සදුදා උදේට වැඩට යන එක සතියේ අනිත් දවස් වල වැඩට යනවට වඩා වෙනස් කියල දැනෙන්නේ මට විතරද කියල වෙලාවකට මට හිතෙනවා. ඉරිදා රෑ වෙනකන් ෆිල්ම් බලන එකේ රඟ දැනෙන්නේ සදුදා උදේ ඇදෙන් නැගිටිනකොට කියළ පහුගිය දවසක අපේම එකෙක් කිව්වා නේද කියල මට මතක් වෙනවා . එහෙනම් සදුදා උදේ අපි හැමෝටම පොදු ගැටළුවක් කියල මම හිතනවා .... කොහොම හරි කඩිමුඩියේ ඇදගෙන මමත් පාරට බහිනවා.
වෙනිදට ගුඩ් මෝනිග් කියන සමරේ අන්කල් අද හිනාවක් විතරක් දාගෙන යනවා ... ඒ හිනාවත් වෙනිදට වඩා වෙනස් කියලා තේරුම් ගන්න බැරිවම මමත් ගුඩ් මෝනිග් අන්කල් කියාගෙනම යනවා ... නැවතිලා කතාකරන්න වෙලාවක් නැහැ කියල අන්කල් දන්නවා... ඉස්කොලේ යන පොඩි උන් ටිකත් ඉස්සර කරගෙන මමත් එක පිම්මේ බස් එක අල්ලගන්න දුවනවා.... දුවනවා කිව්වට එක දිවීමත් අවිදිමත් අතර ගමනක් .... පොඩි උන් අතර හිටිය මොකෙක් හෝ කටකාර එකෙක් මොනවදෝ කියනවා මට ඇහෙනවා ... එත් ඒ මටද නැතිනම් උන්ගේ කතාවක් ද කියල හිතන්න උවමනාවක් නැති මමත් එක පිම්මේ ඉදිරියට යනවා ....
පොලිසියේ රාලහාමිත් උදේ පාන්දරම වැඩ. පාර මැද්දේ ඉදන් යන එන වාහන එක්ක ඔට්ටු වෙනවා... බස් එකට ටිකට් ගන්න මාරු සල්ලි කලිසමේ දකුණු සාක්කුවට දාගන්න පොඩි කාලේ ඉදන්ම තිබුනු පුරුද්ද නිසාම මමත් පර්ස් එකෙන් සල්ලි අරන් දකුණු සාකුවට දාගන්නවා... ඇත්තටම වමත් කාරයෙක් වෙච්චි මගේ පොඩි කාලේ පුරුද්ද සල්ලි වම් සාක්කුවට දාගන්න එක . පස්සේ වම් සාක්කුවට ෆෝන් එක එකතු වෙනකොට ඉබේම සල්ලි වම් සාක්කුවෙන් දකුණු සාක්කුවට මාරු වූනා.. ජීවිතේ එක එක කාලෙට එකතු වෙන දේවල් නිසා තිබෙන දේවල් වල ස්ථාන වෙනස් වෙන හැටි කියල මට හිතෙනවා .....
