11/07/2011

අප නුබෙන් අසන්නේ???

ජීවිතයෙන්
තුනෙන් එකක්
පොත් සමග ගතකල
පවටද?
සතුට ප්‍රීතිය
ඈත් කර
නියම ගැටලු ලංකරගත්
පවටද?
විඩාබර නෙත්
නිදි නොකර
පොත් සමග රැය පහන් කල
පවටද?
දෙනෝදාහක් පිස්සුකෙලිද්දී
නිදහස් අධ්‍යාපනයේ
නියම ඵල නෙලාගත්
පවටද?
ලක් වැසියනේ
සලකන්නේ
මෙලෙස අපට

දළබුවා‘9

1 comment:

  1. අනිවාර්යෙන්ම මිනිස්සුන්ගේ සිතුවිලි වෙනස් කරන්න වෙනවා.

    ReplyDelete