11/08/2011

අම්මාට දුර ඇමතුමක්


වෙනදාට වඩා මට 
අද අම්මා සිහි උනා 
ඔව්‍ ඕව් මම හොදින් 
බොරු නෙවේ ඇත්තමයි 


හරිම සතුටෙන් ඉන්නෙ
යාළුවො වටෙමනෙ 
මොකට බොරු කියනවද 
හොදයි මම තියන්නම්


--------------------------
--------------------------


හඩ නගා හැඩු මුත් 
නෑසු කන් ඇති ලොවක 
මගෙ එක ස්වරයක් 
වෙනස් උනොතින් ඒක
අම්මේ නුබ දැනගන්නෙ 
කොහොමදැයි මට පුදුම 


තව දවස් කීයක්ද 
සෙනසුරාදා වෙන්ට 
ලගින් ඉද නුබේ අතින් 
බත් කටක් මට කන්ට 


Shakya

5 comments:

  1. හදවතට දැනෙන නිර්මාණයක්

    ReplyDelete
  2. ගොඩක් හිතට දැනුන නිර්මාණයක්

    ReplyDelete
  3. මේ සිතිවිල්ල ගැන ලියපු කෙනාගෙම වචනවලින්නම් ,
    "a thought came to me while I was away from home for my internship"

    ReplyDelete
  4. හරිම ලස්සන කවි පේළියක්,. ඒ වගේම සංවේදියි,.

    ReplyDelete
  5. ඉස්සර කාලේ කැන්ටිම ඉස්සරහ කලා කවයේ දැන්වීම් පුවරුවේ නිර්මාණ රසවිදපු කාලේ මතක් වෙනවා දැන් නංගිලා මල්ලිලාගේ නිර්මාණ කියවනකොට. .. :)

    ReplyDelete