8/31/2013
UNION කාරයා
නිදි නොලද රැයක් ගැන
ගතු කියන රතු දෙනෙත,
වරද දුටු තැන නැගෙන
අභීත විරු නද නින්නාද,
සොයුරු පැණ,ඇදුරු බස්,
මේඝයකි, නිම නොවෙන,
සුදු කමිස සාක්කුවෙ ඉකිබිදින....
අම්මාගේ ලියුම.......................
09 කොමළි
8/24/2013
ගණිකාවකට පෙම් බැදීම, ලැජ්ජාව හා මන්ත්‍රීතුමා ..........
වාසනාවත් කල්
අවාසනාවත් කල්
ලෙඩ දුකේ හා සුව සැපේ
එකට ඉන්නට
දුන් පොරොන්දුව
ගිණි තබා ඇය
යන්න යනු ඇත
වෙන කෙනෙකු හා
සොයා උණුසුම
ගිරිය පුප්පා
අඩිය හප්පා
"ලැජ්ජා" නැතිදැයි
ඇසුවේය
අප්පච්චි මගෙන්..........
"ලැජ්ජා"
ඒ මොකටදැයි
ඇසුවෙමි මමත්
"අප්පචි ගැහුවේ මෙවරත්
කතිරේ ගරු මන්ත්‍රී තුමාටම........."
08 ඔටුවා
ප.ලි. සමස්තය දකින්නට ආරාධනා ................
අවාසනාවත් කල්
ලෙඩ දුකේ හා සුව සැපේ
එකට ඉන්නට
දුන් පොරොන්දුව
ගිණි තබා ඇය
යන්න යනු ඇත
වෙන කෙනෙකු හා
සොයා උණුසුම
ගිරිය පුප්පා
අඩිය හප්පා
"ලැජ්ජා" නැතිදැයි
ඇසුවේය
අප්පච්චි මගෙන්..........
"ලැජ්ජා"
ඒ මොකටදැයි
ඇසුවෙමි මමත්
"අප්පචි ගැහුවේ මෙවරත්
කතිරේ ගරු මන්ත්‍රී තුමාටම........."
08 ඔටුවා
ප.ලි. සමස්තය දකින්නට ආරාධනා ................
8/20/2013
එක වගේ කවි පහක්........
සැන්දෑ අවර ගිර බැසයන හිරු සේම.
රන්දා අඳුරු සෙවනැලි සිත තුල බෝම.
මන්දෑ නුඹ ගියේ වෙනතක රහසේම.
සැමදා දවස ගෙවියන් සිත සතොසේම
~06 ඔල්මා
දිගුකල් තුටින් හිටපන් මට එයම ඇති
කුමරිය මාහට පැරදුනු පෙම් සිහින ඇති
සිය හිමි සමග පතිනිව වැජබියන් නීති
~07 මාටියා
පුන් සද අහිමි සද මා සිත් පතා සිටී
සිත් තුල කිසිත් නැත නුබ වෙත තරහ බැදී
සුන්දර සිහින පුබුදන හෙට දිනට දිලී
පෙම්බර සද වෙයන් ඔහු ලොව එලිය දිදී
~08 ඔටුවා
නෙතුපියන් වසා, මුව නගා හසරැලි
මා දුටුව සිහිනයන්,
සැබෑවී ඇත මෙලොව
සැබෑවූ ස්වප්නයේ, නුඹ වෙනකෙකුන් සමග
මා හිදිමි නෙතු අයා,
ගයා ජය ගී නුඹට....
~09 ඩොකා
නැත නැත තරහ නැත කිසි දින නුඹට බැඳී
සිත සිත කලක් නුඹ වෙනුවෙන් සෙනෙහෙ පිදී
පත පත නුඹව නැති පෙරුමන් පිරුව විදී
අත හැර පතමි ජය නුඹ හට ඔහුට ලැදී
~11 සොමියා
නැත නැත තරහ නැත කිසි දින නුඹට බැඳී
සිත සිත කලක් නුඹ වෙනුවෙන් සෙනෙහෙ පිදී
පත පත නුඹව නැති පෙරුමන් පිරුව විදී
අත හැර පතමි ජය නුඹ හට ඔහුට ලැදී
~11 සොමියා
ප.ලි.
"එකවගේ කවි තුනක්" ලෙස මුලින් පළ කල බ්ලොග් සටහන "එක වගේ කවි පහක්" ලෙස සංස්කරණය කරන ලදී.
"එකවගේ කවි තුනක්" ලෙස මුලින් පළ කල බ්ලොග් සටහන "එක වගේ කවි පහක්" ලෙස සංස්කරණය කරන ලදී.
8/11/2013
මාවතේ ජීවිත ~8~ තැඹිලි මාමා
අතෝරක් නැති
මහ වැස්සට
සේදිලා ගිය
මග දෙපස.........
අදුර කැන්දූ
වැහි වළාවන්
මුවා කරවූ
නුබේ සිනහ වත......
පායාපන් අව් රැල්ල
පොඩි උන්ට
කවන්නට
බත් කටක් ...........
08 ඔටුවා
පලි: යලිත් මහා සමාජයට පිවිසීමි. මාවතේ හමුවන ඔබ මීලග නිමිත්ත විය හැක.
මහ වැස්සට
සේදිලා ගිය
මග දෙපස.........
අදුර කැන්දූ
වැහි වළාවන්
මුවා කරවූ
නුබේ සිනහ වත......
පායාපන් අව් රැල්ල
පොඩි උන්ට
කවන්නට
බත් කටක් ...........
