හන්තානෙ කඳු මුදුනින්-සම්ප්‍රේෂණ කණු තුඩගින්
ගණ මීදුම් සළු ඉරා නැඟී විත්
කාල මැදියමේ සඳ නැති දා
දෑස කෙවෙනි තුළ වැදෙනා
රක්ත වර්ණ ගිණි පුළිඟු නගන එළි
හදවත පතුළට වැද සැඟවී
දහසක් සිතුවිලි මුදා හරියි
සසල හදට කොඳුරා
ලෙයින් පෙඟී කඳුලින් නැහැවී ගිය
සරසවි නිම්නය පරාවර්තනය වී දෝ
ඒ එළි නැංවෙන්නෙ....
තෙරක තිරක් නැති අනාගතය දැක
කණ නෙත් අභිමුව අනතුරු අඟවාදෝ
ඒ එළි කැරකෙන්නෙ....
බොඳවී යන වස්සාන යාමයට
පර මැයි මල් ලෙස ඔච්චම් පාලා දෝ
ඒ එළි හිනැහෙන්නෙ....
සබඳ එළිය නුඹ
පායාපන් සඳ නැති හැම රෑකම
මිලාන තරු එළිය පරදාලා..
තද රතු පැහැයෙන් දිස්න දිදී
දහසක් තීව්‍ර හැඟුම් දිදී
M.P පරාක්‍රම
No comments:
Post a Comment