10/06/2011

සෙබළ අයියණ්ඩිට


පුංචි කාලේ සිද්දි එකිනෙක,
මගේ නෙතු අග සිහින වෙනවා...
දයාබර වූ අමිල ප්‍රේමය ,
මහද මඩලින් දෝර යනවා...

ඈත ඇසෙනා රුදුරු වෙඩියෙන් ,
මහද සැණෙකින් තිගැස්සෙනවා...
එදා සටනට ගියපු නුඹ ගැන ,
මගෙ හිතේ මහ බරක් ඇතුවා...

පන්හිඳක් තිබු නුඹේ අත මත ,
තියුණු අවියක පහස ඇතුවා...
විනෝදෙන් ගෙවු දිවිය මකමින්,
අලුත් ලොවකට පෙරුම් පුරනා...

එවන් රටකින් අප පුදන්නට,
ලොවක් තරමට හීන දකිනා...
ලෝකයා නිදි කඳවුරේ රෑ ,
සෙන්පතිව නුඹ නැගී සිටිනා...

කුඩා කළ දුටු සිහින අප දැන්,
සිතිජ ඉම තුර රැඳී ඇතුවා...
සාමයේ නව ලොවක් වෙනුවෙන්,
අයියණ්ඩි  මගෙ, රුහිරු හෙළුවා...

 ගේ පුරා හැම මුල්ල ගානේ,
නුඹේ ලෙංගතු සුවඳ ඇතුවා...
එවන් සුවඳින් පිරුණු හිත් අග,
නොවට වැසි කඳුලකින් පිරුණා...

 දැයට සෙනෙහස පුදපු නුඹ හට,
අපේ සෙනෙහස අඩුව නැතුවා...
සියළු දෙවියන් වටව රැකගෙන,
අයියණ්ඩි  අයෙ ගෙදර එනවා...

කැකිරි8


1 comment:

  1. එදා දිවිහිමියෙන් සටන් කරපු රණවිරුවෝ නත්නම් අපට අද රටක් ඉතුවු වේද කියලා සැකයකුත් තියෙනවා ???

    ලස්සන කවි සිතුවිල්ලක් කැකිරි නංගි !!!!

    ReplyDelete