රෝස පාටින් පිපුණ රොබරෝසියා ගහක්..
සුදු පාට මල් හැලුවේ හිතිලාද දුක හුඟක්..
පුරවගෙන ආකාසේ කළු වලා මහ ගොඩක්..
හෙලන වැහි ඉකි බිඳුම් කියනවද දුක් කවක්..
අප දෙපා පහස නැත කියා මැසිවිලි නඟන්..
අක්බාර් පාලමත් හඬයි දෝ මට කියන්..
ආයෙමත් අප එතැයි දුක් කඳුලු තද කරන්..
ගලහ හන්දිය යළිත් ඉන්නෙපා මඟ බලන්..
මල් පාරේ කොඳුරන්න අපි මෙහේ නැති වේවි..
ගලින් නිම කළත් ඒ කුලුණු නම් දුක් වේවි..
වල සතියේ මතකයන් හිතට සතුටක් දේවි..
වසන්තයේ අගදි තව තවත් අය එක්වේවි..
සොයුර සොයුරිය නුඹව අපේ මතකෙට ඒවි..
එක්ව පියනැඟි මඟේ අප නැතුව නුඹ යාවි..
සිනහ සරදම් පිරුණු සැඳෑ සිහියට ඒවි..
යළිත් හමුවූ දිනෙක සෙනෙහසින් හිනැහේවි..
හිතේ නැඟි කඳුලු වැල් හිත තුළම සිර කරන්..
දිවි මඟේ මහ බරක් උරමතට තද කරන්..
හන්තාන අඩවියේ සිව් වසර නිම කරන්..
අවසරයි සමුගන්න මිහිරි මතකය අරන්..
.
.
.
.
රන්දු
අපි ඕකෙන් ගිහිල්ලා අව්රුදු 30ක් වෙනවා පුතේ!
ReplyDeleteතව අවුරුදු 30කින් අපිත් ඔහොම කියයි...
Deleteදුක හිතෙන වෙලාවක්... අැස්වලට කදුලු අාවා.. අැත්තම කිව්වොත් අැඩුවා
ReplyDeleteහ්ම්ම්.... ඔව්. මේ මතක දාලා යන්න තමයි මාරු වුණේ..
Deleteඅත්දැකීම් මුසු පැදිපෙළක්
ReplyDeleteලස්සනයි ජයවේවා...