08 ඔටුවා
පලි: යලිත් මහා සමාජයට පිවිසීමි. මාවතේ හමුවන ඔබ මීලග නිමිත්ත විය හැක.
6/24/2013
සඳවතිය සැඟව ගියාය........!!!!!!
මල්පෙති මත වැටුන මුතු මෙන් තුෂර කැට
හිරු දුටු සැමවිටම දිදුලනා සේම
ඔබ හා ගෙවෙන හැම නිමේෂයක්ම
ගුරුමව්නි
රුවන් මෙන් වටින බවනම්
සත්තමයි................
පාසැල් සමයේ
අවසන් කඩයිම ලංවෙත්ම
ඔබේ තුරුලේ
සිප්කිරෙන් නැහැවෙන්නට
වරම් ලැබූ මා
සැබැවින්ම පින්බරය.
පෑලදිග අහස් ගැබ සිසාරා
නේක රටා මවන හිරුකුමරු
සඳවතියට නැගෙන්නට ඉඩහැර
අවරගිරින් බැසයන්නා සේම
අපද මතු යම් දිනක
ඔබෙන් වෙන්ව
පිපීගෙන එන කෑලමල් වලට ඉඩ දී
විදුබිමෙන් සමුගන්නා මතු යම් දිනක
දෙනෙත් බොඳකරමින්
ඇදහැලෙන කඳුළු බිඳු කියාවී
ඔබ මගේ දෙවෙනි මව් බව
ඉතිං ගුරුමව්නි
ඔබ හා ගෙවෙන හැම නිමේෂයක්ම
සඳවතියේ
සුන්දරයි හැමදාම...........
එහෙත් ඇයට විදුබිමෙන් නික්මෙන්නට ප්‍රථම ඒ දයාබර
ගුරුමාණියන්ගෙන් කඳුලින් බර වූ නෙතින් යුතුව
තවත් එවන්ම වූ නෙතු දහසක් මැද සමුගන්නට සිදුවූයේ
කුරිරු වූ දෛවය ඒ සදාදරනීය ගුරුමවුන් ඇගෙන්ද,
ආදරනීය මෑණියන් මගෙන්ද වෙන් කොට ගත් නිසාය...............
මායා 10
6/01/2013
විශ්වයට යැවූ නිරීක්ෂණ වාර්තාව.......෴
නිරීක්ශක අංක එක,
තුන් වැනි ග්‍රහ ලොව,
පනස් හත් වැනි තරුව,
මන්දාකිනි අංක හත,
එකොලොස් වෙනි මන්දාකිනි පොකුර,
විශ්ව සමතුලිතතා අදිකාරිය වෙත,
පරීක්ෂණ අංක දෙකයි දෙකයි හත හා සබැඳේ,
පරීක්ෂණය හා සබැඳෙන අවසන් නිරීක්ෂකයා ලෙස වසර විසි දෙකක පරීක්ශන වාර්තාව මෙලෙස ආරම්භ කරමි.
මනුශ්‍ය වර්ගයා තුල පරිනාමයෙහි හෝ අන් කිසි පරිසර බලපෑමක් හේතුවෙන් ඇති වෙමින් පැවතුනු යම් කිසි පැහැදිලි කල නොහැකි සිද්දි දාමයකට පිලිතුරු සොයනු වස් අදි පාලිත තත්ව යටතේ,ත්වරනය කරන ලද පරිනාමිය පරිසර ලබා දෙමින් මූලික මනුශ්‍ය ජාන අමුද්‍රව්‍ය භාවිතා කර පරීක්ශන අංක දෙකයි දෙකයි හත ආරම්භ කල බව ඔබ සියලු දෙනාම දන්නවා ඇත.
පරීක්ශනය සිදු කෙරුනු චක්‍ර දස දහස් ගනන (ග්රහලොවෙ හැඳින්වීමෙන් 'වසර') මුලුල්ලෙ,නිරික්ශක පරම්පරාව එකතු කරගන්නා ලද දත්ත නිරික්ශනයෙන් ඔබ සියල්ල ගන්න ලද තීරනය සහ අවසන් නිරික්ශකයා වශයෙන් මම,ගන්නා ලද තීරනය සමාන වනු ඇතැයි සිතමි.
වසර විසි දෙකක මාගේ පෞද්ගලික නිරීක්ශන ලෙස,මා ග්‍රහලොව තුල දුටු සමාජය නිසි පියවර නොගත හොත් තව චක්‍ර බිලියනයකින් පමන මුලු විශ්වය තුලම ඇති විය හැක.
නමුත් පුදුමයට හේතුවක් ලෙස,මෙම ත්වරිත තත්ව යටතේද "මානව දයාව","ආදරය" හෝ "කරුනාව" වැනි මූලික මිනිස් ලක්ෂණ ජන සමාජයේ ඉතා කුඩා ප්‍රතිශතයක් තුල රැකී පැවතෙනු දැකිය හැක.
නමුත් සමාජයෙ බොහෝ ප්‍රතිශතයක් තුල මූලික වශයෙන් අපට පැහැදිලි කල නොහැකි ඌ "වෛරය","බලය පිලිබද ආශාව" හා "වංචාව" වැනි හැඟීම් බොහෝ සේ දැකිය හැක.
පසුගිය නිරික්ශක පරම්පරා විසින් හදුනාගත් පරිදි මූලික කේත සටහන් සහ පරිනාමික ද්‍රව්‍ය තුල වූ "පරිනාමික අප ද්‍රව්‍ය" මගින් මේවා පැහැදිලි කල හැක.
