2/11/2014

හිරු නොබසින හැන්දෑවක

රහස් කියනා සීත මදනල..
හමා යන අර ඈත විල් තෙර..
ඔබේ අත ගෙන තනිවු මොහොතක..
සියොත් ගී වැල් රැදුණි සවනත..
නොබැස ඇස යට..
දිලෙන හිරු රැස්..
කිතිකවයි ඒ..
මතක සිතුවම්..
විහිද විකසිත සැලෙන ලවනත..
කැලත පොපියන රසය මනරම්..
සොයා වෙහෙසන..
කරුණු නම් කිම..
ඔබට කිසියම් විටක සිතුණිද,
ඇතිද මිහි මත,
මේ තරම් නම් සෙනෙහසක්...



෴ මීයා -10෴

2 comments:

  1. සොබා දහමේ අසීමාන්තික සෙනෙහස... !
    ලස්සනයි මීයා මල්ලි කවි සිතුවිල්ල !

    ReplyDelete
  2. ම්ම්ම්....මනසේ මැවෙන විදියට ලියලා තියෙනවා. අපූරු නිර්මාණයක්...!!

    ReplyDelete