මතකයේ ගිලිලා හිටපු මට, මගේ ටි ෂර්ටය දැක්කම ඉහ මොළ රත් වෙන්න ගන්නවා ... "හත් ඉලව්වයි ටි ෂර්ට් එක කණපිට ............" මට ඉබේම වට පිට බැලෙනවා ..... කාට හරි වැඩේ මාට්ටු වෙලා වත්ද කියල හිතන මම වටපිට බලනවා ...... වැඩි දෙනෙකුට මම එතැන ඉන්නවද කියලවත් අවදානයක් නැතත් උන්ට වැඩේ තේරිලා කියල මගේ හිත කියනවා .... ඔය අතර එක අයෙක් මන් දිහා බලා ඉදල මන් ඔහුව දැකපු නිසා අහක බලාගන්නවා .... අහක බලන් තනියම හිනාවෙනවා .... මිනිහට නම් වැඩේ තේරුනා කියල මට හිතෙනවා .... "මිනිහ දැක්ක නම් මන් කණපිට ඇදන් ඉන්නේ කියල තනියම හිනා වෙන්න ඕනිය මට හෙමින් සැරේ කිව්වා නම් ඉවර නේ t ෂර්ටඑක මාරු කරගන්න තිබූන නේ......" මම මගේ වරදට, වරද දැකපු කෙනාට හිතින් බනිනවා .... ඇත්තටම මිනිහ මොකටද මට කියන්නේ මමත් දන්නවා කණපිට කියල. ඒ මනුස්සය කිව්වා නම් මාරු කරගන්නවා කියල හිතන් ඉන්නේ මොකටද ම්ට ඕනි නම් දැන් උනත් t ෂර්ටය මාරු කරගන්න පුළුවන් නේ කියල මටම හිතෙනවා. "වරදක් වහගන්න මිනිස්සු කොච්චර අවස්ථාවාදී වෙනවද? මුලික හේතුව පැත්තකින් තියල මුල් හේතුවෙන් ජනිත වෙන අතුරු පලයන් පස්සේ වැඩි අවධානයක් දෙනවද?" කියල මටම හිතෙනවා. "අන්න උබම හොද උදාහරනේ" කියල මගේ හිත මටම කියනවා ..
ඕන කෙනෙක් ඕන එකක් හිතපුවාවේ මන් මගේ පාඩුවේ ඉන්නවා මම මටම කියගන්නවා. t ෂර්ටයේ කණපිට වර්ණය , හොදපිට වර්ණය තරම් තීව්‍ර නොවුනත් , මැහුම් පාරවල් පිටට පෙනුනත් අලුත් මෝස්තරයේ මෙවැනි t ෂර්ට් ඇතිබව මට මතක් වෙනවා . එමනිසාම බොහෝදෙනෙකුට මෙහි අරුමයක් නැති ව ඇතැයි මගේ හිත නිදහසට කරුණු කියනවා . වරදක් කලත් සමාජය හා සසදලා එක වරදක් නොවේය කියල අපිවම රවටන්නේ පිට කවුරුවත් නොවේය අපේම හිත කියල මට හිතෙනවා. xl ලේබලය කොලරයේ පිටිපස්සේ එල්ලෙමින් අලුත් මෝස්තරයේ ව්‍යජත්වයට ඔච්චම් කරනවා කියල මගේ හිත අමතක කරලා.
කොහොමින් කොහොම හරි මම බස් එකටත් නැග ගන්නවා. සීට් එකක් නොලැබුන නිසාම හිටගෙන ඉන්න සිද්ද වෙනවා. බස් එකේ මිනිස්සුන්ට මං ගැන අවධානයක් නැතත්, හැමෝම මන් දිහා බල ඉන්නව කියල මට හිතෙනවා. ඔය මහා ලොකු හොර කම් මැර කම් කරන දේශපාලකයන් කොහොම චන්ද දායකයන් ඉස්සරහට එනවද කියල මට හිතෙනවා....... හැබැයි ඉතින් ඒ එන්නෙත් රෙද්ද කණපිට අදාල නෙවි නේ කියල මතක් වෙද්දී මම මගේ කණපිට ඇදපු t ෂර්ට් එක දිහා හොරෙන් බලනවා.
