5/08/2013

සදා ඔබමයි මගේ ආලය

















සිහින් වැහි පොද ඇදහැලෙන විට
සියොත් ගී නද මැකී යන විට
ලොවම ගණඳුර වසා සිටි විට
ඔබයි ආවේ මගේ හද වෙත

පෙමින් මා සිත වසඟ කළ ඔබ
සිහින් ස්වරයෙන් ගයන විට මට
නොහිම් උනුහුම දැනේ සුසුමක
හෙමින් ඇවිදින් වෙලෙයි මා සිත

ඔබේ පහසින් පිබිද කවි සිත
හැඟුම් පොබයයි මගේ තෙලිතුඩ
ඔබේ මුවගේ සිහින් සිනහව
සනසවයි මා දී සහන් සුව

වසා දෙනයන මවා ඔබෙ රුව
සිනාසෙමි මම ඔබේ අබිමුව
පතා සෙනෙහස ඔබේ පාමුල
සදා සැනසෙමි මගේ දෙව් ඔබ

සතුට ඔබ වෙත ගෙනත් දෙන්නම්
සෑමදා ඔබ ලඟින් ඉන්නම්
සිහින් ස්වරයෙන් ගී ගයන්නම්
නමුත් කිසිදා හැර නොයන්නම්
 
 
09 පබා

1 comment:

  1. ෂා....
    //සිහින් ස්වරයෙන් ගී ගයන්නම්..
    නමුත් කිසිදා හැර නොයන්නම්...//
    එල..

    ReplyDelete