4/13/2012

මගේ ළඟින් නුඹ නැතිදා,අවුරුදු මට නෑ


බක් මාසෙට වැව් ඉවුරේ එරබදු මල් පීදුනාට
මෙදා පාර එරබදු මල් සුවද හැමුවෙ නෑ

ගෙයි දොරකඩ ගස් අස්සේ කොවුල් හාමි මොරදුන්නට
වෙනද වාගේ ඒ සින්දුවේ තාලේ ඇහුනේ නෑ

කෑම මේසේ උජාරුවට කැවුම් කොකිස් රඟ දුන්නට
වෙනද වගේ කැවුම් ගෙඩියේ කොණ්ඩෙ ආවේ නෑ

ගේ පිරෙන්න තෑගි එවල සිදාදියේ නුඹ උන්නම
හිත ඉල්ලන හාදු නැතිව අවූරුදු එන්නෑ













හිනාමලී (පළමු වසර )
image-http://www.flickr.com/photos/27563565@N06/7031402075/

2 comments:

  1. මරුහ්...දිගටම ලියමු ඇහ් :ඩී

    ReplyDelete
  2. කාලේ වෙනස් !!!! තාලේ අළුත් !!!
    කොහාගේ සිංදුව රැප් වෙලා !

    ReplyDelete