කළුතර ඉඳල පොල්ගහවෙල යන කෝච්චියේ ප්ලාස්ටික් අසුනකට බර වෙලා ඈත පෙනෙන ඉන්දියන් සාගරය දිහා බලන් ඉන්නවා. මේ දවස් වල ට්‍රේනින් වැඩ නිසා ජීවිතේ ගොඩාක් ඒකාකාරී වෙලා කියල මට හිතෙනවා. උදෙම නැගිටල ලක ලෑස්තිවෙලා ස්වර්ණවාහිණියේ මුල් පිටුවෙත් මුල්ම සිරස්තල ටික බලලා ගෙදරින් පිටත් වන මම ආයෙ රෑ කළුවරත් අරගෙන ගෙදර එනවා. ඒ ඇවිත් මහන්සියට කාල නිදා ගන්නවා. ඔෆිස් එකේ උනත් හැමදාම දකින්නේ කරමල සුදු වෙච්චි එකම කුකුල්ලු නිසා මට එහෙම හිතෙනවා ඇති.
සතියේ මුල් දවස් වලට වඩා සිකුරාදා දවස ගෙවෙන්න බොහොම ක්‍රියාශීලී වගෙම ඔක්කොම සතුටින් ඉන්නෙත් සිකුරාදා කියල හිතෙනවා. අපිත් එක්ක ඔෆිස් එකේ ඉන්න ගොඩක් අය සිකුරාද හවසට ගම් බිම් බලා යන්න කෝච්චියට එකතු වෙනවා. මමත් සිකුරාදට එයාලට එකතු වෙනවා. කට්ටියම කෝච්චියේ මුල්ලකට වෙලා සතියේ විත්ති සමාලෝචනය කරනවා. එහෙත් හැමදාම තනිවෙන්න හදන මගේ හිත ඈත පෙනෙන නැවක කුඹගහක මුදුනෙ නැවතිලා තියනවා.
දෙහිවලට එනකොට හිස්ව තිබුනු කෝච්චිය බම්බලපිටියෙදි පිරිල යනවා. වේදිකාවෙ නවත්තන්නත් කලින් පිරිස් කෝච්ච්යේ එල්ලෙන්න තරගෙකට කියල හිතන්වා. ජයග්‍රහකයන්ට ඉතුරුවෙලා තියන තැනක සීට් එකක් ලැබෙනවා. ගොඩ දෙනෙක් තැන් තැන් වල එකතුවෙලා දොඩමලුවෙනවා. සිනහවෙන් කතබහෙන් කොච්චිය පිරිල යනවා.
පිරිස අතරෙ කිහිප දෙනෙක් රටේ දේශපාලනය අධ්‍යනය කරනවා. තව පිරිසක් අර නලුවගෙ කසාදය, මේ ගායිකාවගේ දික්කසාදය අහවල් ඇමතිතුමාගෙ බිරිදගේ සාරිය, ගැන චරිතාපදාන නිකුත් කරන්වා.
ඔය අතර තවත් කෙනෙක් දුරකතන සංවාදයක. එයා කියන දේ කොච්චියේ හු හඬ මැද උනත් මට ඇහෙනවා. "හරි හරි මං එනකොට අරන් එන්නම් " එයා ෆොන් එක කට් කරන්වා. "මොනවද බං ගෙදර ගෙනියන්න යන්නේ"යලුවො ටික මනුස්සයගෙන් උත්තර බලපොරොත්තු වෙනවා. එහෙත් අයියා උත්තර දෙන්න ටිකක කල්පනා කරන්වා. මුහුනේ ප්‍රශ්නාරතයක් වගේ ඇඳිල තියනවා. "ඇයි මචන් අව්ලක් ද?" තව කෙනෙක් අහනවා. "ඔව් මචන් පොඩි අව්ලක්" අයියා උත්තර දෙනවා. කට්ටියගෙම මුහුනු වල හිනාව මැකිල යනවා. කෙනෙක් ප්‍රශ්නයක් කියල කිව්ව ගමන් සංවේදී වෙන මිනිස්සු තවම ඉන්නව නේද කියල මට හිතෙනවා.