අවසන් නිරික්ශකයා වශයෙන් තවත් චක්‍ර දහසක් පමණ පරීක්ශනය පවත්වාගන යාමට මට උපදෙස් දිය හැකි වුවත්,තවදුරටත් මෙය පවත්වාගන යෑමේ ප්‍රතිඵලයක් නොමැත්තේ ,ග්‍රහ ලොවේ ඉතිහාසය,පරිණාමය සහ පැවැත්ම පිලිබද අප සතුව ඇති දත්ත,ග්‍රහ ලොවේ ඕනෑම අවසානයක් අප හට අනුමාන කල හැකි වීම නිසාය.
අවසන් නිරීක්ශක වශයෙන් මා පැමිනි නිගමනය වන්නෙ පරීක්ශනය හැකි ඉක්මනින් නිමා කර දැමීම සුදුසු බවයි.
මෙයට,
පලමු නිරික්ශක.
ලිව්වේ ---- අ.ජේ 10
ඡායාරූපය - http://www.hdwallpapers.in
5/13/2013
මගේ හිත නෑ මගේ ලඟ දැන් ඇගේ පස්සෙන් ගිහිල්ලා...
මා බලන්නට කවුද මන්දා මලක් අරගන ඇවිල්ලා,
ජීවිතේ ලඟ එමල තියලා ඇය කොහේදෝ ගිහිල්ලා,
හීනයක්දෝ අනේ මන්දා හිතට සැකයක් ඇවිල්ලා,
මගේ හිත නෑ මගේ ලඟ දැන් ඇගේ පස්සෙන් ගිහිල්ලා..
හිත අරන් ගිය සමනලිය ඈ ආයිමත් එන තුරු බලා,
මම හිඳිමි යෞව්වනේ දොරකඩ හදවතේ දොරගුලු නොලා,
දුර ඈත හිඳ පියාඹන්නට ඇයට සවිශක්තිය වෙලා,
මගේ හිත නෑ මගේ ලඟ දැන් ඇගේ පස්සෙන් ගිහිල්ලා..
හෙට උදේ හිරු නැගෙන විට ඈ මගේ ලඟ ඇතිදෝ බලා,
මමත් යනවා ඇගේ පෙරමග හෙලි කරන්නට මග බලා,
ජීවිතේ කල එලි කරන්නට අයට පාරක් පෙන්නලා,
මගේ හිත නෑ මගේ ලඟ දැන් ඇගේ පස්සෙන් ගිහිල්ලා...
අ.ජේ.'10
5/11/2013
සුළඟක් වී අප්පච්චිට හොරෙන් ඉගිලෙන්නෙ කොහොමද......?෴
මේක විචාරයක්ම නෙවෙයි. කියවල හිනා වෙන්න තියන දෙයක්. මේකට හිනා යයිද කියන්න දන්නේ නෑ. එත් කියවල බලන්න...
මේ ගීතය අහල තියනවද?
මේ ගීතය අහල තියනවද?
"සුළඟක් වී මං යනවා...
දුර අහසේ ඇවිදින්නට...
අප්පචි කොහොමද මං අල්ලන්නේ..."
දුවෙක්ගේ හීනය තමන්ගේ තාත්තට කිව්වම තාත්ත තමන්ගේ දුවට ආදරෙන් මෙහෙම කියනවා.
"අහසක් සේ දූ යන මග...
පුළුන් වලා අතුරනවා...
එහෙමයි මගේ දෝනි...
මං රැක ගන්නේ...
පණ වගෙයි මගේ දූ මං රැක ගන්නේ..."
කොච්චර ආදරණිය ගීතයක්ද?
එත් මේ ගීතයෙන් කියවෙන විදිහටම අද සමාජයේ දුවෙක්ව රැකගන්න පුලුවන්ද? එකට හොදම පිළිතුරත් හොයාගන තමයි මම ඔයාලගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවේ.
ඇත්තට ඒක "හරිම අමාරුයි". ගැණු ළමයෙක් රැක ගන්න එක අප්පච්චි කෙනෙක්ට කරන්න දැන් බෑ. හැමෝටම නෙවෙයි. සමහර අප්පච්චිලා ඉන්නවා ඒක ගානට කරන. ඒත් අඩුයි. ඇහේ මූණේ තියාගන හැදුවත් කරන්න අමාරු වැඩක් තමයි ඒක.
ඇයි මම එහෙම කියන්නේ?
ඇයි මම එහෙම කියන්නේ?
මේ ගීතය අහල තියනවද?
"අප්පච්චි ළඟ හිටියා...
නැද්දෝ අයියා දුටුවේ...
හිනැහෙමි කියා මා සිතුවත් හොරෙන්...
දුක ඉවසාන පිටුපා ගියා...
සඳ එළියේම නොපෙනී ගියා..."
නැද්දෝ අයියා දුටුවේ...
හිනැහෙමි කියා මා සිතුවත් හොරෙන්...
දුක ඉවසාන පිටුපා ගියා...
සඳ එළියේම නොපෙනී ගියා..."
දැන් තේරෙනවා ඇති මම එහෙම කිව්වේ ඇයි කියල.
මේ ගීත දෙකම ගායනා කරන්නේ එකම දුව වීමත් ලොකු විශේෂයක්...!!!
ඉෆ් යූ නෝ වට් අයි මීන්...!
මෙන්න ඒ සුප්‍රසිද්ධ ගීත දෙක.....
සුළඟක් වී...
සුළඟක් වී මං යනවා.. දුර අහසේ ඇවිදින්නට
අප්පච්චී කොහොමද.. මං අල්ලන්නේ....
