
වෙලා අපේ ගේ ගිනිතියපු සිංහල මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තියනවා එත් අංකල්ගේ ගේ ගිනිතියන්නේ
නැහැ අංකල් හොදයි. උබලගේ ගෙවල් ගිනිතිබ්බේ ජාතිවාදී සුළු පිරිසක් ගොඩක් මිනිස්සු
උබලට ආදරෙයි කියල පුංචි පුතුට කියාදෙන්න තරම් පුතාට වයසක් නොවේ යයි මාමාට සිතුනි.
එසේ කල නොහැකි වටපිටාවක් සමාජය විසින් ගොඩ නගා තිබුණි.
කුළ බේදයෙන් බැට කා කොළඹ පැමිණි රාමාට කාලකන්නින් විසින් ගිණි තබා, පුංචි පුතුගේ හිසට වයිරය පොවා නැවත යාපනය තල්ලු කරරට ජාතිය රැක ගෙන
තිබුණි. මාමගේ ඇස්වල හිර වී තිබුණු කදුළු බින්දු වලින් දෙකොපුල් තෙමි තිබුණි.
"කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය දෙවන වේදිකාවට පැමිණෙනු ඇත දුම්රිය
නවත්වන්නේ ගණේමුල්ල රගම ...." ඒ ගම්පහ දුම්රිය ස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍රයයි.
ප. ලි .