9/19/2011

බාලාංස පන්තියේ කතාවක්....

ආයිබෝං......

ඔක්කොටම ආයිබෝං කියල බැස්සට මොකද මම මේ බ්ලොග් කෙරුවාවට බොහොම අලුත්. කොටින්ම කියනවානම් මේක කොටලා ඉවර වෙලා කොතෙන්ට දාන්නද කියලවත් දැනගන හිට්යෙ නෑ ඕයි. ඒ හින්දා මේක කියවලා කිසි ගතියක් නැත්තම් ගැත්තාට සිය දහස් වාරයක් සමාව බාජනය කොරන්ඩ ඕනා. බැරිමනම් ඔය ලඟ පාත ඉන්න සූටි එකෙක් අල්ලගන බැනපල්ල.මොකද මං මේ කියන්ඩ යන කතාව සූටි කාලේ වෙච්හි එකක්. සූටියි කිව්වට ඉත්ං සූටිම නෑ. ටිකක් විතර සූටියි. බයිල ඇති නෙ? කතාව පටාං ගමු.

ඔන්න ඉතිං එකෝමත් එක කාලෙක මං හිටියා අර හන්තාන අයිනේ බාලාංස පන්තියක. මොන පන්තියෙද කියලා අහන්ඩ එපා. වැඩේ මාට්ටු කරගන්ඩ බෑ. ඉතිං ඔය හන්තානේ මොකක්දෝ අමුතුම ලෙඩක් තියනවා, ඕකට ගිය උන්ට හැදෙනවා ගායක්. මයෙ හිතේ මොකෙක් හරි කැලේ අස්සෙ ඉඳං අර මල්සරාගේ අරකෙන් විදිනවා. නේ ඉතිං අවුරුදු විස්සක් විතර නොයිඳුල්ව බ්‍රහ්ම චරියාවෙන් හැසිරිච්චි මේ අසරන කොලුවටත් එනවා අමුතුම කික් එකක්. ඉතිං ඔහොම වෙලා වීරයා බලං ඉන්නවා කොහෙං පාත්වෙයිද පිල්ම් එකේ කෙල්ල කියලා.
කොහෙන්දෝ කැරකිලා ආපු ගැටිස්සියෙක් පාත් වෙනවා හන්තානට. (අර කාන්තාරෙදි යක්කුත් බඩු වෙනව කියලා කතාවක් තියෙන්නේ.) ඔන්න ඕවා දැකලා හදිස්සියෙ පාත් වෙනවා ආලවන්ත කවි සිතුවිල්ලක්. මෙන්න මෙහෙම.

හන්තානට මුවා වෙලා
හැන්දෑවේ ඉර බහිද්දි
රොබරෝසියා හෙවණ යටින්
නුඹේ දෑතේ පැටලීලා
යන්නට ඇත්නම්....

හිනා පිරුනු ඔය නෙතු ලඟ
හීන ගොඩක් හිතින් දරන්
ආදර බර නුහුමකට
තුරුල් වෙලා මං ඉන්නම්.....

මහවැලියේ සිලි සිලි නඳ
හද සනහා ගලනා විට
ඔබත් එක්ක දුරින් ඉඳන්
බලාන ඉන්නම්
හිතේ ඇඳුන නිල් ඇස් දෙක
එහිත් දකින්නම්....

මගේ සිහිනේ දෙව් දුව ඔබ
මගේ ලඟින් ඉන්නවා නම්
සත්තයි මං දෑස වගේ ඔබ රැක ගන්නම්
හද කැලඹූ ඔය මුහුනේ
කාන්තියට වශී වෙලා
සියක් වසක් ඔය රුව දෙස
බලාන ඉන්නම්....

කතාව ඉතිං ඔහොම යනවා. දැනට මේ ටික මතු සම්භන්ද කරමු. ගතියක් නැත්තම් සොරි වේවා. පලවෙනි පෝස්ට් එකනේ. එහෙනම් ආයෙත් හම්බෙමු.... ටටාටාටාටාටාටාටාටාටාටාටා............. ;)

පරා අයියා.....

5 comments:

  1. :).... NIYAMAI......... BT MEKA MEETA KALIN KOHENHARI KIYAVALA THIYENAWA,,,,,

    ReplyDelete
  2. නොදන්න කමටමයි අහන්නෙ ඔය කෙල්ල ඇත්තටම පේරාදෙණියෙද???? නැත්නම් කිරිමැ..නෙද ?? ඕයි ....

    ReplyDelete
  3. ලක්මිණි අක්කේ,
    මේක මීට කලින් කලා කවයේ නෝටිස් බෝඩ් එකේ තිබුනා.
    අමිත් අයියෙ,
    මේ හන්තාන පැත්තෙන් ගහගන ආපු හුලඟක්. ඔය හුලඟේ පොඩි මනමාල ගතියක් තියනවා. නැතුව මේ අපේ වැරැද්දක් එහෙම නෙමේ. අනික ඉතිං මේ කොලු වයසට ඕවා නොකර හැට පැන්නම කොරන්ඩැයි නේද???

    ReplyDelete
  4. කව්ද අය්යේ බාලාංස පන්තියේ ඔයා ද, නැත්නම් අනිත් කෙනාද? :)

    ReplyDelete
  5. ටිං ටිං මලේ, ඕවා බොහොම වැරදි කතා. කවුරු හරි බාලාංස පන්තියේ ඉද්දි වෙච්චි කතාවක් කියමුකො. :ඩ්

    ReplyDelete