අම්මත් එක්ක මොන්ටි සොරි යන පුංචි දුවෙක් අම්මගේ කණට කරලා මොකක්දෝ රහසක් කියනවා. අම්මත් එක පාරම ඔලුව උස්සල මන් දිහා බලනවා. අම්මගේ යි දුවගෙයි දෙන්නගෙම ඇස් හතරම මන් දිහාට එල්ල වෙලා .... දුව අතින් කට වහගෙන හිනාවෙනවා. අම්මත් ජනේලෙන් ඉවත බලාගත්තත් හිනාව තද කරගෙන ඉන්නේ කියල මට පෙන්වා ..... ඇත්තටම දැන්නම් ගම කැවී ඇත. පුංචි දුවට වැඩේ මාට්ටු වී ඇත .... ලොකු මිනිසුන් අලුත් ෆැෂන් එකක් කියා වැඩේ සංකීර්ණ කරගත්තට පොඩි එකාට එහි වගේ වගක් නැත. උන් සැබවින්ම සම්මතයයි අසමම්තයයි අතර වෙනස ලොකු මිනිසුන්ට වඩා හොදින් දන්නවා යයි මට හිතේ.... උන්ගේ ලෝකය ලොකු මිනිසුන්ගේ ලෝකයට වඩා සරල නිසාම පෙනෙන දේ දකින්නට උන්ට පුළුවන් ඇති කියල මට හිතෙනවා . එතකොට ලොකු මිනිස්සු පෙනෙන දේ දකින්නේ නැතිද උඩු හිත මනසින් ප්‍රශ්නයක් අහනවා .. ලොකු මිනිසුන් පෙනෙන දේ දකින්නේ අවශ්‍ය ප්‍රමාණය විතරයි . එහෙම නැතිනම් දකින දේ තේරුම් ගන්නේ තමුන්ගේ සිතුවිලි වල දිග පළලට .. ටිකකට කලින් කණපිට ඇදපු t ෂර්ට්ය අලුත් ෆැෂන් එකක් කියල මගේම හිත මාව රවටපු හැටි මතක් උනාම මමත් ලොකු මිනිහෙක් කියල මටම වැටහෙනවා .
සිතුවිලි සමුදාය මාව ප්‍රශ්නයෙන් ඈතට අරන් ගිහින් කියල හිතනකොටම බය අයෙමත් මාව යථාර්තයට එක්කන් එනවා . ඇත්තටම මේ වෙලාවේ භය වෙන්න ඕනේ මොකටද කියල මම හිතනවා . ඇත්තටම භය "ලජ්ජාවට" ය , අන් අය ඉදිරියේ මට වැරදීමක් සිදුවී ඇති බව පෙනීමේ ලජ්ජාවටය .. අර පොඩි එකී නිකමට හරි කිව්වොත් අංකල් ගේ t ෂර්ට් එක කණපිට කියල , මෙතෙක් නොදැක්කා සේ සිටී බොහෝ දෙනා හැරී බලනු ඇත. උන්ගේ අලුත් ෆැෂන් ආතල් එක , ක්ෂණයකින් සුන් වනු ඇත. එයින් පසු උන් නොදනුවත්වම උන්ගේ සිතුවිලි පොඩි එකී ගේ කතාව ඔස්සේ ම දිගහැරෙනු ඇත.. එය අපේ මිනිසුන්ගේ හැටිය. කවුරුන් හෝ කාට හරි ලේබලයක් ඇලවූ පසු වටේ සිටින අනිත් අයත් බලන්නේ එලෙසමය. උන්ට තවදුරත් සිතනු උගහටය... ලේබලය මොලය ඔෆ් කර ඇත. මගේ සිතුවිලි වලට බාධා කරමින් අම්මයි දුවයි බස් එකෙන් බහින්න දොර ගාවට යනවා . දුව තවමත් මන් දිහා බල හිනාවෙනවා .. "අංකල් ගේ t ෂර්ට් එක කණපිට" ඒ හිනාවේ ලියවිලා තියනව කියල මට හිතෙනවා . මමත් "ඔව් t ෂර්ට් එක කණපිට" කියල ලියපු හිනාවකින් ඇයට සංග්‍රහ කරනවා ... පුංචි උන් කෙතරම් අව්‍යජද ? ... උන් හැගීම් හංගන්නේ නැහැ නේ කියල මට හිතෙනවා . අයෙමත් සිතුවිලි මාව කොතරම් ඈතට අරන් ගිහින් ද කියල මට දැනෙනකොට මම බහින තැනට ලංවෙලා ... බස් එකෙන් බැහැගෙන මම ඔෆිස් එකට යනවා ....
