1/30/2014

ගීතය

පද වැලුත්
මගේ නෙවෙයි
සංගීතෙත්
මගෙ නෙවෙයි
ඒ තනුවත්
ඒකත් මගේ නෙවෙයි
ඒත්
මම අහනවා
මට දැනෙනවා
ඔහුගේ කරච්චල්
සංගීතයෙන්
ඇගේ මියුරැ කට හඩින්
ගැයෙනා ඒ
ගීතය

8 comments:

  1. මොකටද දැනෙන්නේ කරච්චරලයක් නං

    ReplyDelete
  2. කරච්චලයක් වුනත් සංගීතයක් නිසා ලස්සනයි...

    ReplyDelete
  3. කන්දෙක වහගන්න

    ReplyDelete
  4. ඇගේ මියුරු කටහඬ නිසා වෙන්න ඇති ලස්සන...

    ReplyDelete
  5. කෙල්ල ලස්සන හන්දා වෙන්න ඇති ඕක අහන්නේ ශුවර් එකටම..

    ReplyDelete
  6. ඔහුගෙ සංගිතය කරච්චලයක් වගෙ දැනෙන්නෙ, ඇයටම ඔහු සංගිතය සැපයූ නිසා වෙන්නට බැරිද.. ඔහු බාධාවක් විය හැකි යයි සිතෙන නිසා වන්න්ට බැරිද..

    ReplyDelete
  7. පද වැලුත්
    මගෙ නොවූ කල
    සංගීතෙත්
    මගෙ නොවූ කල
    ඒ තනුවත්
    මගෙ නොවූ කල
    ඇයත්
    මගෙ නොවූ කල
    මම අහනවා
    ඔහු වෙනුවෙන්
    ඇය ගයනා ගීතය
    මට දැනෙනවා
    ඇය නමින් මසිත
    මැවූ සෙනෙහස

    එහෙමද ? :D

    ReplyDelete