කාෂ්ඨක ගිනි අව්වේ
අකුණු හෙන මහ වැස්සේ
රුදුරු ගිනි දැල්
අස්සේ
විඩාපත් නුඹ උන්නෙ....
ගිනි අව්ව නුඹේ දහදිය කඳුලු වියැළුවා
මහ වැස්ස නුඹෙ පැතුම් පොදි කඩා දිය කලා
ගිනි පුපුරු වලින් නුඹෙ මුලු දිවිය අලු වෙලා
දිවි බරින් බැඳි යදම් නුඹ මෙබිම සිර කලා
ලේ කඳුලු දහ දියද හෙලා නුඹ වෙහෙසුනා
නුඹේ හෙට දවස ඉන් යන්තමින් සරි වුනා
නුඹ පවා නොම දැනම ලේ කඳුලු වැපිරිලා
මගේ කෙත පුරා සරු සාර ඵල පීදිලා
නුඹේ පොඩි අතු පැලේ අග හිඟ බොහෝ මුත්
සිඳීගිය හිස් කුසින් පොඩි එවුන් හඬනමුත්
වැහැරි ගිය ශරීරේ වේදනා බොහෝ මුත්
නුඹ කොහොම දන් දුන්නෙ
නුඹට හිමි සියලු දේ අනෙකෙකුට
වෙස්සන්තරව වැඩබිමේ.....
බට්ටා (06)
කතාව සහතික ඇත්ත බට්ටෝ !!
ReplyDeleteකවි සෙට් එක ලස්සනයි !