අහසක් සේ දූ යන මග...පුළුන් වලා අතුරනවා...
එහෙමයි මගේ දෝනි...මං රැක ගන්නේ...
පණ වගෙයි මගේ දූ.. මං රැක ගන්නේ...
මහ ගං වතුරක් වීලා.. හරි වේගෙන් මං ගලනවා..
ලොකු ගස් වැල් කඳු වැටි හෙම.. උදුරා පොළවට දමනවා..
අප්පච්චී කොහොමද.. මං වලකන්නේ...
මං මහ මුහුදක් වෙනවා.. දූ එනතුරු තනිරකිනවා
ආදරයෙන් මඟ බලනවා.. තුරුලට ගෙන සනසවනවා....
මං ළඟ නොවැ දූ... සැමදා සැනසෙන්නේ.....
මං බොරු තරහක් ගන්නවා.. ඇස් රතු වෙනකං අඬනවා..
තුරුළට අරගෙන සිටියත් නැළවෙන්නැතුවම ඉන්නවා..
අප්පච්චී කොහොමද... මං නළවන්නේ...
දූටත් වැඩියෙන් හයියෙන්.. එතකොට නම් මට ඇඬෙනවා..
දූගේ කඳුළු මං ගන්නවා.. දූ නැළවෙනකං අඬනවා...
මං ඇඬුවම දූ.... නොවැ මා නළවන්නේ...
සුදු ගවුමේ....
සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ..
දැන් නම් ඉතින් ගෙදරින් බනී නංගෝ...
බොර ගං දියේ මල් යයි ඇදී..
අයියේ මගේ ගන්නයි ගියේ ඒ මල්...
ගං දෑල නම් නපුරුයි වගේ..
නාඩන් නගේ මං දැන් ලඟින් ඉන්නේ..
අයියා මගේ කවදත් හොඳයි..
සැමදා ළඟින් ඉන්නේ මගේ පණසේ...
පුන් පෝදා සෑ මළුවේ..මට පිටුපා ඔබ උන්නේ...
සිටියා බලා.. ඔබ හිනැහෙයි කියා..
දුටුවේ නෑ පියමං කරා...
සඳ එළියේම නොපෙනී ගියා...
අප්පච්චී ළඟ හිටියා.. නැද්දෝ අයියා දුටුවේ...
හිනැහෙමි කියා.. මා සිතුවත් හොරෙන්..
දුක ඉවසාන පිටුපා ගියා...
ඒ දුක් ගින්න හදෙහී දරා.....
ලිව්වේ - 10 වටුවා
5/10/2013
අතුරුදහන් වූ සෙබලෙකුගේ බිරිඳ
ගිනි මද්දහනේ සීතල පින්නේ
ඔබ ගැන මතකය වද දුන්නා
නිදිනැති දෙනෙතේ කදුලක් සිරවී
රැ තුන් යාමේ ඉකි බින්දා
කලුවර අහසේ තරුකැන් අතරින්
ඔබ නැග ඒ යැයි මම උන්නා
අද දින නාවොත් හෙටවත් ඒ යයි
පෙරමග බලමින් දින ගැන්නා
යුද්ධය නිම වී ගම රට ආ උන්
ඔබ මිතුරන් දහසක් උන්නා
සැමටම අමතක ඔබගේ මතකය
මා සුසුමන් සිරකර සිත බින්දා
08 සොබා
ප.ලි.
පෙර සබැදි
නිදිනැති දෙනෙතේ කදුලක් සිරවී
රැ තුන් යාමේ ඉකි බින්දා
කලුවර අහසේ තරුකැන් අතරින්
ඔබ නැග ඒ යැයි මම උන්නා
අද දින නාවොත් හෙටවත් ඒ යයි
පෙරමග බලමින් දින ගැන්නා
යුද්ධය නිම වී ගම රට ආ උන්
ඔබ මිතුරන් දහසක් උන්නා
සැමටම අමතක ඔබගේ මතකය
මා සුසුමන් සිරකර සිත බින්දා
08 සොබා
ප.ලි.
පෙර සබැදි
5/08/2013
සදා ඔබමයි මගේ ආලය
සිහින් වැහි පොද ඇදහැලෙන විට
සියොත් ගී නද මැකී යන විට
ලොවම ගණඳුර වසා සිටි විට
ඔබයි ආවේ මගේ හද වෙත
සියොත් ගී නද මැකී යන විට
ලොවම ගණඳුර වසා සිටි විට
ඔබයි ආවේ මගේ හද වෙත
පෙමින් මා සිත වසඟ කළ ඔබ
සිහින් ස්වරයෙන් ගයන විට මට
නොහිම් උනුහුම දැනේ සුසුමක
හෙමින් ඇවිදින් වෙලෙයි මා සිත
සිහින් ස්වරයෙන් ගයන විට මට
නොහිම් උනුහුම දැනේ සුසුමක
හෙමින් ඇවිදින් වෙලෙයි මා සිත
ඔබේ පහසින් පිබිද කවි සිත
හැඟුම් පොබයයි මගේ තෙලිතුඩ
ඔබේ මුවගේ සිහින් සිනහව
සනසවයි මා දී සහන් සුව
හැඟුම් පොබයයි මගේ තෙලිතුඩ
ඔබේ මුවගේ සිහින් සිනහව
සනසවයි මා දී සහන් සුව
වසා දෙනයන මවා ඔබෙ රුව
සිනාසෙමි මම ඔබේ අබිමුව
පතා සෙනෙහස ඔබේ පාමුල
සදා සැනසෙමි මගේ දෙව් ඔබ
සිනාසෙමි මම ඔබේ අබිමුව
පතා සෙනෙහස ඔබේ පාමුල
සදා සැනසෙමි මගේ දෙව් ඔබ
සතුට ඔබ වෙත ගෙනත් දෙන්නම්
සෑමදා ඔබ ලඟින් ඉන්නම්
සිහින් ස්වරයෙන් ගී ගයන්නම්
නමුත් කිසිදා හැර නොයන්නම්
සෑමදා ඔබ ලඟින් ඉන්නම්
සිහින් ස්වරයෙන් ගී ගයන්නම්
නමුත් කිසිදා හැර නොයන්නම්
09 පබා
5/07/2013
5/05/2013
වචනයට කියමු අපි ඇයට "ගණිකාව " කියා
මහලු වී හිරු කිරණ
විඩා බර සිත් ඇතිව
මහා මුහුද කෙළවරක
ගිලී ගියා නිහඩවම......
