6/09/2012

සදාකාලිකය ඒ ප්‍රේමය..........



මුණ හැසුණි මට ඔහු මුල් වරට
ගැලරියේ සිතුවම් ප්‍රදර්ශනයකදී
සිත්තරෙකි ඔහු
නම් පතල දිවයිනේ
පැමිණ සිටි වියොතුන්, ධනවතුන්
පැළඳ සිටි වෛවර්ණ අබරණින් පිරි ගැහැණුන්
බර වදන් වමාරන විවේචන
ආදරය පිලිබිඹු කෙරෙති ඒ සිතුවම්
අති සාර්ථකය
ඒ රුව ජීවමානය සිතුවම තුල
සිනාසෙන්නා වැනිය මොනාලිසා යංතමින්
ඔහුගේ ප්‍රිය භාර්යාවද?
සරල සිනාවකින් සැරසී රැඳී සිටී ඔහු ගැලරියේ
වියොතුන් ඔහු හා දොඩමලුව
හුදෙක් එක් පත්තරකරුවෙක් ලෙසින්
මුණ ගැසුණි ඔහු මට මිනිත්තුවකට
"මහත්මයාණෙනි, සැබැවින්ම වාසනාවන්තයි ඔබ බිරිඳ,
ඔබේ ආදරය වෑහේ සෑම සිතුවකින්ම"
සියුම් සිනාවක් පමණි ඔහු මුව.
"පැමිණියාට තුති මහතුනි".....


                            පසු දිනක වැඩ ඇරී එන මඟ නිවසට
                           දුටුවෙමි ඔහු නැවතත්
                           සුසානභූමියේ ගේට්ටුව අභියස
                           නැවතී බලාසිටියෙමි මා ඔහු දෙස
                          සොහොන්කොතක් ලඟ හිසනවා සිටී ඔහු
                          "මියගියා ඔහුගේ බිරිඳ හත් වසකට කලින්,"
                          දොඩමළු උනි කඩහිමියෙක් අසල මා සමඟ
                         "හැම සැඳෑවකම ඔහු එනවා ඇගේ සොහොනට."


                                                                               නමුත් ඒ ආදරය...........

ලිව්වෙ,
එරන්ද (පරා 06)

4 comments:

  1. පට්ට... එලකිරි සිතුවිල්ලක් මචං !!!

    ReplyDelete
  2. ET කියන එකාව අදමයි අදුන ගත්තේ. අපේ බැචෙක් නෙව.

    ReplyDelete
  3. ඇයි යකෝ, උඹ මාව අඳුරන්නැද්ද? හිටුකො අහුවෙනකල්.

    ReplyDelete