දිනක මතකයක්,
අහංකාර දෙවනියා....
සින්තටික් මැවුම් හලේ
ඒ මේ අත නුඹ සෙව්වෙමි
අනෙකුන්ට හොරෙන්......
නෙත ගැටුනු විගස
ඉවත බලා මගේ සිනාවට
සරදම් කලා නුඹ.......
මතක සිත්තම්කරුට පින්
සිදුවන්නට
සිත් පුරා විඳගත්තෙමි
ලං ලංව නුඹව.....
සියුමැලි සුරතේ පහස ලැබගත්තෙමි
ආඩම්බර වූ නුඹේ
සොඳුරු රැවුම් නොගෙන
ගණනකට.....
සීතල සැමරුම් මැඳුරේ
දහසකුත් සුබ මොහොත් පසුවෙද්දී
මතකයේ ඇත්තෙ පමණකි
ඉවත බලා කට කොනින් නැගූ
නුඹේ ඒ සරදම් සිනාව…..
දිව බොජුන් දැක නුඹ
සෙවූ කල
මටද නොකියා නුඹ විදියි
රස....
දිනකට මා හට වෙන්වූ
නුඹෙන්
මුදු මුසා බස්.......
දිවියේ සුන්දරම දිනක් නිමවිය
මාහට නොවේ…..
අවසන නුඹ දමා යමි
හෙට දිනට මිතුරියක කර......
“බට්ටා 06“
නියමයි...
ReplyDeleteසීතල සැමරුම් මැඳුරේ
දහසකුත් සුබ මොහොත් පසුවෙද්දී
මතකයේ ඇත්තෙ පමණකි
ඉවත බලා කට කොනින් නැගූ
නුඹේ ඒ සරදම් සිනාව…..
ඒ උනාට අවසානේ ඔහොම වෙන්නෙ නෑ බන්. ඒක තියෙන්නෙ කතන්දර වල විතරයි.
අවසන නුඹ දමා යමි
හෙට දිනට මිතුරියක කර......
අමතකම කරලා දාන එක ඇඟට ගුණයි. :ඩී
ඔව් මතන් අමතක කොරන එක ඇඟට ගුනයි හැමදාමත් කොරා වගේ, උඹ හරි..... :(
ReplyDeleteඅමතක කරලමු පැරණි කතා. හික්ස් :)
ReplyDeleteකවි සිතුවිල්ල නම් පට්ට !!! එල එල
ආ... දැක්කා තමා ෆොටො එකක්, දෙවනියාට ඉන්නවා... ඒ දෙවනියා ගැන වෙන්න ඇතිනේ මේ කියන්නෙ....
ReplyDeleteඒ දෙවනියා තමයි මමත් හිතන්නේ... :)
ReplyDelete