කොළොම්තොට තෙත් කෙරූ
වියලි දුහුවිලි සුළග,
අතර එක් නෙතු දෙකක්
සොයනවා සොයනවා,
තවත් නෙත් යුවලයක්
නවතින්න සිත් ඇති ......
තුහ් නොදොකින් මෙලෙස,
කෙලගසා රවාගෙන
තවත් උන් යන්න යයි,
කිහිල්ලෙහි රුවාගෙන
"සදාචාරය" "සදාචාරය"....
අහෝ පිං නොකළ මල්
මාවතේ පිපී ගිය ,
හිනැහේද උන් නුබට
පිපුණි නම් උයන් කොණ
කෙල හලා තලු මරා
රොන් ගන්න එයි බඹරු,
රාජපුරුෂයන් රකින
මහා රජුගේ උයන් වෙත,
හප හපා "සදාචාරය" .......
තවත් එක් පැණයකි,
අවසානයට මත්තෙන්ම
කෙලෙස කවනට පුතුට,
තම්බලා නිසි පදම
"සදාචාරය" "සදාචාරය"...?
ඔටුවා 08
පලි
පෙර සබැදි ගණිකාව, කාන්තාව හා අපේ සංස්කෘතිය
සංවාදයට විවෘතයි
5/03/2013
නිවන් පුරට වැඩපන් අම්මේ...
අහසට බර මහ වැහි වැටෙනා සඳ
නුඹ සිහිපත් වී මයෙ අම්මේ..
සීතල කඳුලැලි හඳවත අතරින්
බර වී වැටුනා බෝ වාරේ…
නිසසල සිතිජය බොර පැහැ ගැන්වී
අතීත සෙවනැලි මැවී පෙනේ
ඒ සෙවනැලි වල නුඹෙ මුදු සෙනෙහස්
සුවදේ ඉකියක පහස දැනේ…
කවුරුත් නැති රළ වෙරලත සිපගෙන
කෑලි කැඩී පෙන නගනු පෙනේ
කොලොම් තොටට වැටි අවසන් අව් රැල්
වියැකීගන යයි මගෙ අම්මේ...
කල්ප ගණන් දුන් සීනෙහස දැන් ඇති
තනි වෙන්නම් මා මතු දවසේ
තුරුලත උණුසුම එපා තවත් මට
නිවන් පුරට වැඩපන් අම්මේ...
07 මාටියා
නුඹ සිහිපත් වී මයෙ අම්මේ..
සීතල කඳුලැලි හඳවත අතරින්
බර වී වැටුනා බෝ වාරේ…
නිසසල සිතිජය බොර පැහැ ගැන්වී
අතීත සෙවනැලි මැවී පෙනේ
ඒ සෙවනැලි වල නුඹෙ මුදු සෙනෙහස්
සුවදේ ඉකියක පහස දැනේ…
කවුරුත් නැති රළ වෙරලත සිපගෙන
කෑලි කැඩී පෙන නගනු පෙනේ
කොලොම් තොටට වැටි අවසන් අව් රැල්
වියැකීගන යයි මගෙ අම්මේ...
කල්ප ගණන් දුන් සීනෙහස දැන් ඇති
තනි වෙන්නම් මා මතු දවසේ
තුරුලත උණුසුම එපා තවත් මට
නිවන් පුරට වැඩපන් අම්මේ...
07 මාටියා
4/11/2013
තුන් ඈදුණු කතාවක් ~1 කොටස ~ ඒකනායක මාමාගේ කතාව
ගාලු මුවදොර පිටිටියම හිරු රැසින් නැහැවී ඇත්තේය. මධ්යහන්න තරමටම හිරුරැස් ප්රචණ්ඩ නැතත් සෙවනක් නොමැති නම් හිරුරැස් සම විනිවිද යන්නේය. ඒකනායක මාමා ගාලු මුවදොර පිටියේ කෙළවරක ලේන්සුව එලා ඈත ක්ෂිතිජය දෙස හිස් බැල්මෙන් බලා සිටී. දහවල තිබු උද්ගොෂණයේ වෙහෙස ඔහු වෙලා තිබුණි. කොළඹ පැමිණි සෑමදාම ගලුමුවදොරට පැමිණීම ඒකනායක මාමගේ සිරිත විය. ඒකනායක මාමා දුම්රිය නියමකයකු ලෙස සේවය කර තිබුණි. 80 ජූලි වර්ජනය ඔහුට රැකියාව අහිමි කළේය. දහවල් පැවති උද්ගොෂනයත් 80 වර්ජයින්ගේ ඉල්ලීම් දිනාගනු සදහා දියත්ව තිබුණි.
