දවල් වැඩට ගිහින් අවිත් ඇඟපත් එහෙම හෝදගන මං ලන්ච් බොක්ස් එක අතට ගත්තා හෝදන්ඩ. හෙට උදේටත් බෙදාගන යන්ඩ ඕනනේ. ඉතිං ඕකට සබන් ටිකක් දානකොට මට ඉස්සර කාලේ මතක් උනා. අපි ඉස්කොලේ ගියෙ බත් මුලක් ඔතාගන. ලන්ච් බොක්ස් අරගන ගියේ නෑ. මට හොඳට මතකයි හතරේ පන්තියෙදි ශිශ්‍යත්ව පංතියකට ගියා. ඉතිං අම්මා උදේම නැගිටලා බත් මුලක් බැඳලා දෙනවා. පොඩි එකක්. පොඩි කොල්ලනෙ ඉතිං. ඉස්කෝලෙ ඉවර වෙලා අපි කට්ටිය එකතු වෙලා පොඩි ඉස්කෝලෙ පරණ බිල්ඩිමේ පඩිය උඩ ඉඳගන බත් කනවා. මායි, වරුනයයි, චතුරයයි, කස්සයි, ඔහොම ගොඩක් හිටියා. බත් මුල බිම තියලා දිග ඇරගන කට්ටියම වටකරගන කනවා. ලොකු දේවල් තිබුනේ නෑ. සමහර දාට තමබපු බිත්තරයක් හතරට කපල කෑල්ලක්. ඒත් අපි කට්ටිය ඕක බෙදාගන කෑවා. ඉවරවෙලා අඹ ගහ වටේ හිටපු කාක්කන්ට දැම්මා.
ඔහොම තව ටිකක් ලොකු උනා. ඒ එක්කම බත්මුල වටේ කට්ටියත් වැඩි උනා. අන්තිම බත් ඇටේටම වාශ්ප වෙන්ඩ තප්පර ගානයි ගියේ. කොහේ උනත් බත් මුලක් දිග ඇරුනොත් කට්ටිය එතෙන්ට පිරුනා.
කොහොමින් කොහොම හරි කැම්පස් එකටත් ආවා. එහේ බත්මුල් තිබුනේ නෑ. හිටියේ කාක්කෝ. සති අන්තෙට කවුරු හරි ගෙදර ගිහින් එනකල් බලන් ඉන්නවා අනික් උන් ටික. ඉතිං ගෙදරින් ආපු කාක්කව බොග මේසේ උඩින් තියලා දොර ගාවට ගිහින් කාක් කාක් කිව්වම කට්ටිය දුවන් එන්නෙ රෙදිත් නැතුව. සමහර වෙලාවට කාක් කාක් කියපු එකාට කන්ඩ කටක්වත් නැති වෙනවා. මේසෙ උඩ තිබුන අන්තිම බත් ඇටෙත් අහුලගන කට්ටිය පිටත් වෙනවා.
ඉතිං ඔය අතීත කතන්දර. මං තාම ලන්ච් බොක්ස් එක හෝදනවා. අපි දැන් වැඩ කරන ජනතාව. බොහොම බිසි මිනිස්සු. සමහරදාට ඔෆිස් එකේ එහා කාමරේ ඉන්න ඉන්ජන් කොල්ලත් එක්ක වචනයක් කතා කරන්ඩ වෙලාවක් නෑ. බරටම වැඩ. උදේ වැඩ කරලා 1 උන ගමන් මේසේ ලඟ ඉඳන්ම ලන්ච් බොක්ස් එක ගන්නවා අතට. එහා මේසේ එකත් එහෙම තමයි. බොහොම උජාරුවට හැන්දක් අතින් අරන් කනවා. කතා බහක් නෑඅ, බෙදා ගැනිල්ලක් නෑ. අපි අපේ පාඩුවේ අපේ එක කාලා පැත්තකට වෙලා ඉන්නවා. ඔඅං ඉතිං කල්පනා කරා මේ ලන්ච් බොක්ස් එකේ වැරැද්දක්ද කියලා. මොනා උනත් මේක පොඩියිනෙ. කොහොමද හතර පස් දෙනෙක් අතදාන්නෙ. එහෙමත් නැත්තම් අපි වෙනස් වෙලාද. පොඩි කාලේ ඉස්කෝලෙ යද්දි කැම්පස් එකේදි බෙදා ගත්ත හැටි අමතක වෙලාද. අපේ තත්වෙට ඒක ගැලපෙන් නැතිවෙලාද. නැත්තම් අපි නිකම්ම නිකම් ආත්මාර්ථය විතරක් තියන පුහු මිනිස්සු ටිකක් වෙලාද. මං දන්නෑ කොහොම මේ කතාව ඉවර කරන්නද කියල. දැන් ඉතිං ආයෙත් හෙට දවල්ට කනකල් ඒකෙන් වැඩක් නෑ.
