10/25/2011

ජීවිතේ ගැන කෙටියෙන්ම.......


ලස්සනම සිහින,
සුන්දරම බලාපොරොත්තු,
සතුට,
විතරක්ම පුරවපු
සංතෘප්ත අනාගතයෙන්.....

එක එක අරගෙන
බර වැඩ් කෑලි කපල අයින් කරලා
අන්තිමේට,
පුලුවන් විදිහකට අටවගෙන
වර්තමානය නම්වූ ඒදන්ඩ දිගේ.........

කොච්චර සතුටු දායක වූවත්,
කොච්චර දුක් දායක වූවත්,
ආයෙත් කවදාවත් කොහොමටවත් නොලැබෙන
අතීතයට යන ගමන.........


බට්ටා_(06)

5 comments:

  1. බට්ටා ලිව්වොත් ඉතින් ආයේ අහන්න දෙයක් තියේ යෑ. පට්ට !!!

    ReplyDelete
  2. යථාර්තය මැනෙවින් පිලිබිබු වෙනවා.......

    ReplyDelete
  3. ඔය ඒදණ්ඩ දිගේ යද්දි ටිකකට හැරිලා බැලුවම අපි කපල කොටල හදාගත්ත අතීතේ පේනවා. කොටසක් කරන්නේ අනේ අපි මෙහෙම කරානම් මෙහෙම වෙන්ඩ තිබුනා, එහෙම කරානම් එහෙම වෙන්ඩ තිබුනා කිය කිය පසුතැවෙන එක. ඒත් ඉතිං ආයේ කවදාවත් යන්ඩ නොලැබෙන අතීතේ දිහා බලාගන හූල්ලනවට වඩා, එතනින් උපයා ගත්තු අත්දැකීම් කියන වස්තුව පාවිච්චි කරල වර්තමානෙට කෑලි ටිකක් ඔබලා, අනාගතේ පුලුවන් මට්ටමකට සංතෘප්ත කරගන්ඩ පුලුවන්නම්.... නැද්ද බට්ටො?

    ReplyDelete
  4. නැතුව නැතුව මතෝ....... හරියටම කිව්වා

    ReplyDelete