කොටුව දුම්රියපොළ ඉදිරිපස හඩ නැගු වයෝවෘද උද්ගොෂකයින් දෙස කවුරුත් බලා සිටියේ පුදුමය මුසුවූ අනුකම්පාවකිනි යි ඒකනායක මාමාට සිතේ. වසර තිහකට පෙර තමන් රත්මලාන දුම්රිය වැඩපොලෙහි ඇරැඹී සටනට සක්‍රීයව සම්මබන්ද වූ අයුරු ඔහුගේ සිතේ මැවෙන්නට වන. සටන් පාඨ කියමින් අරලියගහ මැදුර වෙත ගමන් කල අයුරු ඔහුට හොදින් මතකය. දිනක වැටුප රු 10 කින් වැඩිකරනු සටනේ මුලික සටන් පාඨය විය. මාර්ගය හරහා වැටුණු පොලිස්
(ඡායාරුපය 2012 අගෝස්තු 12 දින 80 ජුලි වර්ජකයින්ගේ උද්ගෝෂණය infolanka.com)
මාර්ග බාදක බිද දමමින් ගමන් කල අයුරු ඔහුට මතකය. කොල්ලු පිටිය මංසන්දියේදී පොලිස් බාදකය බිදිද්දී තමන්ට බැටන් පහර එල්ල කල පොලිස් නිලධාරියාව තල්ලුකර තමා බේරා ගත් රාමචන්ද්‍රන් අද ඔහු සමග නැත. රාමා අද තමන් සමග සිටියේ නම් අද දහවල් එල්ල වූ බැටන් පහරිනුත් තමා ගලවා ගන්නා බව ඔහුට සිකුරුය. රාමා ඒ තරමටම ඒකනායක මාමාට හිතවත්ය තමන් සමග එක්ව සටන් කල රාමටද රැකියාව අහිමි විය. රැකියාව වෙනුවෙන් සටන් කල රාමා, පසුව ජීවිත සටන වෙනුවෙන් පිටකොටුවේ පොල්තෙල් කඩයක සේවය කළේය. 83 කළු ජූලියේ රාමාට ජීවිතයත් අහිමි විය. රාමාට අවසන් ගමනක් කියා යමක් තිබුනේද නැත. ඔහු වැඩ කල කඩය සමගම ඔහුව පුළුස්සා මරා දමා තිබුණි. රාමගේ බිරිද පුත්‍රයන් දෙදෙනාත් සමග යාපනයට ගියේය. අදද ඔවුන් ගැන තොරතුරක් නැත. රාමගේ මතකය ඒකනායක මාමාගේ ඇස අගින් එලියට එමින් තිබුණි.
රැකියාව අහිමි වනවිට ඒකනායක මාමාගේ පුතුන් දෙදෙනා පාසැල් යමින් සිටියෝය. ඔවුන් වෙනුවෙන් මාමා කරවල මල්ලක් කරතියාන කොළඹ පිටකොටුවේ කරවල වික්කේය. පුතුන් දෙදෙනා යන්තම් වැඩී උසස් පෙළ සමත් වුවද පියාගේ දේශපාලනය නිසා රැකියාවක් නොලද්දෝය. ඒ අතර ඒකනායක මාමා ගේ බිරියද මෙලොව හරගියාය. අද මාමා ගේ පුතුන් දෙදෙනා විදේශයක සේවය කරයි. මාමා වැඩිමහල් පුතාගේ නිවසේ ලේලියත් මුනුපුරනුත් සමග සිටියි.
ඒකනායක මාමා කරවල විකුණමින් ජීවිතය ගැට ගහගත්තත් එසේ කල නොහැකි වූ, බණ්ඩාර ද මාමාද සමග එකම වකවානුවක දුම්රිය දෙපාර්තමෙන්තුව එක වූහ. ඔහුගේ ගම්පලාත නුවර කිට්ටුව බව මාමාට යන්තමින් මතකය. රැකියාව අහිමිවීමෙන් පසු බණ්ඩාර නොවිදිනා දුක් වින්දේය. ඉඩකඩම් විකුණා තම එකම පුත්‍රයාට ඉගැන්වූයේය. එහෙත් පුතාගේ අතුරුදහන් වීමෙන් පසු බණ්ඩාර ගෙ සිහිය විකල් විය. ඔහු පාරක් පාරක් ගානේ තම පුතු සෙවීය. අවසානයේ රත්මලාන අසල ප්‍රදේශයකදී ඔහු ජීවිතය දුම්රියට බාරකළේය. බණ්ඩාරගේ බිරිය කලක් මහමග සිගමනේ යෙදී සිටී අතර දැන් ඇයත් මියගොස් ඇතියි මමට සිතෙයි.
