සවස උදා වී තිබුනද සුපුරුදු ලෙසම දිගු සෙවනැලි අතරින් නෙලුම් පොකුණ දෙසට ගමන් කරනවා. අතර මග පාලු වුවද නෙලුම් පොකුණ අසල සිමෙන්ති පඩි මත තවමත් මිනිසුන් පිරි ඉන්නවා මට පේනවා. වෙනදා නැති කලබලයක් ඔවුන්ගේ මුහුණු වල ඇදිල තියනවා . "තවත් එකෙක් පොකුණට පැන්න " කෙනෙක් කියනවා මට ඇහෙනවා. පොකුණට පැන්න එකට මෙච්චර කල බල වෙන්නේ මොකටදැයි මට හිතනවා. උදේ හවහ නෙලුම් පොකුණ පහුකරන් ගියාට කවදාවත් ඒ පැත්තවත් නොබලාපු මට අදවත් ගිහින් පොඩ්ඩක් බලල අවොත් හොදයි නේද කියල මගේ හිත කියනවා . ඉදහිට්වත් වහනයක් නැතිමුත් වමයි දකුණයි දෙකම බලල මමත් පාර මාරු වෙනවා. පොකුණක් කියා කීවට මහා පාරට දිස් උනේ අඩි 20ක ටත් වඩා උස්වුණු පොකුණේ බැම්මත් බැම්මට නගින පඩි පෙළත් පමණී. පොකුණේ සිරි නරබන ඕනෑම කෙනෙකුට මේ බැම්මට නගින්න සිද්ද වෙනවා. පොකුණේ සිරි කෙසේවෙතන් පොකුණට පැනපු මනුස්සයට මොකෝ උනේ කියල බලන කුතුහලය මට බැම්මට නගින්න කියනවා.
ලිහල බලන්න තියන මල්ල ඔබල බලන එක අපේ සිරිතක් උණු නිසාමද මන්ද මමත් පඩි පෙළ නගින්න කලින් එතන හිටපු කෙනෙක්ගෙන් කව්ද පොකුණට පැන්නේ කියල අහනවා. හරි පුදුමයක් ඔහුගේ මුහුණේ කිසිම ප්‍රශ්නය ලකුණක්වත් නැහැ කියල මට පෙනෙනවා. මේ පොකුණට පනින එක අලුත් දෙයක් නෙවි මල්ලි මේක හදපු දා ඉදලම මේකට සින්දු කියන අය රගපාන අය ක්‍රීඩකයෝ පත්තර වල රේඩියෝ වල වැඩ කරන ය පනිනවා එක අලුත් දෙයක් නෙවෙයි කියල ඔහු කියනවා. පොකුණ බලන්න තිබුණු ආසාව දැන් නම් දෙගුණ තෙගුණ වෙලා කියල මට දැනෙනවා. පරණ සිංහල මලිග්වල දකින්න තියන විදියේ ලියකම් කැටයම් වලින් පිරිලා තිබ්බ පඩිපෙළ මම නගින්න පටන්ගන්නවා. කිලෝ මීටර සියගණනක් ඈතින් පිහිටි සීගිරි මාලිගා පරිශ්‍රය බොහොම අපුරුවට පෙනෙනවා. ඉසුරුමුණි පෙම් යුවල අත්වැල් පටලන් තිසා වැව් ඉස්මත්තේ ඇවිදින්න යනවා ඈතින් දිස්වෙනවා.
කෙමින් කෙමින් ඉහලට යනවිට කලාවේ ආශ්වාදජනක සිතුවිලි සමුදාය සිහිල් සුළගත් එක්ක ගසාගෙන යනවා. කවදාවත් නොදැනුනු විදියට බඩ යමක් කියන්න උත්සාහ කරනවා කියලා මට දැනෙනවා. ඔව් බඩ ගින්නක් ඇවිත් වගේ කියලා මට දැනෙනවා. කමක් නැහැ බඩගින්න වගේද කලාව කියල අයෙත් හැරිලා බලන්න මට හිතෙනවා . කලාව සාහිත්‍ය කන්නද වයසක සීය කෙනෙක් මගෙන් අහනව සීයාගේ ලොකුම ලොකු නහය මට සීයව මතක් කරලා දෙනවා. තිසා වැව පැත්තෙන් ඇසුණු වෙඩි හඩක් නිසා මම අයෙත් ඒ පැත්ත හැරිලා බලනවා , ඉසුරුමුණියේ පෙම්වතා වෙඩි වැදුනි පපුව අල්ලන බිම වැටෙනවා. පෙවතියව කෙනක් කුදලාගෙන වාහනයකට පටවනවා මට පෙනවා. සීගිරි අප්සරවොත් කකුල් අතපය බැදලා ඒ වාහනෙම හිරකරගෙන ඉන්නව මට පේනවා. ආපස්සට දුවල ගිහින් උන්ව බේරගන්න ඕනේ කියල මගේ හිත කියනවා. එත් මගේ කකුල් දෙක හොලව ගන්න බැරි තරමටම නෙලුම්පොකුනේ ගල්පඩි වල ඇලවිල. පඩිවල තිබුණු ලිය කම් කැටයම් අතුරුදහන් වෙලා කියල මට පෙන්වා. සීය කිව්වා කතාව ඇත්ත කලාවෙන් බඩ පිරෙනවයකියලද මමත් කෑමක් ළග පාත තියනවද කියල හොයල බලනවා.
