ඉතින් අපි ලෑස්ති උනා නත්තල් උත්සවේ නියම සතුට සමරන්නත් එක්ක කට්ටිය එකතු වෙලා ලමා නිවාසෙකට ගිහින් එහෙ ඉන්න අහිංසක ලමයි ටිකක් එක්ක ඒ සතුට බෙදාගන්න. අපි සින්දු ටිකක්කුත් ලෑස්ති කරගන පුලු පුලුවන් විදියට තෑගි ටිකකුත් හදාගන නුවර ලමා නිවාසෙකට ගියා.
එතෙන්ට ගියාට පස්සෙයි අපිට තේරුනේ අපි කරේ කොච්චර ලොකු දෙයක්ද කියන එක. ඒ පොඩි උන්ගේ මූනේ ඇඳිච්ච අහින්සක හිනාව දැක්කම, ලැජ්ජාවෙන් වගේ ඉස්සරහට ඇවිත් පොඩි සින්දුවක් කිව්වම.... ඒ නත්තලේ අපිට හම්බුනු ලොකුම තෑග්ග තමයි ඒ හිනාව. අපිට පොඩි උන්ට ලොකු දෙයක් දෙන්ඩ බැරි උනා. ඒත් ඒ පොඩි උන් අපෙන් ලොකු දෙයක් බලාපොරොත්තු උනෙත් නෑ. අපිත් එක්ක එකතු වෙලා විහිලුවක් කරලා හිනා වෙද්දි, අත්පුඩි ගගහා පොඩි සින්දුවක් කියද්දි, ඒ ලමයින්ගේ ඇස් වලින් පෙනුන හම්බුනු සතුට කොච්චරක්ද කියලා.
මං හිතන්නේ ඒක තමයි අපෙන් ඇත්තටම වෙන්ඩ ඕනා. අපි මිනිස්සු විදියට තවත් මිනිහෙක්ගේ දුක අඳුරගන තව කාගේ හරි හිතකට සතුට ගෙනත් දෙන්ඩ ඕන. ඒක තමයි අපිට කරන්ඩ පුලුවන් ලොකුම පින. පොඩ්ඩක් කල්පනා කරලා බලන්ඩ අපි පුහු දේවල් වලට කොයි තරම් සල්ලි, කාලය නාස්ති කරනවද කියලා. මං පිලිගන්නවා මං ඕනා තරම් එහෙම කරලා තියනව කියල. ඒත් බස් එකට අසරන මනුස්සයෙක් නැග්ගොත් රුපියල් දහයක් දෙන එක අපිට ගොඩක් අමාරු දෙයක්. අපි කැම්පස් එකෙන් යන්ඩ කාමර අස් කරද්දි අරක්කු බෝතල් කොච්චර ඕව ඇතුලේ තිබුනද? ඒ වගේ වෙලාවකට සල්ලි නාස්ති කරන එක අපිට ප්‍රශ්නයක් නෙමේ.
බලාගන යද්දි වෙලාවකට අපි ජීවිත යන්තරේ පාට කරන්ඩ අර ගන්නේ පුහු දේවල්. ඒ දේවල් වැඩකට නෑ කියලා තේරෙන්නේ කාලයක් ගියාම.
මං හිතනවා කලා කවේ මේ අවුරුද්දෙත් ඒ වගේ දෙයක් කරයි කියලා. එහෙම කරොත් ඒ අය විතරක් නෙමෙයි, මිනිස්සු ගැන හිතන්ඩ පුරුදුවෙලා ඉන්න මේ බ්ලොග් එක කියවන අයත් සහයෝගයක් දෙයි කියලා. ඇත්තටම අපි මොනා හම්බ කරත් අන්තිමට අපිට ඉතුරු වෙන්නේ හිතේ සතුටයි සැනසීමයි විතරයි නේද?
සිරා වැඩේ පරා !!!
ReplyDeleteමේ අවුරුද්දෙත් මෙහෙම දෙයක් කරනවනම් ගති.
මාත් ෆොටෝ එකක ඉන්නේ. සතුටුයි සතුටුයි. :)