80 වර්ජනයේදී රතු හිස්වැසුම් පැළඳ ඉදිරියෙන් ගිය නායකන්ට එකනයක් මාමා තුල වූ භක්තිය රැකියාව නැතිවීමෙන් වුවද බිදකිනුත් අඩු නොවුනි. මාමා පසුව පැමිණි සෑම මැතිවරණයකදීම ඔවුන්ගේ ජය වෙනුවෙන් වෙහෙසුනේ, තමුන්ගේ රැකියාව නැවත ලබාගන්නවාට වඩා තම ප්‍රතිපත්ති වෙනුවෙනි. "ප්‍රතිපත්ථි කන්නද උබේ දේශපාලනෙන් අයින් වෙලා වරෙන් ලොකු එකාට ජොබ් එකක් හදල දෙන්නම්", මැම්බර් මහත්තය කියනවා ඒකනායක මාමාට මතකය. ප්‍රතිපත්ති වෙනුවෙන් මාමලා කැපවුණේ එහෙමය. එහෙත් එදා මාමල සටනට කැදවු නායකයන් අද රට පාලනය කරන විටත් මාමලට සලකන හැටි මතක වනවිට, එදා සෝමපාලට වැදුණු වෙඩි උණ්ඩය මට වැදුනානම් යයි මාමාට සිතේ. දහවල් බැටන් පහර එල්ල වූ විට සටන් සගයෙක් තරුණ පොලිස් බටයෙකුගේ අතින් අල්ලා කියා සිටියෙද එයමය. ඒකනායක මාමලාගේ දහදියෙන්, බණ්ඩාරලාගේ පුතුන් ගේ හිස නැති මළකඳන් වලින්, රාමචන්ද්‍රන් ලාගේ ලේ මතින් බලයට පැමිණි අයත් ඔවුන්ව රවටා තුබුණි. එහෙත් මාමාට ජීවත් විය යුතුව ඇත ඒ මාමාගේ ලොකු මුනුපුරා පසුදින පාසැල් රැගෙන යාමටය. මාමලාට කල හැක්කේද එයම පමණි ඒ වෙනුවන් මාමා ලේන්සුව ගාසා නැගිට බස්නැවතුම වෙත පිය මැන්නේය.
ගාලුමුවදොර පිටිය සවස ව්‍යායාම සදහා විවර වෙමින් පැවතුනි පැරණි පාර්ලිමේතු ගොඩනැගිල්ල ඉදිරිපස සිටින ගල් පිලිරු මහා සයුර දෙසට අත වනමින් තමාට ඔරවනු මාමාට පෙනිණි.
සුභාෂ් (ඔටුවා _ 08)
3/24/2013
3/23/2013
සරසවි දිවිය ......
ඇද කබල් දෙක උඩ
රෑනක් නිදාගෙන
චිරි චිරි ගාන පුටුවත්
තව වැඩිකල්
ජීවත් වෙන එකක් නැහැ
ඉක්මනට රෑ ගෙවීයන්
එත් ......
ඉක්මනට උදේ වෙන්න එපා
මුළු floor එකටම ඉතුරු උන
sunlight සබන් කෑල්ල
උජාරුවෙන් බලා ඉන්නවා
අරගෙන මුණේ උලනකන්
ඊටත් වඩා පානුයි පරිප්පුයි
බිම් නිදාගන්න එක සැපයි
අම්මව වත් හීනෙන් පෙනෙයි නේ
08 සුඩයා
3/16/2013
සමුගැන්මට පෙර ........
image - E /08 batch-hike 16-01-2010 @ හන්තාන
පුරා සිව් අවුරුදු මතකයෙන්සමුගැන්මට සිදුව ඇත අප සැමට
සුන්දර මේ පින්බිම
හන්තාන කදුවැටිය
නිහඩව ඇත හතර දෙසින්ම
කදුලට සිනහව එක්කල
සුසුමට ජීවය මුසුකල
ගමනට අත්වැල දිගුකල
දයාබරවූ සොයුරු කැලක්
හිතාදරවූ මිතුරු කැලක්
වෙන් වේවි අද දින
වාරු නැති දෙපයින්ම
සිවු වසකට එපිටින් ඇතිවූ
මිතු දමින් වෙලී සිටින
අප සැවොම
කදුළු රැදී නෙත් වලින්
සමුදෙවී අද දිනේ
එදා කියූ රස කතා
එදා නැගු සිනහ හඩ
අද සවන් ඇසෙනු නැත
නමුත්
අප ඔබ සැම කියූ කෙරුසැමදේ
සදාකාලික වේවි නොවේද හද තුල
හැමදාම
දයාබරවූ අදුරු මඩුල්ල
සුන්දරවූ මතක සැම
හෙට දිනේ සැගවේවි
යලිත් හමු නොවන ලෙස
අද දිනේ වෙන් වුනත්
මතු දිනක අයෙමත්
යලිත් අප හමු වේවි
එනමුත්
බැදුණු මෙ මිතුරු දම
සදාතනික වූ සොයුරුදම
රදෙවිද අප හදේ
එදාටත්
මෙලෙසින්ම
08 කැකිරි
3/10/2013
1st year එකේ එක සවසක්.......
එය එකතරා සන්ධ්‍යාවක් විය. නැත ..... , එය සුවිශේෂී සන්ධ්‍යාවක් වුයේය. විභාගය දෑස් මානයට පැමිණ
අත වනද්දී පළමු සමාසිකයේ අවසන් දේශනය නිමවී, අපේ සගයන් නේවාසිකාගාරයට ඇදෙන්නට වන.
ඉංජිනේරු පීඨයේ සිට අක්බර් ශාලාවට ඇති විනාඩි පහක විරාමය යකඩ මෙන් ගිනියම් වූ හදවතට ,
කලබලකාරී මනසට ගෙනෙන්නේ කවර සැනසීමක්ද?. එහෙයින් අක්බාර් ශාලාව වෙත නොගොස්
පේරාදෙණි - ගම්පොල මාර්ගය තරණය කලේ එයින් සති පහළොවකට පෙර හන්තාන අඩවියට පයගැසූ
දිනයේ සිතේ තිබු සැහැල්ලුව මනසට ආරෝපණය කර ගනිමිනි.
