9/21/2011

සිංදුවක් කිය( ව )මුද?

හායි හායි....
ඉතිං කොහොමද? මේ පැත්තේ වස කම්මැලියි. රස්සාවක් කරනවා කියන එකත් ලේසිපාසු වැඩක් නෙමේ. උදේ අටේ ඉඳන් හවස පහ වෙනකන් පුටුවක් උඩ ඉඳන් ඉන්නවා කියන්නේ කොච්චර අමාරු වැඩක්ද? ඉතින් ඔහොම නිදි කිර කිරා ඉන්න කොට මට මතක් වෙනවා මේ පැත්ත. ආවා මොනා හරි කොටලා යන්ඩ කියලා.

අපි අර හන්තාන පැත්තේ හිටපු කාලෙ මායි තව එකෙකුයි (තව එකෙක් කිව්වාට මං වගේම පිස්සු ඩයල් එකක්) ජෑම් ගහක් යට බංකුවක ඉඳගන පාරේ යන කෙල්ලෝ ගනන් කරනවා. ඔය ජෑම් ගහ ගැන කියනවානම් කියන්ඩ කතා ගොඩාආආක් තියනවා. පුද්ගල චරිත ඝාතනය කරන්ඩ ගිහින් මන් ඝාතනය වෙන්නෙ මොකටෙයි. කට වහගන ආපු කතාව කියපන්කෝ නේද? ඉතිං ඔහොම ගහ යට ඉඳගන යක්කු ගනන් කරනවා. නෑ නෑ. සොරි වේව. සුන්දර ලලනාවෝ ගනන් කරනවා. ඔහොම ඉද්දි අපිට ගලාගන එනවා සින්දුවක්. පස්ටම සින්දුවක්. හලාවත පැතේ සුරේන්ද්‍ර අයියගෙ ගායනාවක් මේක.




අනේ ඉතිං ඕක අහගන හිටපු අපි දෙන්නට එනවා හොඳ විචාරාත්මක අදහස් ටිකක්. හෆොෆොෆොයියියියි... බලාගන ගියාම මේකෙ තියන්නේ ශෘංගාරය නොවැ. තනිකර හින්දි පික්චැර් එකක සීන්ස් එක පාර මැද්දෙ. ඔන්න නලුවා ඉන්නවා පාරක් අයිනේ ඉඳගන බූරුවා පාරක් එහෙම ගහගන. හිත කිලිපොලා ගන සීතල මල් වැස්සකුත් අරගන මෙන්න කෙල්ල එන්ටොර් වෙනවා. මේක දැකපු අපේ කොල්ලා ඇස් දෙක කනේ තියාගන බලාගන ඉන්නවා.


ඔතනින් එහාට කියෝගන ගියාම කාටත් තේරෙයි සින්දුව ගැන. ටිකක් සංවර වෙලා බලද්දි අපි දෙන්නටත් පුදුම හිතුනා. ඔය සින්දුවම අපි කොච්චරවත් අහලා තිබුනත් තේරුමක් හිතුනෙ නෑනෙ. තාලෙකට ගලපපු වචන ටිකක් මැද්දෙ කොයි තරම් දෙයක් හැන්ගිලා තියනවද. ඔන්න ඕක ගැන කියන්ඩයි මං මේ කතාව ලිව්වෙ. (නැතුව මේ වල් හිතකින් එහෙම නෙවේ හොඳේ) ඔය වගේ සින්දු, කවි කියන හැම දෙයක්ම ඇතුලේ පිටින් පේනවට වඩා ලොකු දෙයක් හැන්ගිලා තියනවා. පේන හැමදෙයක්ම දිහා හොඳට බැලුවොතින් පේනවට වඩා දෙයක් පෙනේවි.

එහෙනම් ආයෙත් හම්බෙමු. ට ටාටාටාටාටා....... :)

පරා අයිය.

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හෆෝයි..... මේ බ්ලොග් කෑල්ලේ බලන්ඩ එන උන් හිටියාට කොමෙන්ට් කෑල්ලක් දාන්ඩ කවුරුත් නෑනෙ ඕයි. නිදිමත වෙලාවට මේ පැත්තට ආවම තවත් නිදිමත වෙනවා. කමක් නෑ ඉතිං. ශ්‍රී ලාංකික ජනතාව බිසි වෙනවා කියන්නේ රටට සම්පතක්නේ. රට පෙරට. :)
    ඔන්න ඔහේ ආව එකේ මමම කොමෙන්ට් එකකුත් දාලම යන්නම්කෝ.
    සින්දු ගැන කතා කරද්දි එක එක ජාතියේ එක එක තාලේ සින්දු තියනවනේ. හූ කියන සින්දු, කෑ ගහන සින්දු, අඬන සින්දු, බූට් සින්දු. මොනා උනත් දැන් කාලේ නම් බූට් සින්දු තමා වැඩි. හොඳ සින්දුත් තියනව ඔය අතරින් පතර.
    ලගදි දවසක් ගමනක් යද්දි එකෙක් අහනව ලංකාවේ තියන වැඩිපුරම බොරු තියන සින්දුව මොකක්ද කියලා. මේක ඌ හොයාගත්ත එකක් නෙමේ. කොහෙන්දෝ ඇහුන එකක්. හා, කියපල්ලකො බලන්ඩ. ලංකාවේ තියන වැඩිපුරම බොරු තියන සින්දුව මොකක්ද??????
    ............
    .....................
    ................................
    ...............................................
    හික් හික්.

    අහලා තියනවා නේද
    "නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා"......
    සින්දුව හොයාගන ටිකක් අහල බලන්ඩකෝ. :)

    ReplyDelete
  3. ඔය සින්දුව ලියපු එක ගැනත් ලස්සන කථාවක් තියනව. මේක මේ මම කියන දෙයක් නෙවි සින්දුව ලියපු උපුල් සාන්ත සන්නස්ගලම කියපු කතාවක් (දිනේ මතක නැති උනාට ඉරිදා රෑක සිරස එෆ් එම් කියලනම් මතකයී)

    කතාව මෙහෙමයි සන්නස්ගල කුරුණෑගල අපේ සිංහල පන්තිය ඉවර වෙලා තව සර්ලා ටිකකුත් වාහනේ දාගෙන කොලඹ යන්න පිටත් වුනාලු. පොඩි වැහි ගතියකුත් තිබුන මේ දවසෙ එක පාරටම ලස්සන කෙල්ලෙක් කුරුණෑගල හොස්පිටල් එක ලගදි පාර පැන්නලු. සන්නස්ගලට එක පාරටම බ්‍රේක් ගැහුනලු. මේකට අනිත් සර්ල ඔක්කොම සන්නස්ගලට හිනාවෙල විහිලු කළාලු ...

    ඔන්න ඔය ගෑනු ළමයා ගැන තමා මේ සින්දුව ලියල තියෙන්නෙ කියලා තමා සන්නස්ගල කිවුවෙ......

    ReplyDelete
  4. නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
    වලාකුලින් රුවල් දමාලා
    බාලොලියා මල් නටුවෙන් හබල් තනාලා
    පෙම් ගංගුලේ රැල්ල නගාලා
    දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
    සුරන්ගනා ලෝකෙ සොයාලා ..................
    දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
    සුරන්ගනා ලෝකෙ සොයාලා

    ReplyDelete