10/11/2011

මිනිස් අඩවිය...


යකා පාලමෙන් යන සෙංකඩගල මැණිකේ ,
අක්බාර් පසුකරන් යන මහවැලි සුරලි,
හන්තානින් පියපත් සලනා ලිහිණි,
දන්නවාද නුඹ සරසවි අපේ කොමළි........

අක්බාර් කොරිඩොවේ කසුකුසු එමට ඇත,
තෙල් පාළමද, පැණි බටයද ප්‍රචලිතය,
ආදර පාර ගැන කාගෙත් විමසිල්ල,
හිච් ගස දිහා බලනුයේ හැම හොරහින්ය....

දහසක් මලින් බරවෙයි  අපේ පොළොන්නරු,
දිව්‍ය භොජුන් මෙන් රස දෙයි ගෙම්බා අපේ,
අරුණැල්ලෙන් නැගුන ඉන්දීවර තනුව දිගේ,
වසන්තයේ අගටම සුර ලොවක් තනයි.....

මනමෙලා සිංහබාහුලා වළ බහින කල,
දෙනිපෙත හෙළිකරන් සනුහරයත් බහි වළ,
බැස්සා මෙන්ම නගිනට වෙර දැරු කන්දො,
කටුසු කොන්ද, මොනර කන්ද නැග ආවො....

ඔයවන් දහසකුත් සුන්දර ලොව මැද්දේ,
කුප්පිය තමයි කවදත් පංතිය රැක්කේ,
උගතුන් බිහිකලත් සැම තැන කලින් කල,
පේරා නුඹයි ලෝකෙට මිනිසුන් තැනුවේ....


ඉනෝෂා සුගතපාල

8 comments:

  1. මේ කවියේ උඩරට මැණිකේ යකා පාලමෙන් යනවා කියන හරිය වෙනස් වෙන්න ඕනේ. උඩරට මැණිකේ බදුලු යන නිසා යකා පාලමෙන් යන්නේ නෑ. ඔන්න ටිකිරි මැණිකේයි සෙංකඩගල මැණිකේයි නම් යකා පාලමෙන් යනවා. හික්ස් :)

    ලස්සන කවි සිතුවිල්ලක් !!!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ස්තුතියි මධුරංග, ඒ වරද නිවරදි කලොත් හොඳයි මට හිතෙන්නෙ.......
    සංස්කාරක තුමාට පුලුවනි නම් පළවෙනි කවි පදය "යකා පාලමෙන් යන සෙංකඩගල මැණිකේ" විදිහට පොඩි වෙනසක් කරන්නකෝ.

    ReplyDelete
  4. මැණිකෙලගෙන් තියෙන වදේ නේද ?
    …ඔන්න දැන් හරි

    ReplyDelete
  5. @Inosha :
    ඔය අක්කද කවිය ලිව්වේ ? තවත් ඉංජිනේරු පීඨයේ කෙනෙක්ව අදුනා ගැනීමට ලැබීමත් සතුටක් අක්කේ !!!

    @සංස්කාරක :
    ඒකනේ වැඩේ.. :)

    "මැණිකෙලා මැණිකෙලා නුවර පලාතේ
    නෝනලා නෝනල කොළඹ පලාතේ
    ................. "

    ReplyDelete
  6. මතක් වෙද්දිත් ආස හිතෙනවා. ඔය අස්සක් මුල්ලක් නෑර අපිත් ඉතිං කරක් ගහල තියනවනේ. ඒ දවස්වල අක්බාර් එකෙන් එලියට බැහැලා බස් හෝල්ට් එක ලග ටිකක් ඉඳලා, පාර දිගේ ඇවිත් අක්බාර් පාලම දිහා බලන් ඉන්නවා හවසට.

    හවස අක්බාර් පාලම ගැන කියද්දි මතක් උනේ.
    පුන්චිම කාලේ, ඒ කියන්නෙ හන්තානේ එක වසරෙත් මුල්ම කාලෙ අපෙ අයියල අපිව ඇවිදින්න එක්කන් යනවනේ. හවසක අක්බාර් පාලම පැත්තෙ ගියානම් බලාගන්ඩ පුලුවන් යකා පලම පහුකරන් ගම්පොල පැත්තට යන වවුලො රෑන. දවසක් අයිය කෙනෙක් අපේ එකෙක්ගෙන් අහුවා " මල්ලි, කොහොමද ඔතන ඉන්න ඔක්කොම වවුලො ගාන ගනන් කරන්නේ" කියල. අපේ බැචාත් මොලේ සුද්ද කරල අරගන කියපි, "එක වවුලෙක් ගනන් කරලා ඉන්න ගානෙන් වැඩි කරනවා. " *&^%$#!@#$%^..... හික් හික් හිකිස්....

    ReplyDelete
  7. @මධුරංග......
    ඔයාගෙ බ්ලොග් එක නම් මං කියවලා තියෙනවා. ඒත් දැන් තමා දන්නේ පේරා යන්තරයක් කියලා. සතුටුයි හදුන ගන්න ලැබුනාත

    @පරා........
    අපි දන්නවා ඉතින් අක්බාර් පාළමෙන් එහා බලාන ඉන්නේ මොකටද කියලා.... කළාකාරි හිත් තියෙන අය ඉන්නේ එහා පැත්තෙනේ නේද...??
    මොනා වුනත් වවුල් කතාවනම් නියමයි......

    ReplyDelete
  8. ම්ම්ම්.... කලාකාමී හිත් තියන කොල්ලොනේ ඉතින්...

    ReplyDelete