ගගෙන් එහාට යන මාවතේ මහා වනස් පතීන් අතර ඇවිද යන පුංචි මිනිසාට එහි හඬ රාවය ජීවිතේ
මුල්ම වරට ඇසෙන්නට වන. අක්බර් පාලම මත සිට සමදා දකින මහවැලිය, විභාගයේ බාරද රැගෙන
පල්ලම් බසින බව මේ පුංචි මිනිසාට දැනුනි. පේරාදෙණිය සරසවිය තැනුණු දින සිට එහි ආගිය උන්ගේ
ජීවිතයේ දුක් කඳුළු සටුතුසිනහවන් මහවැලි කොමලිය දකින්නට ඇති. එවන් වූ කුලකයකට අද මමත්
අයත් බව දැනෙන කල හදවතට දැනෙන උද්දාමය හන්තාන මුදුනේ රුපවාහිනී කුලුනටත් වඩද් ඉහලට
නැග තිබුණි.
හදවතට දැනෙන දුක , ඇස් කෙවෙනි තුල සගවාගෙන දෑස විදහා සිනාසෙන සරසවි මානව මානවිකාවන්
අත්වැල් බැඳ , පයගසා සිටින ලොවෙන් නික්ම , තුරුසෙවනකට වී උනුන් තනන්නට වෙර දරන ලෝකය
එකිනෙකාට කොදුරා කියද්දී , සරසවියේ පොළොන්නරුවේ ගල්කුලකට වී ජීවිතය විමසනට විය.
ඉර හඳ නොදක පුරා වසර දෙකක් උසස් පෙළ සමග ගැටී ඉන් සමත් වන පිරිසට මෙන්ම සරසවි වරම්
ලබන්නට පින් ලද පුංචි පිරිසට එක්වූ තවත් එක් ශිෂ්‍යයෙක්, පුරා වසර හැටක් රටක් ලෝකයක් ගොඩ නැගු
ඉංජිනේරු පීඨ සාරකෙතේ කෙතේ වැපිරූ තවත් එක බීජයක් , ජාතියට මග කියූ උපන් බිමේ ගෞරවය
සුරැකි පේරාදෙණි පුණ්‍ය භුමියේ ඊයේ පැමිණ ගිය, අද සිටින , හෙට පැමිණෙන්නට පෙරුම් පුරන පරපුරට
තව තවත් බෙදන්නට සෙනෙහසේ සිසිලස සරසවි මාතාව තුල තව තවත් ඕනෑ තරම් බව, ඔහුගේ සිතේ
මැවෙන්නට වන.
පේරාදෙණි සරසවි බිමේ එදා මේද තුර ඇවිද ගිය , එදා සරසවියේ සුවද විද, ඉංජිනේරු විද්‍යාව උගත් මිනිසුන්
අතරට එක්වන්නට වෙර දරන තවත් සරවසි මානවකයකු සරසවි මාතාව තුල ජීවය ලැබූ සන්ද්‍යාව රාත්‍රියකට
පෙරලි තිබුණි. සවස හිරු බැසගොස්, රාත්‍රී අන්ධකාරය මත විභාගයේ සෙවනැල්ල පතිත වන බ දැනුනි. ඉතින්
යලිත් අක්බාර් ශාලාව වෙත.
ඔටුවා_08
ප.ලි.
EngEx 2010 ප්‍රදර්ශනයේ සමරු කලාපයට පළමු වසරේ ලද සත්‍ය අත්දැකීමක් ඇසුරින් සකසන ලදී. සරසවි ජීවිතයේ අවසන් සමාසිකය ආරම්භ වන්නට ආසන්නයේ ආපසු හැරී බැලීමකදී පොත් අතර තිබී හමු වුනි. යම් කරුණු බොළඳ බවක් දැනුනද ඒවා ඉවත් නොකළේ වසර 3 කට පෙර පළමු වසරේ සිසුවාට අද අවසන් වසර සිසුවාගේ සිතුවිලි වලින් බලපෑමක් වේ යයි සිතුනු නිසාය .
2/28/2013
වෙනසක අරුම...............
දඟකාර සිනහවක්
නෙත් අසල නටබුන්වෙලා
අරුත්බර සිනහවක
සෙයාව පිබිදිල
මල් මාවතේ සැරූ
සමනල්ලු මියැදිලා
දඟකාර මල්සමය
නොකියාම නික්මිලා
තුරුලු කල පොත් මිටිය
ගෙයි කොනක තනිවෙලා
උදේ පිපි පොහොට්ටුව
ලැම අසල තනිවෙලා
මවගේ ඇකයේ නිදන
පුංචි පුත ගුලි වෙලා
මා මිතුරි මා සොයුරි පෙරදිනක
අද නුබට මව් වෙලා
ඔටුවා_08
2/24/2013
මිනිසත්කම............
සකල සිරියෙන් පිරුණු
ඉසුරුමත් මුදු බිමක
ශුද්දවූ මෘගයන්
අසිපතින් සිදහෙලු
පෙර දිනක සැදෑවක
බෝ සුසුම් හිර කරන්
සුසානේ කෙළවරක
වල දැමු මිහිරියාව
සිහිවටන කිසිත් නැත
ගල්පුවරු මත ඇදුනු
මතක සැමරුම් නොමැත
ඉටිපහන් මල් පිදුණු
යදම් ලා සුළි සුළග
වියලුවා මහා සයුර
පුපුරවා ගිරි අරණ
ඇවිදිනා ගල් පිලිරු
නෙත් කොනක යම් දිනක
මතු වුනොත් කදුලු බිදු
සිත් කොනක මතුවෙය
මරාලූ මිනිස් කම
ඔටුවා_ 08
Subscribe to:
Posts (Atom)

.jpg)















