ඉතිං කොහොමද යාලුවනේ. අලුතින් මොනා හරි දාන්ඩ ඕනා කියලා හිත හිත හිටියට ඔලුවට නිදහසක් නෑ. මේ පැත්තේ අව්වට ඔලුවත් එක්කම කර වෙලා ගිහින්. සෙල්සියස් 50 ට යනවා කියන්නේ එසේ මෙසේ කජ්ජක්යැ. :පී. අනික අපේ කලා රවුමේ උන් ටික සීගිරි නැගලා පොටෝ දානවා ඉවරයක් නෑ. කොමෙන්ට් කෑල්ලක් දැම්මේ නැත්තම් පොඩි උන් ටික තරහ වෙනවනේ. :පීපී
ආගිය කතා පස්සට. අද මේ පැත්තේ ආවේ කාලෙකින් සින්දුවක් කියවන්ඩ බැරි උන නිසා. මෙන්න දවසේ සින්දුව.
අතීත කතාව: මං ඔය කැම්පස් එක පැත්තේ එනකල් ක්ලැසිකල් මියුසික් කියලා ලොකු ආසාවක් තිබුනෙ නෑ. බස් අජිත්ලව නම් ඒ කාලෙ ඉඳලම පෙන්නන්ඩ බෑ. කොහොමින් හරි කැම්පස් පටන් අරන් ආට් සර්කල් එක පැත්තේ යන්ඩ පටන් ගත්තම මට තේරුනා මේකෙ ඉන්න උන් වගේ සින්දුවක් දෙකක් අහන්ඩ ඕනා කියලා. ඉතිං ඔහොම දවසක් බස් එකේ සින්දුවක් කනේ ගහගන එනකොට යනවා කරුණාරත්න දිවුල්ගනේ මහත්තයගෙ මේ සින්දුව. මාත් ඉතින් හෙමීට සෙට් උනා මොකක්ද මේ කියන්නෙ බලන්ඩ. සින්දුව මට තේරුන විඩිය මන් කියන්නම්. (මේක කොටන්ඩ ලිරික්ස් පොටෝ එකක් හොයද්දි මට හිතුනා එක්කෝ මන් හිතපු විඩිය වැරදිද කියල. කියෝලම බලන්ඩකො )
"ගහක මල් පිපිලා, පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා, පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට හිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරණේ මං, තවම සොයන්නෙමි"
පලවනි පද හතරෙන් පේන්නෙ රචකයාට ආදරයක් ඇති වෙලා තියනවා. කාට හරි හිත ගිහින් තියනවා. ඇයි හිත ගියෙ කියලා දන්නෙ නෑ. ඒක හොයනවා, තාම හම්බෙලා නෑ.
ඊලඟ වර්ස් දෙක අහද්දි මං ටිකක් කොන්පියුස් උනා.
"කතරේ වැලිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්,
සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පණමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්"
"සඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එකදු තරුවක් සිටිය නොහකිද යම්
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගේමනරම්
පුදුම වෙයි නුඹනම්"
මට මුලින්ම හිතුනේ මේක සාමන්‍යයෙන් පේන ආදර කතාවක් නෙමේ කියන එක. රචකයා භාවිතා කරලා තියන උපමා දෙක කවි දෙකේදි දෙවිදියක්. පලවෙනි එකේ කියනවා ලෝක ස්වභාවයට අනුව කාන්තාරේ හැමවෙලේම ඉරත් එක්ක බැඳිලා තියනවා, වැස්සක් වටෙන්නේ එහෙමත් කලාතුරකින් තමයි කියලා. ඉතින් ඇත්තනේ කතාව. හැබැයි කලාතුරකින් වගේ කාන්තාරෙකට වැටෙන වැහිත් තියනවා, ඒ වැස්සට පන වගේ ආදරේ කරන කාන්තාරත් තියනවා. මට මෙතන සොඳුරු වැස්ස කියද්දි මැවිලා පෙනෙන්නේ සුන්දර කාන්තාවක් හෙවත් ස්ත්‍රී ලිංගිකයෙක්.