සමරේ අන්කල්ගේ හිනවයි පොඩි දුවගේ හිනාවයි දෙකක් කියල මට හිතෙනවා ..... පිම්මේ දුවන්නේ නැතිව ඉස්කෝලේ යන පොඩි උන් ටික කිව්වා දේ ට යන්තම් හරි කන් දුන්න නම් ගෙදර ගිහින් t ෂර්ට් එක මාරුකරගන්න තිබුන කියල මට හිතෙනවා. අපි හැල්මේ දුවල ජීවිතේ කොච්චර නම් දේවල් නැති කරගන්නවද කියල මට හිතෙනවා ... "ඔයින් ගියා මදැයි නිකමට හරි අද බස් එකේ එකෙක්ට පොකට් ගැහුවා නම් උබට අම්බානක කන්න වෙනවා උබව තමා අහුවෙන්නේ. " මගේ යාළුවා කියනවා. කතාව ඇත්තය සාමන්‍යට වඩා යන්තම් හෝ වෙනස් වීම, නිකරුනේ වැරදි කරු වීමට හේතුවකි .....
පොකට් කාරයන් ටයි කෝට් හෝ සුදු ජාතික අඩුම ඇද පොකට් ගසන්නේ නැතිවා සේම ...... රටේ ධනය මංකොල්ල කන මහා පරිමාණ හොරුන් බොහෝ විට කළු කෝට් හෝ සුදු සරම් නැතිව සමාජ ගත වන්නේද නැත.... ඩෙනිම ඇදි පොකට් කාරයෙක් අසුවූ විට කන පලන මිනිසුන් ජාතික මංකොල්ල කරුවන් ගෞරව බුහුමන් දක්වයි. වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යවයි..... ඇදුමින් බලයෙන් තත්වය මනින මිනිසුන් අතර ටිෂර්ට්ය කණපිට ඇදි මම, මගේ පුංචි බැල්මක වෙනසකින් ගුටි කෑමට නියමිතව සිටි බව මට හිතෙනවා ......
~08 ඔටුවා (සුභාෂ්)~
පෙර සබැදි ~
ප. ලි.
මාවතේ ජීවිත කතා කතා මාලාව 2012 ඉදල වරින් වල සමාජයේ හමුවුන විවිද චරිත පසුබිම් වුනි. මේ මාවතේ දුටු තවත් එක් චරිතයක්. මාස 2 3 කට ඉහත මටම සිදුවූ සත්‍ය සිදුවීමකි. කොටින්ම කිව්වොත් t ෂර්ටය කණපිට ඇදන් ගියේ මම ය .... සත්‍ය සිදුවීමට වඩා කතාව ගොඩ නැගීමට මනක්ලිපිත සසිදුවීම් එක්කල අතර .... අයෙමත් රෙදි ඇදන් යා යුතු නිසා තවත් කොටස් ඉවත් කරන ලදී ...
T ෂර්ට් එක කමක් නෑ කියමු අපේ එකෙක් ආවා කලිසම අනිත් පැත්තට ඇඳලා. සිපර් එකත් උස්සලා බොත්තමත් දාගෙන තිබ්බා. විස්වාස කරනවානම් කොරන්ඩ ආයිබෝවන්........... හැබැයි ඒ පහේ පන්තියේදී?
ReplyDeleteහදිස්සියට කොරොස් කටෙත් අත දා ගන්න බැරිවෙනවා කියනවනේ... මේ ඔක්කොටම මුල මටහිතෙන්නේ හදිස්සිය.
ලස්සනයි...... හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැල්මේ දුවන හින්දා තමයි ඔක්කොම වෙන්නේ...........
ReplyDelete