එහෙමද?
?
?
?
ඉස්කෝලේ බත් කෑමනම් ඉතින් කියල වැඩක් නෑ තමා මතක් වෙනකොටත් දුකයි.. එකම මස් කට්ට හරි කරවල කට්ට හරි හත් අට දෙනා කටේ දානවා....
ReplyDeleteමම නම් පටන් ගත්තේ කෑම පෙට්ටියෙන්. ඊට පස්සේ බත් මුළ. තාමත් බත් මුළ තමා. කැම්පස් එකේ බත් මුල්වලට වෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. දිග අරින පරක්කුව විතරයි.
ReplyDeleteඅනික් කතාව මම කරන්න අකමැතිව වැඩවලින් එකක් තමා බත් මුල් බැඳිල්ල
ඒ කාලේ බත් එක කට්ටියත් එක්ක දිග ඇරන් කනකොට සහොදරත්වය කියන එකත් එතන තිබුනා... අඳුරන්නේ නැති එකෙක් හිටියත් වරෙන් බන් කන්න කියන පුරුද්ද අපිට තිබුනා... බත් එක ඉස්සරහ තරාතිරම්, පංතිය, උගත්කම, වත්කම කියන දේවල් අදාල උනේ නෑ... මිනිස්සු වයසෙන් වැඩි වෙනකොට ඒ දෙවල් ඉබේම නැති වෙනවා.... ඇයි කියලනම් මම දන්නේ නැ..
ReplyDeleteමමනම් තාමත් කන්නේ කට්ටියත් එක්ක.... ඒ ගැන නම් සතුටුයි
කැම්පස් කාලේ තරම් සුන්දර කාලයක් ආයේ නෑ!!!
ReplyDelete"""මිනිස්සු වයසෙන් වැඩි වෙනකොට ඒ දෙවල් ඉබේම නැති වෙනවා...."""
ReplyDeleteමේ කතාව නම් සහසුද්දෙන්ම ඇත්ත. ගොඩක් දෙනෙක්ට ඔහොම වෙනවා. පොඩි කාලේ අපෙ හිත් මල් වගේ කියනවනේ. වයසින් වැඩි වෙද්දි ඕකට වටෙන්ම කුනු එකතු වෙලා නරක් වෙනවා. ටික ටික ගඳ ගහන්ඩ පටන් ගන්නවා. අපි ජීවත් වෙන පරිසරය ඒකට බලපානවා. දැන් තියන සමාජ රටාවත් එක්ක අපි ගොඩක් ආත්මාර්ථකාමී විදියට හැසිරෙන්නේ. මේකට උත්තරයක්නම් මට තාම හම්බෙලා නෑ.
ටෙක්නිකල් බේස්ඩ් කොම්පැනි ගොඩක තියෙන්නේනෙ බටහිර කල්චර් එකක්.ලන්කාවෙ සිංහල අපි නිකන්ම බටහිර වෙනවා ඒවට ගියාම...හැබැයි මෙහෙම දෙයක් තියනව..
ReplyDeleteතාම අපි කන්නෙත් සෙට් වෙලා...අපෙ 10 දෙනෙක් විතර ඉන්නවා...හිටගෙන ඉදගෙන උඩ නැගගෙන කනවා,කාල පෘට් සැලඩ් කන්න යනවා...මට හිතෙනවා අපි කොම්පැනි සන්ස්කෘතියට කඩේ යන්නෙ නැතුව ඉන්නවා කියලා.
ඉස්සර බං බඩට කෑවේ. දැන් කන්නේ හිතටයි, වට පිටාවටයි පේන්න. ගෑරුප්පුවකින් වගේ කෑවම උන්ගේ බඩට වඩා හිත පිරෙනවා...
ReplyDeleteමම නම් ඉතින් බකිංහම් මාලිගාවට ගියත් සුපුරුදු ඉස්ටයිල් එක තමයි.