දෙවනි කවියෙන් වෙනස් පැත්තකට ගිහින්. හඳයි තරුයි. සාහිතයයෙදි හැම වෙලාවෙම හඳ කියන්නෙ සුමට කාන්තාවට. ඒකේ කිසි ගැටලුවක් නෑනේ. ඉතකොට ඉර කියන්නේ රලු, ලොකු ශක්තියක් තියන උපමාවක්. පිරිමියෙකුට භාවිතා කරපු බවක් පේනවා. ඉතිං තරුවක් කියන්නෙත් ඉරක්නෙ. එහෙනම් මුල් පදේ පැහැදිලියි. හැම වෙලාවකම කාන්තාවට පෙම් කරන පිරිමින් ගැන. ඊලඟට කියනවා කලාතුරකින් එකක් හරි ඉරට පෙම් කරන තරුවක් තියෙන්ඩ බැරිද කියලා. රචකයා සම්මතයෙන් එලියට ඇවිත් කතා කරනවා. "පුදුම වෙයි නුඹනම්" කියන පදයෙන් පේනවා දෙවනි පාර්ශවය අපගමනය පිලිබඳ දක්වන අදහස.
මං මේ සිංදුව දැකපු විදිය හරිද කියන්ඩ මම දන්නෙ නෑ. ඒ උනත් හැමවෙලාවකම වැඩියෙන් වැදගත් වෙන්නේ ශ්‍රාවකයා කොහොම තේරුම් ගන්නවද කියන එක මිසක් රචකයගේ අතීත කතාව හෝ වස්තු බීජය නෙමේ. රචකයට පුලුවන්නම් තමන්ට අවශ්‍ය දේ ශ්‍රාවකයට ඒත්තු ගන්නන්ඩ, එතනදි රචකයා දිනනවා.
මෙතනදි මං දැක්කේ කවියාගේ තියන නිර්භීතකම. (මට අනුව.) අපි හරිය කියල කියන, අපි එල්ලිලා ඉන්න සමාජ සම්මත වලින් එලියට ඇවිත් සමාජයේ තියන, ඒත් සමාජය විසින්ම හංගන ඇත්තක් එලියට දෙන්න රචකයා සමත්වෙලා තියනවා. අපි හැමවෙලාවෙම සම්මතයෙන් එලියට එන්ඩ බයයි. ගොඩ දෙනෙක් එහෙමයි. සමාජෙට අනුව අපි හැඩගැහෙන්ඩ හදනවා මිසක් සමාජේ හරිද, සම්මතේ හරිද කියලා බලන්නේ නෑ. ලෝකේ තැටියක් වෙලා තිබුන කාලේ, රවුම් කියන්ඩ ගියාමත් ඒකයි උනේ.
මං මේ සින්දුව කියවපු විදිය හරිනම්, මේ පොටෝ එක වැරදි. මං ජාලේ දැකපු හැම එකක්ම එහෙමයි. එක්කෝ කතාව තේරුම් අරන් තියන විදිය වෙනස්. නැත්තම් සම්මතයට අනුකූල කරලා දාලා තියනවා.
කොහොමින් හරි, මට කියන්ඩ ඕනා උනේ මං දැකපු සින්දුවක පැත්ත ගැන. ඔයාගේ අදහසත් මං දැනගන්ඩ කැමතියි.
මචං මල්ලි, මම දරුණු සාහිත්‍යධරයෙක් නම් නෙවෙයි. හැබැයි මට තේරෙන විදියට නම් උඹ කියන කතාවෙ යම් ඇත්තක් තියෙනවා. රචකයාගෙ තියෙන නිර්භීත භාවය මෙතනදි කැපිලා පේනවා කියන එක ඇත්ත. "පුදුම වෙයි නුඹ නම්" කියන කොටසින් ලොකු පැහැදිලි කිරීමක් කරනවා අපිට එක වරම හිතාගන්න බැරි වෙන ඒ අලුත් මාතෘකාව ගැන. ජය වේවා.............!
ReplyDeleteමම හිතනව ඔබ "සොඳුරු වැස්ස" ට දුන් අර්ථය වැරදියි කියල.... :පී
ReplyDeleteඅර්ථ නිරුපනය සාර්ථකයි ....
ReplyDeleteඋඹ කියන කතාව වැරදිමයි කියන්න වත් හරිමයි කියන්න වත් නම් බෑ පරාලයෝ.... මගේ නම් අදහස ඔය කියන විදිහේ අසම්මතයක් නම් මෙතන නෑ කියන එක, හැබැයි මෙතන අසාමාන්‍ය ප්‍රේම කතාවක් නම් තියනවා.... මේ රචකයා දැන දැනම ඉරු වගේ දරුණු ගැහැනියකට පෙම් කරනවා වෙන්න පුලුවන්.... එහෙම ගැහැනියකට පෙම් කරන එකත් පුදුම වෙන්න දෙයක්නේ......
