6/18/2012

"මිනිසා..."

පේරාදෙණිය ඉංජිනේරු පීඨ කලා කවය මගින් ඉදිරිපත් කළ "තුන්වැනි සීනුව" වේදිකා නාට්‍යය වෙනුවෙන් නිර්මාණය වූ "මිනිසා" ගීතය








මිනිසා...//
අන්ධකාරේ කොහේදෝ යන්නේ
මිනිසා...//

මැරි මැරී තව වෙලෙයි දුක් තුළ
අනුන් හට හිස් සිනා දන් දී
මිනිසා...//

කොයිබටද නුඹ ඉතින් යන්නේ...//
තවත් කොයිබද
යන්න ඇත්තේ
මිනිසා...//

අනුන් උදෙසා බොහෝ දුක් විඳ
දොඩයි දෙබසක් කළින් සැකසුව //
රඟහලකි හිස් නුඹේ දිවියම
කඳුළු බෝ ඇත සිනා තැවරුව...///



audio :  Minisa

9 comments:

  1. කලා කවයෙන් බිහිවුන තවත් විෂිශ්ඨ නිර්මාණයක්. ජයවේවා!!!!!!!!!!!

    ReplyDelete
  2. කලාවෙන් ලොව ගොඩනගන්නට වෙර දරන මිනිසුන්ට ජයවේවා!

    ReplyDelete
  3. Full DVD සඳහා අමතන්න

    ReplyDelete
  4. අපිම මෙව්වා මතක් කොරන්න එපැයි.... ඒකෙනුත් හම්බ කොරන්න නේද ගැටයගෙ ලෑස්තිය.....

    ReplyDelete
  5. හබ්බ කරන්නම නෙවේ...හරි සහෝම කියන්න..අපිට සල්ලිද මනුස්සයොද වැඩියෙංම වටින්නෙ?
    '
    '
    '
    '
    '
    '
    '
    සල්ලිනේ

    ReplyDelete
  6. ගැටයෝ !!!!
    මේකේ ෆුල් වීඩියෝ එක කීයක් විතර වෙනවද ? ගන්නේ කොහෙන්ද ? වහාම රිප්ලයි කරනු !!!

    ReplyDelete
  7. මෙව්වා මතක් කොරන්න එපැයි..

    ReplyDelete