"අපේ පොඩි එකි මේ සතියෙ ශිෂ්‍යත්වෙ ලියනවනේ......." අයියට උත්තරේ සම්පූර්ණ කරන්න ලබුනේ නෑ. "ඇයි මචන් මොකො දැන් දුවට සනීප නැද්ද?" තව කෙනෙක් අහනවා , "මේ දවස් වල උනක් තියන්වා ඩෙංගුද
දන්නේ නැ " මැදිවියේ ගැහැනු කෙනෙක් පිලිතුරු දෙනවා. මේ සේරම අය එකම කන්තොරුවක වැඩ කරන අය කියල මට හිතෙනවා."අප්පේ එහෙම කරදරයක් නෙවි දුවගේ විභාගයට වැදගත් වෙන පත්තරයක් ගේන්න
කියල වයිෆ් කිව්වා කොච්චියේ සද්දෙට මට එකේ නම ඇහුනෙත් නෑ ආයේ අහන්නත් බෑ එයගෙ ෆොන් එකෙත් බැට්‍රි ඉවර වෙල ඕෆ් උනා පත්තරේ නොගෙනියත් ඉතින්..........." අයියා ලොකු හුස්මක් හෙලනවා. අනේ පව් මුලු කෝච්චි පෙට්ටියේම අය එයට හිනා වෙනවා. කොච්චර හංගන්න හැදුවත් මටත් හිනා ගියා.
මමත් ශිෂ්‍යත්වෙ කරපු කාලෙට ගියා. අපේ තත්තත් මට සාධන පත්තරේ ගෙනත් දුන්න මතකයි.ඒකේ තිබුන ආදර්ශ ප්‍රශ්න පත්තරෙට උත්තර ලිව්වත් මම ශිෂ්‍යත්වෙ ෆේල් උන මතකයි. ප්‍රතිඵල ආපු දවසෙ පන්තියේ ටීචර් ප්‍රතිඵල කියනකොට මම ෆේල්..... "ඒත් පුතේ ශිෂ්ෂත්වේ කියන්නෙ ලොකු විභාගයක් නෙවි A/L පාස් වෙන්න" කියල සුමනාවතී ටීචර් කිව්ව මට මතක වෙනවා. උසස් පෙල ප්‍රතිපල ඇවිත් මම ටීචර්ගේ ගෙදර ගියපු දවසේ මේ වචන ටික මතක් කරල දුන්නාම ටීචර් ගේ ඇස්වල කඳුලු තිබ්බ මට මතකයි. .......
හිත කියන්නේ කොච්චර වේගවත්ද කියල මට හිතෙනවා. පුංචි කතාවකින් මම ගිය දුර.....
එතකොටත් අර අයිය වට කරන් ඉන්න පිරිස එයාට පත්තරවල නම් මතක් කරල දෙන්න හදනවා."ඒක නෙවි . පත්තරේ ජොතිෂ්‍යටත් සම්බන්ධ වෙන්න ඔන...." අයිය කියන්වා.
"මොකක් කොහෙද බං ශිෂ්‍යත්වෙට ජෝතිෂ්ය තියෙන්නේ උබේ දුව ලියන්නෙ ශිෂ්‍යත්වෙ කියල ෂුවර්ද?. කැම්පස් යන්න එක්සැම් වලටවත් ජොතිෂ්‍ය නෑනෙ " තවත් කෙනෙක් උත්තර දෙනවා." කැම්පස් ??? ,අපෝ දැන් එව ආයෙත් වහල" තව කෙනෙක් උත්තර දෙනවා.
"අනේ ඔව් පව් අහින්සක ලමයි ටික මේ සර්ලට කිසිම හිතක් පපුවක් නෑ වගෙනේ වැඩ කරන්නේ ඒගොල්ලන්ට මෙච්චර පඩි වැඩි කරල දීලත් ඔහොමනෙ ලමයින්ට සලකන්නේ" වයසක පහේ අන්කල් කෙනෙක් කියනවා.
අනේ මේ වගේ මෝඩ මිනිස්සු අන්කල් බලන්නෙත් ITN ද කියල මට අහන්න හිතෙනවා. එහෙත් " සර් ල කරන කැපකිරීම් අන්කල්ල දන්නෙ නෑනේ" කියල තව කෙනෙක් උත්තර දෙනවා. මමත් ඒ කව්ද කියල හැරිල
බලනවා. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සටන ගැන ඔහු පැහැදිලි කරනවා. "ආචාර්යවරු සටන් කරන්නෙ අන්කල් ල වගේ කොච්චියේ යන ආන්ඩුවෙ කන්තෝරු වල කඹුරන අයගේ ලමයි වෙනුවෙන් " කියල සටන්කාමී හඬකින් ඔහු කියනවා. ඔව් කොටින්ම දුවගෙ පුතාගේ අධ්‍යාපනේට මහාලොකුවට වියදම් කරන්න බැරි උබල වෙනුවෙන් තමයි එ මිනිස්සු සටන් කරන්නේ, ඒක මේ අන්කල්ල ට එක්කො තෙරෙන්නෙ නෑ නැත්නම් අන්කල්ල තේරිලත් පහසුවට නොතෙරුන වගේ ඉන්නවා කියල මට හිතෙනවා.
