අහස් කුස දරුණු වී
මහා වරුසා වැටුණු
අතීතයේ එක් දිනෙක
තනිව වුන් ඔබ තුරළු කරන්
මතකයි මා පැමිණි අයුරු
මගේ සෙනෙහස් නවාතැනට
අම්මාගෙන් එල්ල කෙරුණු
දහසක් බැණුමන් අතරින්
එදා පටන් ආදරයෙන්
රැක බලා ගත්තෙ නුඹ
මගේ සෙනෙහස් නවාතැනේ
රැකවරනය ලබා දෙමින්
නුඹ කරනා පුංචි වරදෙ
චෝදනාව හැමදාමත්
අම්මා මට ලබා දුන්නෙ
පිටු ගණනින් ලියා නමුත්
කවදාවත් මා දුන්නෑ
කිසි වරදක් නුඹේ කරට
මා නුඹ හට දුන් ආදරෙ
වෙනසක් නෑ කිසි දවසක
අම්මාගේ කෙනෙහිලිකම්
දරාගන්න බැරි වුණාම
නුඹ ආවේ මගේ ළගට
වේදනාව පිරුණු නෙතින්
දින සති ගෙවිල ගිහිල්ලා
අම්මාත් හැර සරසවියට
ගතින් නමුදු සිතින් නොවේ
මා පැමිණියෙ නුඹ තනිකර
සරසවියේ නිවාඩු දින
මා පැමිණිය නුඹ බලන්න
ආදරයෙන් හිස පිරිමැද
නුඹෙ දුක් ගිනි නිවාලන්න
කාලය නම් අරුමයක්ය
වෙනස් කරයි හැම සිතුවිලි
පුදුමයි මට අදහනු බෑ
නුඹ සිටියලු අම්ම ලගින්
කිව්වෙත් මට අම්මා මයි
මා නැති තනි මකාලන්න...
෴ සුදු කපුටි -11෴...
නිවාඩු වෙලාවක ගිහින් එන්නත් ආසයි.. ඒ තරම් හිතට සමීප විශ්ව විද්‍යාලයක් :)
ReplyDeleteකවි සිතුවිල්ල ලස්සනයි නංගි
Thank You Ayye..sinhalen lyanna baa mata..apahu awith atheetheta yanna enna campus 1ta
Deleteලස්සන ඒ අතීත සැමරුම්..
ReplyDeleteදුකකි සිත පතුලේ..
නිමේශෙක සිතිවිලි ගොන්නට..
නවාතැන් පොළ ඔබ හද විමන..
රැගෙන ආවද මතක පොත.
අතීතෙට එක් වෙලා..
සිහින නටඹුන් අතර..
මතක අපෙ අද තනිවෙලා..
දෙතැනක රැඳී හිද
සිත් ගිමන් හල අසල..
සුබ පතමි හැම නිබඳ...
සිහිනයකි නොමැකී තිබෙන....
අනේ අක්කි, ඔයාගේ රසවත් කවි පෙලි අතර මා රසවතකමින් ගල් ගැසී දැහැන් සමවැද හිිටියා ගොඩාක් වෙලා...
ඔයාට හරිම ලස්සනට නිසඳැස් ලියන්න පුලුවන් අක්කි. මේ පුංචි නංගියා ඔයාට උණුසුම් සුබ පැතුම් පිරිනමනවා... දිගු දුරක් යාමට අක්කිට හිත සතුටින් මේ පුංචි නංගියා ආදරනේ පතනවා.
ඔයාව මේ පුංචි නංගියාගේ බ්ලොග් අඩවිය වෙත ඉතාම ආදරෙන් දයාවෙන් හා ගෞරවයෙන් පිලිගන්නවා අක්කි.
හැමදාම හොඳ මගේම අක්කි වගේ දයාබරව මගේ ළඟ සෙනෙහසින් රැඳී හිඳ මගේ වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්න එන්න මගේ බ්ලොග් අඩිවිය වෙත ඔයාට ඉතාම ආදරයෙන් හා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා....
පට්ට ...!
ReplyDeleteඑල
ReplyDeleteThank you
Deleteඅම්මලත් අපි නැති පාලුව මකා ගන්න,අපි ගෙදර ඉන්නකොට ආදරෙන් පරිස්සන් කරපු දේවල්,අපි නැති වුනාම අම්මල පරිස්සන් කරනව,මං හිතන්නෙ..ලස්සන අදහසක් :)
ReplyDeleteOw.. katath wada apiwa danne, aduranne ape ammala..wagema thaththala.. api adare kala dewal eyala rakinne api rakinawatath wada adaren.. mage amma man nati welawata mage balu surathalawa balaganne matath wada adaren
Delete