ReplyDeleteඑහෙමත් බලන්ඩ පුලුවන් නේද? මොනා උනත් මට හිතෙන්නෙ මෙතන ඒක ප්රේ ම කතාවකට වඩා වැඩියෙන් තියනවා. උඹ කියන විදියට "ඉර" කියන්නෙ බොහොම දරුනු සාමන්යහ මිනිහෙක් ලන් නොවෙන ගැහැනියෙක් නම් කලින් වර්ස් එකේ සොඳුරු වැස්සට දාපු උපමාවත් එක්ක ගැලපෙන්නේ නෑ. එහෙනම් මෙතන කතා දෙකක්. මටනම් මෙතන තාම පේන්නේ අසම්මතයක් තමා. සමහර විට උඹයි මායි බලන සම්මතේ කියන රාමුව වෙනස් වෙන්ඩ පුලුවන්.
ReplyDeleteමේ වගෙ සින්දුවක මං කැමතිම දේ තමා අහන කෙනෙක්ට පුලුවන් තමන්ට දැනෙන විදිහිට සින්දුව විග්රෙහ කරන්ඩ. මට ටිපා ඉස්සර කියපු කතාවක් මතක් වෙනවා. කලාකෘතියක් කියන්නේ අනුන්ගේ අත්දැකීමක් තමන්ගේ කරගෙන බලන එකට. එහෙම කරගන්ඩ පුලුවන් නම් ඒ නිර්මානය සාර්තක වෙනවා.
කාලයා අයියේ, මටත් ඒ වචන ටික හොඳටම හිතුනා. අමුතු දෙයක් දැක්කම අපි කවුරුත් පුදුම වෙනවනේ.
කතරෙ වැලිකැට කියල රචකරා පිරිමියාව හදුන්වනවනම් ඒ පිරිමියා සොඳුරු වැස්සටයි ආදරේ කරන්නෙ මචන් කුනාටුවක් වගේ වැස්සකට නොවෙයි නේද?
ReplyDeleteඑක අතකට උබ කියන කතාවත් ඇත්ත පරාලයෝ !!!
ReplyDeleteමොනා උනත් ඇස් දෙක පියාගෙන දැහැන් ගතවෙලා අහන්ඩ පුලුවන් ජාතියේ සර්වකාලීන ගීතයක් !!!
ප.ලි. - ඩවුන්ලෝඩ් හෝ අහන්න පුලුවන් ලින්ක් එකක් එහෙම දැම්මට පවු නෑ....
http://www.youtube.com/watch?v=JWwQ2hsq7-4&feature=related
ReplyDeleteමාත් දැන් තමා සින්දුව බැලුවේ. එතනත් තියෙන්නේ අසම්මතයට ප්‍රේම කරන කතාවක්. ඒ උනාට මට හිතෙන්නෙ රචකයා ඊට වඩා තදට අර්ථ නිරූපනය කරන්ඩ උතසහ කරනවා කියලා.
බට්ටො, මං මෙතන ඉර කියන එක හැමවෙලාවෙම දැක්කෙ පිරිමියා විදිහට. (ඒකත් ඉතිං සම්මතයක්නේ. :පී මං හැමවෙලේම පිරිමියා දකින්නෙ රලු, ශක්තිමත් දෙයක් විදිහට. තවත් කෙනෙක්ට මේ දර්ශනේ වෙනස් වෙන්ඩ පුලුවන්)එහෙම උනොත් කතරෙ වැලි කැට ගැහැනියෙක් වෙනවනේ. (සමාජ සම්මතේ) එතකොට මට හිතෙන්නේ එක කාන්තාවකට සොඳුරු වැස්සක් වෙලා වැටෙන තවත් කාන්තාවක්.
අපි බලන විදිය හැමවෙලේම පුද්ගලයා එක්ක, වටපිටාව එක්ක, සමාජ සංස්කෘතිය එක්ක වෙනස් වෙනවා. ඒක මට දැන් ඉස්සරටත් වඩා තේරෙනවා. :ඩී
මටත් එතන්දී පොඩි කොන්ෆියුස් වීමක් උනා මතන්, එත්කොට ඒක එහෙමයි කියන්ඩත් පුලුවන් තමයි.