රස නහර පිනා යන බැදුම් සුවදක් නහයේ හැප්පෙනවා කියල මට දැනෙනවා. පුංචියට තිබ්බ බඩගින්න බොහොම සැරට දැනෙන නිසා මමත් ඒ දිහාවට පය තියනවා. කාලයක් තිස්සේ දකින්නට ආස කරපු බෙරුන්ඩ පක්ෂ්යෝ කුඩු වලට දාල තියනව මට පේනවා. මොන අපරාදයක්ද ඩෙවල් කරපු බෙරුන්ඩ කුරුළු මස් ඉහල මාලයේ අලෙවි වෙනවා. බඩගින්න වැඩි කමට මමත් එතනට කිට්ටු වෙනවා. පොඩ්ඩක් නවතින්න බොහොම ගැබුරු හඩක් මාව ආමන්ත්‍රණය කරනවා මට දැනෙනවා. උබට කොච්චර බඩගිනිද කියල මම දන්නවා එත් කන්න එහෙම නැහැ ඔය බැදුම් ආයේ මේ පඩි පෙළ බැහැල පලයන්....... යකඩ දම්වැල් වලින් බැදලා දාපු වයසක මනුස්සයෙක් මට කියනවා. මොකක් හෝ හුරු පුරුදු කමක් ඒ මනුස්සයගේ තියනවා කියල මට දැනෙනවා. මේ බලපන් මෙතනට එන ගොඩ දෙනෙක්ට මම කිව්වා ඔය බැදුම් කන්න එපා කියල උන් ඇහුවේ නැහැ. පේනවා නේද උන්ට වෙලා තියන දේ උන් මමත් ඔහු පෙන්වූ දිහාවට හැරිලා බලනවා. බොහොම සතුටින් ඉන්න මිනිස්සු කොටසක් මට පෙනවා. උබට පේනවා ඇති උන් සතුටින් ඉන්නවා වගේ ලං වෙලා බලපන් උන්ගේ මුහුණු දිහා. මම තවත් ඕනා කමින් බලනවා. සත්තකින්ම අ මුහුණු මොකක් හෝ මාය්වකින් පිරිලා. උන් හිනා වෙන්නේ නැහැ හැබැයි උන්ගේ මුහුණේ හිනාව පිරිලා. උන්ගේ ඇස වල වේදනාව උතුරුනවා හැබැයි ලංවෙලා බැලුවේ නැත්නම් පෙන්නේ උන් ගේ ඇස කාන්තියෙන් දිලිහෙනව වගේ. කියාගන්න බැරි වේදන්වක් උන්ට තිබ්බ. උන් අඩන්න හැදුවත් ඈතට පෙනෙන්නේ උන් හයියෙන් හිනා වෙනවා වගේ පුදුමාකාර මායාවකින් උන්ගේ වේදනාව හංගල තිබ්බ. මගේ බඩගින්න නැතිවෙලා මොකක්දෝ බයකින් මාවත් වැහිලා යනවා වගේ මට දැනෙනවා.
