6/13/2012

තනියට නුඹ, ඇය, ඔබ.............


                තනියට    
      නුඹ,
 ඇය,
      ඔබ........

මට නුඹව මුලින්ම මුනගැසුනෙ පාසලේදි
ඇත්තටම නුඹ මට මුනගැසුනා නොවෙයි
මම නුඹව නිර්මාණය කලා
වැඩි කල් යන්න කලින්ම
මම නුඹට ආදරෙයි කියන්න හැදුවා
ඒත්,
ගුරුවරු හැමෝම මට විරුද්ද උනා
දඬුවම් කලා
මම වැරදියි කියුවා
ඊට පස්සෙ,
මම නුඹට උගන්වන්න පටන් ගත්තා
නුඹ ගොඩක් හොඳට ඉගන ගත්තා
මගෙන් විතරක් නොවෙයි
තවත් බොහෝ දෙනෙකුගෙන්
ටික කලෙකින්,
නුඹ මටත් උගන්වන්න පටන් ගත්තා
අන්තිමට මට නුඹව දාල එන්න උනා
දුකින් විතරක් නෙවෙයි
ගොඩක් ආඩම්බරෙන්…..

හිතුවෙවත් නැති විදිහට ආයෙමත් හමුවුනා
නුඹමත් නොවේයි
නුඹ වන්ම ඇය,
සරසවියේදී......
නුඹට වගේම ඇයටත්
මම ආදරේ කලා
දුක, සතුට, ආදරේ බොහෝ විට විරහව
මම බෙදාගත්තෙ ඇයත් එක්ක
මේ ලඟදි මට ඇයත් අහිමි උනා
තවත් බොහෝ දේ වගේම
අමාරුවෙන් උනත්
දාල එන්න උනා.....

දැන්,
ටිකක් විතර තනි වෙලා
හිතෙන දේවල් කියන්න
දැනෙන දේවල් බෙදා ගන්න
කෙනෙක්....
නැහැ නොවෙයි ඉන්නවා,
දැන් මම මෙ ලියන්නෙ
ඔබට.....
                                                                   බට්ටා '06

4 comments:

  1. මට වැඩිය තේරුමක් නෑ අයියේ ඔය ගැන..... හික්ස් :)

    ReplyDelete
  2. මටත් වැඩි තේරුමක් නෑ මතන්......

    ReplyDelete