"අන්කල් දන්නවද විශ්ව විද්‍යාල රකින්න දාල තියන පුද්ගලික ආර්ක්ෂකයෙකුගේ පඩිය සහය කතිකාචාර්‍ය් වරයෙකුගේ පඩියට වඩා වැඩී කියල" දයාබර සටන් සගය සටන අත අරින පාටක් නෑ කියල මට හිතෙනවා.
"ඒත් පුතා මෙ මිනිස්සුන්ට මේ ලමයි ගැන හිතන්න බැරිද දැන් මෙගොල්ලො A/L පේපර්ස් බලන්නෙත් නෑලු එ ලමයි ඔවට පලි නෑනෙ අනික එතකොට එ ලමයි කවදද කැම්පස් යන්නෙ" අන්කල් තව ප්‍රශ්නයක් අතාරිනවා.
"ඇයි හත් ඉලව්වේ අපි A/L කරපු අවුරුද්දෙත් පෙපර්ස් බැලුවෙ පරක්කු වෙලා එත් අද අපි යස අගෙට කැම්පස් ඇවිත් ඉන්නෙ, අනික ගිය අවුරුද්දේ A/L කරපු ලමයින්ට තව වෙනතුරු කැම්පස් යන්න බැරි උනේ ,
සමහරුන්ට කවම කවදාවත් කැම්පස් යන්න බැරි උනේත් සර්ල නිසාද " කියල අහන්න මට හිතෙන්වා.
"අපේ සර්ල ලමයින්ට ආදරේ නිසා තමා ලොකු පඩි වලට රට යන්නෙ නැතුව තාම මේ රටෙ ඉඳන් අපෙ උන්ට කියල දෙන්නෙ එකයි එ මිනිස්සුන්ගේ මනුස්සකම" සහොදරය උත්තර දෙනවා. කොච්චි පෙට්ටියේ හිටපු අනිත් අයත් පිලිතුර අනුමත කරනවා වගේ ඉන්නවා එත් කතාකරන්නේ නෑ. මෙ මිනිස්සු ඇත්ත දැන දැන නිහඬව ඉන්න එක ගැන මට සානුකම්පාවක් ඇතිවෙනවා. ඉතින් දෙයියනේ මමත් එහෙමනේ අඩුම ගානේ මම එ සහොදරය කියපුවට හරි කියලව සහයොගයක් දුන්නේ නෑනෙ, මට මගේ , අපේ කාලකන්නි නිහඬතාවය ගැනත් තරහ එනවා.....
"අද පත්තරේ තියනවා......" අන්කල් මොකද්දො කියන්න හදනකොටම අර සහොදරය රීති ප්‍රශ්නයක් යොමුකරනවා "මොකද්ද දිණමිනද ". " නෑ..." අන්කල් අකුරු තුනක ජාතික පුවත් පතක නමක් කියනවා.
එත්කොටම අර කලින් පත්තරෙක නම අමතක වෙලා හිටපු අයියා ඔව් එක තමයි පත්තරේ කියල කියල කියනවා. "මොකක්" තවකෙක් අනපෙක්ශිත පිලිතුරෙන් මවිත වෙලා අහනවා. "ඔව් ඔව් එ පත්තරේ තියන්වා ශිෂ්‍යත්ව විභාගයට පෙර කරන්න ඔන වතවත් සහ අන්තිම පුජාව " අයිය නොකිව යුතු දේයක් කිව්ව කියල මට හිතෙනවා."මෙ කොටුව දුම් රිය ස්ථානයයි " නිවෙදනය නිකුත් වෙනවා. "බහින්නේ වරෙන් " යලුව මට කියනවා. මම බහින්න කියල දොර ලඟට යනවා.
"පත්තරේ මුල් පිටු කියවන්නෙ නැද්ද ජොතිෂ්ය පිටුව විතරද බලන්නෙ? "
සටන්කාමී සහොදරය කොච්චිය හැමොටම ප්‍රශ්නෙකින් දමල ගහනවා. මමත් එ ප්‍රශ්නේ සාක්කුවේ දමාගෙන පිටවීමේ කවුලුවෙන් පිටවෙනවා................
ඔටුවා 08
ප.ලි.
මාවතේ ජීවිත සටහනේ කොටස් 1,2,3,4 හි සටහන් වන්නේ මාවතේදි සැබවින්ම මට හමුවු චරිත වන අතර 5, 6 සටහන් වන්නේ මාවතේ සිටින්නේ යයි මම උපකල්පනය කල චරිත වේ