උබ මෙතනින් අපහු බැහැල යන්න ඕනේ නැතිනම් උබට වෙන්නෙත් මේ ටිකම තමා. ගිහිල්ල අර පඩි පෙළ පාමුල මේ පොකුණට නගින්න පොරකන උන්ටත් මෙටික කියා දීපන්. මේ පොකුණ මහා මාය්වක්. එත් මේ පොකුණ හැදුවේ ගොඩක් අයගේ මහන්සියෙන් නේ මම ඔහුට උත්තර දෙනවා. ඔව් උන් මහන්සියෙන් හැදුව පහල පඩි පෙළ බලාපන් අර පොකුණ දිහා පළමු වතාවට මමත් පොකුණ දිහාවට හැරිලා බලනවා. කොහෙන්දෝ ආපු කුණු ගදක් මගේ නහයේ හැප්පෙනවා. ඔය ඉන්නේ මේ පොකුණ හදපු දවසේ ඉදන් පොකුණ සැපයි කියල හිතාගෙන ඇවිත් බෙරුන්ඩ බැදුම් කාල මත්වෙලා පොකුණට පැනපු උන්ගේ මළකුණු. ඔය අතරේ තියනවා පොකුණ ලගදි පොකුණේ මායාව තේරුම් අරන් ආපහු හැරිලා යන්න හදාපු උන්. උන් මෙතන ඉදන් කෑගහල කිව්වා පොකුණේ මායාව ගැන, උන්ව කකුල් දෙකෙන් අල්ලලා මේ පොකුණට තාල්ලු කළා. මෙතන තව කෙනෙක් හිටිය කලින් උන් එයාව පොකුණ විවෘත කල දාම රෑ පොකුණට තල්ලු කළා. අර තියෙන්නේ ඔහුගේ කබාය. පරණ කෝට් බෑයක් පොකුණේ කෙළවරක රැදිලා තිබුන මට පෙනෙනවා. උන් දැනගත්ත මමත් මේකට සම්බන්ධයි කියල හැබැයි උන් මාව තල්ලු කලේ නැහැ මාව ගැට ගහල දැම්ම. මාව මුළු රටම දැනගෙන හිටිය ඒ නිසා උන්ට මාව පොකුණට තල්ලු කරන්න බැරි උන. අර පහල ඉන්න මිනිස්සු උන්ට විරිද්ද වේවි කියල උන් බය උනා. හැබැයි උන් ඇත ඇරියේ නැහැ උන් ඒ මිනිස්සුන්ට මම මම මහා නාස්ති කාරයෙක් කියල ඔප්පු කරන්න හදනවා. ඒ මිනිස්සු මම වැරදි කාරයෙක් නිකමෙක් කියල හිතනකන් මාව මෙතන තියල තියනවා. උන් එහෙම හිතපු දවසට මාවත් පොකුණට දානවා. මගේ මිත්‍රය ඔහුව ගොඩක් ය දැනන් හිටියේ නැහැ. ඉතින් ඔහුව උන් පහසුවෙන්ම පොකුණට දැම්ම.
ඒ කවුරුද මම ඔහුව අදුරනව ඇති. කියන්න ඔහුගේ නම මම ඔහුගේ නම අහල තියෙන්න පුළුවන්. මම කියනවා. ඔහුගේ නම තමා අර පුවරුවේ තියෙන්නේ ......... පොකුණ මාවත මම පුවරුව හඩනගා කියවනවා. නැහැ දරුවා එක නෙවයි ඔය කඩල බිම දාල තියන පුවරුව. ආනන්ද ....... ස්වාමි එහෙනම් ඒ ඔහු එතකොට ඔබ කවුරුද මගේ ඇස පුදුමයෙන් වගේ අහනවා. අර ඊට එහායින් තියන පුවරුව බලන්න ඔහු මට කියනවා මම එම පුවරුවත් කියවනවා කන්නංගර මාවත. ඔව් මම තමා ඔහු උත්තර දෙනවා.
ඕකා නිකමෙක් ඔකගෙන් වැඩක් නැහැ ඩෙවල් කරපු බෙරුන්ඩ මස් කාල මත උණු කෙනෙක් කෑගහන්න පටන්ගන්නවා. මමත් ඉක්මනින් පඩි පෙළ බහින්න ගන්නවා. පොකුණේ මායාව ගැන පඩි පෙළ පාමුල ඉන්න අයට කිව්වත් උන් විශ්වාස කරන්නේ නැහැ මට හිතෙනවා .
ඔටුවා 08 සුභාෂ්
ප.ලි.
ලංකාවේ එකතරා වකවානුවක රටේ ප්‍රසිද්ද මාර්ගයක නම වෙනස් කිරීම , වෙනත් කෝණයකින් දකිමි . පසුව සිදුවූ දේශපාලන බල පෙරලි වලින් පසුව මාර්ගයේ නම පමණක් වෙනස් වුවත් කතාව තවමත් වලංගු යයි සිතිනි .