පුංචි කාලේ !
ශිෂ්‍යත්වෙට දන්නැතුවම දිව්වා.
ර්ට පස්සේ A 10 ක් පස්සේ දිව්වා..
පස්සේ කැම්පස් යන්න,
ර්ට පස්සේ මාස්ටර්ස්..
තව ටික දවසකින් ඩොක්ටරේට්..
ඒ අස්සේ අතරින් පතර,
විභාග, එසන්මන්ට්, පබ්ලිකේසන් and වයිවා
කන කට්ට තවත් කට්ටක් කලා..
ටිකක් හති වැටුනම පිටිපස්ස බැලුවා..
ගමන මගින් නවත්වපු උන්,
අද ලස්සන පර්මනන්ට් ජීවිත ගතකරනවා..
දැක්කම දුකයි ..හිතටත් බයයි..
අනාගතේ ෂුවර් නැති Temporary ජොබක් කරන
තාමත් හීන පස්සේ හති දාගෙන දුවන
මම ගැනම.
දුවනවා දුවනවා දුවනවා ඉවරයක් නෑ බන්. උඹ විතරක් නෙමෙයි. අපි ඔක්කොම. හති දාගෙන දුවනවා. ඉවරයක් නැති මැරතන් එකක්. වටේ ඉන්න උන්, ලෝකය, සමාජය අපට ගහනවා වතුර පනිට්ටු. ඒත් පොඩ්ඩක් නැවතිලා පාර අයිනේ ඇලට් එකක් දාන්න දෙන්නේ කවුරුවත්. එහෙම කරන්නත් බෑ. එහෙම කරන්න පුළුවන් විදිහටත් නෙමේ සිස්ටම් එකේ නීති හැදිලා තියෙන්නේ. එහෙම කරන අය පරදිනවා(ලු). අර හාවගෙයි ඉබ්බගෙයි රේස් එකේ හාවට උනා වගේ. හිමින් හරි ඉබ්බා වගේ ඉස්සරහටම දුවන්න ඕන. එහෙම වුනාම(ලු) දිනන්නේ. ඉතින් දුවනවා දුවනවා... ආයේ දුවනවා.
ReplyDeleteඅන්තිමට බලපුවාම නවතින්නේ මරණ ඇඳේ. කෝ හොයපු සතුට?
අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ ගොඩගහගත්තු යකඩගොඩවල් ටිකකුයි, කොන්ක්‍රීට් ගොඩවල් ටිකකුයි විතරයි.
දුවලා තියෙන්නේ එකම තැන. රෝදය උඩ දුවන මීයෙක් වගේ.
ඒත් එකතැන දුවලා නැවතිලා හිටියා නම් ජීවිතය විඳවන්නේ නැතුව විඳින්න තිබ්බා.
මම හිතන්නේ බුදුන්වහන්සේත් කියලා තියෙන්නා දුවන්නේ නැතුව නවතින ක්‍රමේ වෙන්නැති.
ඒත් අපි කාටවත් ඕක කරන්න බෑනේ බන්.
එනිසා දුවමු. පුළුවන් තරං හයියෙන්.
හතිදාගෙන දුවමු.
ඉලක්ක පස්සෙන්.
ඉලක්කයක් ළඟට ආවම,
අලුත් ඉලක්කයක් හදාගෙන ආයේ දුවමු ඕයි.. !
මැරෙනකල්ම !
එසන්මන්ට්, පබ්ලිකේසන් ?
ReplyDeleteදළ බුවා
ReplyDeleteඇත්ත බං.
ReplyDeleteසුපිරියි
ReplyDeleteසුපිරි බන්.............
ReplyDelete