පුංචි කාලේ අප්පච්චි හවසට ගෙදර එනකොට මගට ගිහිල්ල අප්පච්චිගේ ගමන් මල්ල කරතියන්න් එනකොට හිතුනේ අප්පච්චිගේ මහන්සිය ගැන නෙවෙයි. මල්ලේ මොනවහරි කන්න ඇති කියල හිතාගෙන. මගේ පුංචි හිත දන්නා අප්පච්චිත් කන්න මොනවා හරි අරන් එන්නේ මල්ල හිස් උනහම මහේ මුහුණේ හිනාව හිස් වෙනවා බලන්න අකමැති හින්ද වෙන්න ඇති කියල මට හිතෙනවා. ඊට පස්සේ අපි ඉස්කෝලේ යන්න පටන් ගත්තම යාලුවෝ එක්කල වීර කතා කියද්දී අපි හැමෝටම වීරයෝ උනේ අපේ අප්පච්චිලා. එත් නිවාඩු දවස් වල අප්පච්චි වැඩට යනකනුත් මම නිදියනවා. අප්පච්චි කළුවරේම ඇවිත් මම නිදිද කියල බලල ගෙදරින් පිට වෙලා යනවා. මම නිදි නැතත් බොරුවට නිදි වගේ ඉන්නවා.
අපි හිමින් සැරේ ශිෂ්‍යත්වෙට ලැස්ති වෙනකොට හවස පන්ති ඉවර වෙන වෙලාවට අප්පච්චිගේ මුහුණ ටියුෂන් පන්තිය ඉස්සරහ හෙව්වේ රෑට තනියම ගෙදර යන්න බය හින්ද වෙන්න ඕනේ. අප්පච්චිගේ අත අල්ලන් ගෙදර ගියේ කකුල් පැටලිලා වැටෙයි කියල හිතල නෙවෙයි. ඒ ශක්තිමත් අත අත අරින්න හිතුනේ නැති නිසා. කාලයක් යද්දී අප්පච්චිගේ ඒ අත අල්ලන් යන්න මටම ලජ්ජා හිතුන. ඒ අතේ තිබුණු ශක්තිය පිරිහිලා තිබුණු නිසා නෙවෙයි. මගේ අතත් ඒ වගේ ශක්තිමත් කියල මගේ ඔලුවට වැටහුණු නිසා. ඇත්තටම එහෙම වෙලා කියල මට දනුනටත් වඩා යාලුවෝ එහෙම වෙලා කියල නිතරම කිව්වා මට මතකයි. මම පන්තිය ලගට යනකොට අප්පච්චිගේ අත අත්හැරිය. අප්පච්චිට මේක නොතේරුන නෙවෙයි. ඒ නිසාම වෙන්න ඇති කාලයක් යද්දී අප්පච්චිගේ රූපෙ පංති ඉවර වෙන වෙලාවට දකින්න නොලැබුණේ.
අප්පච්චිගේ අතේ එල්ලිලා අහන හිටපු කථා වලට වඩා අපිට අපේ කථා අහන්න ඕන උනා. වැඩි කල් නොගිහින්ම අප්පච්චිගේ ගොරහැඩි අත වෙනුවට සුකොමල අතක් අල්ලගන්න අපි පුරුදු උනා. අප්පචිගේ රළු කටහඩින් අහපු කථා වලට වඩා මිහිරි හඩකට අපි ප්‍රිය කළා. මේ හැම මේ හැම දෙයක් ම අප්පච්චිට තේරෙන්න ඇති. අප්පච්චි කවදාවත් පුංචි පුංචි දේවල් ඉස්සරහ සැලුනේ නැහැ. හැම දේම හිතේ හංගගෙන හටිය කාටත් හෝරාවට.
උසස් පෙළ කරලා ප්‍රතිපල ආපු දවසේ අම්මගේ මුහුණේ හිනාවත් ඇස වල කදුලුත් තිබ්බත් තාත්තගේ මුහුණේ ලොකු වෙනසක් නොපෙනුනත් හදවතේ පුදුම ආඩම්බරයක් හිරවෙලා තිබ්බ කියල නම් මට දැනුනා. මුල්ම වතාවට කැම්පස් එකට එනකොට මගේ ඇදුම් මල්ලකුත් අප්පච්චි කරතියන් අවේ ඒ ආඩම්බරේ නිසාම වෙන්න ඕනේ. බෝඩිමේ ඉන්න කාලේ හවසට කෝල් එකක් දීල කොහොමද පුතේ කියල අහද්දී මම වැඩක් පස්සේ කතා කරන්න කියල කිව්වම මුකුත්ම නොකිය ෆෝන් එක කට් කලා මට තවම මතකයි. මට මේ සතියේ මේ වැඩේට සල්ලි ටිකක් ඕනේ කිව්වාම අප්පච්චි කවදාවත් ඇහුවේ නැහැ මහපොළ ලැබුන නේද කියල. ඕනෙම වෙලාවට මගේ බැංකු ගිණුමේ සල්ලි තිබුණ. හැබැයි මම ඇහුවෙත් නැහැ අප්පච්චිඅ කොහොමද සල්ලි හොයාගත්තේ කියල.
