2/03/2014

අම්මයි මමයි නුඹයි

අහස් කුස දරුණු වී
මහා වරුසා වැටුණු
අතීතයේ එක් දිනෙක
තනිව වුන් ඔබ තුරළු කරන්
මතකයි මා පැමිණි අයුරු
මගේ සෙනෙහස් නවාතැනට
අම්මාගෙන් එල්ල කෙරුණු
දහසක් බැණුමන් අතරින්

එදා පටන් ආදරයෙන්
රැක බලා ගත්තෙ නුඹ
මගේ සෙනෙහස් නවාතැනේ
රැකවරනය ලබා දෙමින්

නුඹ කරනා පුංචි වරදෙ
චෝදනාව හැමදාමත්
අම්මා මට ලබා දුන්නෙ
පිටු ගණනින් ලියා නමුත්
කවදාවත් මා දුන්නෑ
කිසි වරදක් නුඹේ කරට
මා නුඹ හට දුන් ආදරෙ
වෙනසක් නෑ කිසි දවසක

අම්මාගේ කෙනෙහිලිකම්
දරාගන්න බැරි වුණාම
නුඹ ආවේ මගේ ළගට
වේදනාව පිරුණු නෙතින්

දින සති ගෙවිල ගිහිල්ලා
අම්මාත් හැර සරසවියට
ගතින් නමුදු සිතින් නොවේ
මා පැමිණියෙ නුඹ තනිකර

සරසවියේ නිවාඩු දින
මා පැමිණිය නුඹ බලන්න
ආදරයෙන් හිස පිරිමැද
නුඹෙ දුක් ගිනි නිවාලන්න

කාලය නම් අරුමයක්ය
වෙනස් කරයි හැම සිතුවිලි
පුදුමයි මට අදහනු බෑ
නුඹ සිටියලු අම්ම ලගින්
කිව්වෙත් මට අම්මා මයි
මා නැති තනි මකාලන්න...

෴ සුදු කපුටි -11෴...

8 comments:

  1. නිවාඩු වෙලාවක ගිහින් එන්නත් ආසයි.. ඒ තරම් හිතට සමීප විශ්ව විද්‍යාලයක් :)
    කවි සිතුවිල්ල ලස්සනයි නංගි

    ReplyDelete
    Replies
    1. Thank You Ayye..sinhalen lyanna baa mata..apahu awith atheetheta yanna enna campus 1ta

      Delete
  2. ලස්සන ඒ අතීත සැමරුම්..
    දුකකි සිත පතුලේ..
    නිමේශෙක සිතිවිලි ගොන්නට..
    නවාතැන් පොළ ඔබ හද විමන..

    රැගෙන ආවද මතක පොත.
    අතීතෙට එක් වෙලා..
    සිහින නටඹුන් අතර..
    මතක අපෙ අද තනිවෙලා..

    දෙතැනක රැඳී හිද
    සිත් ගිමන් හල අසල..
    සුබ පතමි හැම නිබඳ...
    සිහිනයකි නොමැකී තිබෙන....

    අනේ අක්කි, ඔයාගේ රසවත් කවි පෙලි අතර මා රසවතකමින් ගල් ගැසී දැහැන් සමවැද හිිටියා ගොඩාක් වෙලා...

    ඔයාට හරිම ලස්සනට නිසඳැස් ලියන්න පුලුවන් අක්කි. මේ පුංචි නංගියා ඔයාට උණුසුම් සුබ පැතුම් පිරිනමනවා... දිගු දුරක් යාමට අක්කිට හිත සතුටින් මේ පුංචි නංගියා ආදරනේ පතනවා.

    ඔයාව මේ පුංචි නංගියාගේ බ්ලොග් අඩවිය වෙත ඉතාම ආදරෙන් දයාවෙන් හා ගෞරවයෙන් පිලිගන්නවා අක්කි.

    හැමදාම හොඳ මගේම අක්කි වගේ දයාබරව මගේ ළඟ සෙනෙහසින් රැඳී හිඳ මගේ වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්න එන්න මගේ බ්ලොග් අඩිවිය වෙත ඔයාට ඉතාම ආදරයෙන් හා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා....

    ReplyDelete
  3. අම්මලත් අපි නැති පාලුව මකා ගන්න,අපි ගෙදර ඉන්නකොට ආදරෙන් පරිස්සන් කරපු දේවල්,අපි නැති වුනාම අම්මල පරිස්සන් කරනව,මං හිතන්නෙ..ලස්සන අදහසක් :)

    ReplyDelete
    Replies
    1. Ow.. katath wada apiwa danne, aduranne ape ammala..wagema thaththala.. api adare kala dewal eyala rakinne api rakinawatath wada adaren.. mage amma man nati welawata mage balu surathalawa balaganne matath wada adaren

      Delete