10/10/2011

...අඳුරු පැයකදී.....

දුලන විකිරනම නොව
කනමඳිරි එලියකදු නොවැටෙන
මේ අන්ධකාරේ
ඇත්තෙන්ම බියකරුයි
ඉතා දෘඩ හිත් පවා තිගැස්සෙයි

හිටිවනම ගිගුම් දෙන
ගිනි බිඳුම් හඬ කියයි
පිපාසිත මුව පොවෙක්
පොකුනුතෙර වෙඩි වැදී මල බව

අසල වන ලැහැබකින්
අටකෝටු බිඳෙන කෙඳිරිලි ඇසෙයි
දාර පිඹුරෙක්
ගොදුරක් වෙලාගෙන වගෙයි

කිරිමඩල වියලුන
අම්මලාගෙන් කිරි යැද
අන්දන බිලිඳුන් නිහඬයි
සා පවසා තව දැඩි වෙයි

මේ අන්ධකාරේ
ඇත්තෙන්ම බියකරුයි සෝබරයි
කර්කශ දුබික් පැමිණෙයි
ඉතා දෘඩ හිත් පවා තිගැස්සෙයි

නමුත්
මේ ගනඳුර
නොබියව ගෙවිය යුතු වෙයි
එවිට
හෙට හිරු වතින් ගිලිහෙන
පළමු කිරණය
අපටයි ....
 
~Nජිමා~

3 comments:

  1. එල එල එංජිමා මල්ලි !!!

    ReplyDelete
  2. pattama kaviyak elama ela
    mama kiyawapu hoda kawiyak

    ReplyDelete
  3. අපූරුයි.... ලස්සනයි..

    ReplyDelete