සති අන්තේ ගෙදර යනකොට අප්පච්චි බොහොම ආඩම්බරෙන් බලා හිටිය මම එනකන්. ගෙට ඇතුල් වෙනකොටම මගේ ඇදුම් මල්ල අප්පච්චි අතට ගත්ත. මමත් මල්ල අප්පච්චි අතට දීල කුස්සියට ගිහින් පුටු කබලෙ වාඩි වෙලා අම්ම එක්ක ආගිය කෙරුවාව කියද්දී, අප්පච්චි එතනට අවේ නැහැ. හැබැයි ඒ හැම වචනයක්ම අප්පච්චි ඈතට වෙලා අහගෙන හිටිය කියල මම දන්නවා. ගෙදර ආපු දවසක අම්ම මොකද්දෝ ප්‍රශ්නයක් ගැන අප්පච්චි ගෙන් ඇහුවොත් අප්පච්චි පුතාගෙනුත් අහල බලන්න ඕනේ කියල කියනවා මට ඕනේ තරම් ඇහිලා තියනවා. ඉස්සර හැමදේම දන්න අප්පච්චි දැන් මගෙන් උපදෙස් ගන්නත් බලා ඉන්නේ ඉස්සර මට අප්පච්චි වීරයෙක් උනා වගේ දැන් අප්පච්චි ට මම වීරයෙක් වෙලා නේද කියල මටම හිතෙනවා.
අප්පච්චි පෙන්ෂන් යන්න ඔන්න මෙන්න තියෙද්දී මටත් මගේ සරසවි ජීවිතේ ඉවර කරලා ගෙදර යන්න ලැබුණා. ඔය අතර රස්සාවක් කාරිය ලැබිල උදේ හවස පිස්සුවෙන් වගේ ය එනකොට අප්පච්චි එයාගේ කාර්යාලයේ වෙච්චි සිදුවීම් මගෙත් එක්ක කිව්වේ මටත් යමක් අරගන්න කියල මට තේරුනත් මම ඒවා අහන හිටිය වගේ පෙන්නුවා. ඉස්සර අප්පච්චි ගෙදර එනකොට අප්පච්චිගේ ගමන් මල්ල ගන්න මම මගට යනවා වගේ දැන් අප්පච්චි මම එනකන් මග බලා ඉන්නවා. එත් මගේ මල්ලේ කන්න මොකුත් තියේවි කියල බලාපොරොත්තුවක් ඔහුට තිබුනේ නැහැ, මගේ මහන්සිය විතරක් ඔහුට දැනෙන්න ඇති. අප්පච්චි ආදරේ කලේ මගේ ගමන් මල්ලට නෙවි කියල මට දැනුනා. එත් මම එක ගණන් ගත්තේ නැහැ.
හැමදාම වැඩ ඇරිලා ගෙදර එන වෙලාවට මගට එන අප්පච්චි අද මගට ඇවිත් හිටියේ නැහැ. ගේ ඇතුලට ගියහම දැක්කේ අප්පච්චි වැටිලා තුවාල වෙලා , ඇදට වෙලා ඉන්නවා. හේතුව අහන්න තරම් මට හයියක් තිබුනේ නැහැ. වහලේ කැඩිච්ච උළු කැට මරු කරන්න කියල අප්පච්චි සති දෙකකට කලින් කිව්වා මට මතක් උනා. වහලට නගින්න තිබ්බ ඉනිමග ලිස්සල වැටිලා, කොහෙද පුතා මේ මනුස්සය කියන එකක් අහන එකක් ය අම්ම කියනවා ඇහෙනවා. එත් අප්පච්චි මට වැඩ පස්සේ වහල හදාගමු කියල මම කිව්වා නේද කියල මගේ හිත මගෙන් අහනවා .
අපි හැම දාම දැක්කේ අප්පච්චිගේ මුනේ හිනාව විතරයි. ඒ ව්‍යාජ හිනාවට යටින් අප්පච්චිම හංගල තිබ්බ වේදනාව අපිට කලින් දැනුනා නම් කියල මට හිතෙනවා. එත් කවදාහරි අප්පච්චි හිටියනම් කියල දැනෙන්න කලින් ඒ හිනාවේ අර්ථය තේරුණු එක ගැන මම සතුටු වෙනවා . නැහැ නැහැ තවත් පරක්කු නැහැ මම කෝල් එකක් ගන්නවා .