ReplyDeleteහිකිස්...
ඕවා නම් මොනාද මතන්. උඹටයි මටයි කොයිතරම් කොම්පියුස් වෙලා ඇද්ද? :පිපී පිපී. කොහොමින් උනත් කුනාටු වලට කැමති මිනිස්සුත් ඉන්නවා. ඒක ඉතින් උන්ගේ කැමැත්ත.
ReplyDeleteමට නම් තේ රෙන විදිහට මචං මෙතනතියෙන උපමා විසංයොජනය කරල බලන්න තරම් ගැඹුරු නෑ.. එහෙම බැලුවොත් මෙතන පරස්පරතාත් තියෙනව අන්තරා කොටස් දෙකේ... කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ... කියද්දි මම නම් දැක්කෙ එතන කතා කරන. ස්වභාවික බැඳියාව කියන එක විතරයි...
ReplyDeleteමෙහෙමයි මචං මේක කියන්නෙ ගායකයෙක්නෙ, ඒ කියන්නෙ පිරිමි කෙනෙක්. දැන් මෙතන කියල තියෙනව "කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්" කියල එතකොට ලෝ දහම කියල කියන්නෙ සමාජ සම්මතය. පිරිමි කෙනෙක් සමාජ සම්මතය අනුව නම් ප්‍රේමයෙන් බැඳෙන්නෙ ඕන කාන්තාවක් එක්ක. ඕකනෙ සරලම කතාව..
ReplyDeleteඊලඟ පදය එනව "සොඳුරු වැස්ස්සට දැවෙන කතරක් ආදරෙයි පණ මෙන්" කියල.ඔන්න ඔතන තමා අපි අමාරුවෙ වැටෙන තැන. දැන් මෙයා කතා කරන්නෙ ගැහැනියක් ගැනමද?( මොකද ගැහැනුන්ට අමතරව පිරිමින්ට ආදරේ කරන්න පුලුවන් තවත් ලිංගික කොට්ටාස දෙකක් තියෙනවනෙ. පිරිමි සහ නපුන්සකයො ).
ඔය කියන විදිහට දැවෙන කතරක් කියන එකෙන් පිරිමියෙක්ව අදහස් කරද්දි, සොඳුරු වැස්ස ගැහැනියක් නෙමෙයි කියල මට නම් හිතෙන් නෑ. ඒත් ඊ ලඟ ප්‍රශ්ණෙතමා එතකොට මොකද්ද මේ සම්මතයෙන් එහා යන කතාව. එක්කො වැඩිමල් කාන්තාවක් වෙන්න ඕන එහෙම නැත්තන් මේ කතා කරන්නේ විවාහක පිරිමියෙක්ගෙ අනියම් පෙමක් ගැන කියල. මට අනෙක් පදත් එක්ක බලද්දි හිතෙන්නෙ මේක අර දෙවෙනියට කියපු එකට ගැලපෙනව කියලයි. ඒ කියන්නෙ මේ කතා කරන්නෙ විවාහක පිරිමියෙක්ගෙ අනියම් පෙමක් ගැන කියලයි.
මට හිතෙන්නෙ මෙ වගෙ දෙයක්
ReplyDeleteපළවෙනි අන්තරා කොටසේ අවුලක් නැ.හැබයි ඒකෙ අවසාන පේලිය කියනව "කරනු බැරි තහනම් කියලා " ඒක වැදගත්
දෙවෙනි අන්තරා කොටසේ පටන් ගන්නෙ සද ගැන කියලා සද කියන්නෙ ඉරේ ලස්සන, නත්නම් චමත්කාරය පෙන්වන එක් ආකරයක් ඒ ලස්සනට ගොඩ දෙනෙක් සෙනෙහස පානව.......
හැබයි ඇත්තටම ඒ හිරුට(පුද්ගලයාට )ප්‍රේම කරන අයත් ඉන්නව..........
මට තෙරෙන විඩියට මෙ කත කරන්නෙ නිලියක් වගෙ සමාජයෙ ප්‍රසිද්ද කෙන්නෙ ගැන
ඒ චරිතයට ඇත්තටම ප්‍රේම කරන්න පුද්ගලයෙක් තමා ගීනය ගයන්නෙ
ඒ නිසයි "කරනු බැරි තහනම් කියලා " කීවෙ.