සර් ,මට හෙට වැඩට එන්න වෙන්නේ නැහැ තාත්තට ටිකක් සනීප මදි කියල හෙටට නිවාඩුවක් ඉල්ලනවා.
--------
අපි හැමෝගෙම අත්දැකීම් වල එකතුවකි.
සුභාෂ් ~ 08 ඔටුවා
පෙර සබැදි මාවතේ ජීවිත ~5~ බලපොරත්තුවලටත් ට්‍රැෆික්
තාත්තගේ භූමිකාවේ අගය වැටෙහෙන්නේ බොහොම පහුවෙලා. අගනා හිතට වදින සටහනක්
ReplyDeleteබොහොම පහු වෙලා උනත් පසු තැවිල්ලක් ඇති කරගන්න කලින් වටහුනොත් කියල තමා නම දැම්මේ "පසුතැවිල්ලට පෙර " කියල :)
Deleteහරිම සංවේදී වගේම හුඟක් හිතට දැනුන පෝස්‍ටුවක්...
ReplyDeleteජීවිතේ ඇස් පනාපිට දෙමව්පියන්ගේ ආදරය පෙනි පෙනි තිබුනත් අපි නොසලකා හරින අවස්ථා කොච්චර නම් තියෙනවද කියලා හිතුනා.
අපි හැමෝගෙම අත්දැකීම් එකතු වෙලා වගේ නේද ..... :)
Deleteමම අද ඉන්න තත්වෙත් එක්ක තදින්ම හිතට දැනුනා මේ ලියැවිල්ල.
ReplyDeleteමමත් ඔහොම තත්වෙක ඉන්න ඇති මන් හිතන්නේ අපි ගොඩක් දෙනෙක් :)
Deleteසංවේදි පෝස්ට් එකක්..
ReplyDeleteස්තුති දිනේෂ්..
Deleteහෙඩිම ඇති තේරුම් ගත් ප්‍රමාණය මැනගන්න. ජය වේවා.
ReplyDeleteබොහොම ස්තුති දේශකයා ...!!
Deleteකාලෙන් කාලෙට අපේ සිතුවිලි වල සිද්ධ වෙලා තියෙන වෙනස්කම් ලස්සනට අකුරු වලට හරවලා.. මම හිතින් ඒ ඒ කාලවල් වලට දුවලා ගියා.. :)
ReplyDeleteතවත් කාලයක් තියෙනවා ඉදිරියේදි දුවන්න.. බලමු ඒ කාලවල් වලදී මීට වඩා වෙනස් දෙයක් කරන්න පෙළබෙයිද කියලා...
කියන්න දෙයක් නෑ ලියවිල්ල සුපිරි... පිස්ටෝ වගේම ලස්සන ලියවිල්ලක්.. !
මදුරංග අයියන්ඩිට තාමත් පිස්ටෝ මතයි වගේ. ආයේ අහන්නත් දෙයක් ය අයිය පිස්ටෝව දන්නවා නේ .....
Deleteතැන්කු වේවා අයියන්ඩි ......!!!!
ගොඩක් සංවේදියි මචෝ...
ReplyDeleteතැන්කු වේවා මාචෝ ...... (Y)
Deleteඅර ඇහුවාම,කියෙවුවාම,දැක්කාම,වින්දාම කට උත්තර නැති වෙන ජාතියේ දේවල් තියෙනවා නේද?
ReplyDeleteමේ ඒ ජාතියෙ එකක්
නියමයි!
ප.ලි:ලියලා ගොඩක් කල් නේද.මොකෝ පරක්කු උනේ?
ලියල නම් මාස ගානක් වෙනවා අයියණ්ඩි ත් එව්වා නේ ලියපු ගමන් පොඩි අව්ලක් නිසයි post කලේ නැත්තේ.......
Deleteදැනුනා..!! තාත්තාට ආඩම්බර වෙන්න පුළුවන් විදියෙ හිතක් තියෙන පුතෙක් තමයි ලියලා තියෙන්නෙ මේක!!
ReplyDeleteවරද්දා ගෙන,පස්සෙ පසුතැවිලි වෙන්න කලින් මෙහෙම හිතන්න දෙයක් එකතු කල එක නම් ලොකු පිනක් මං හිතන්නෙ :)
ReplyDeleteතාත්තා මිය ගිය පසු තාත්තලා ගැන ලියවුණු දේ කියවන්න හරිම අමාරුයි! සංවේදීත්වය අති සංවේදී වෙනවා.
ReplyDelete